සිරි ලංකාව යනු ප්‍රශ්න පත්තරයකි. ඒවාට උත්තර දීමට විභාග කොමසාරිස්ටවත් පුළුවන්කමක් නැත. මේ රටේ හැම ප්‍රශ්නයකටම වාගේ උත්තර තිබෙන්නේ පිටරටවලය.

 

සිරි ලංකාව ස්වභාවික සම්පත්වලින් පිරුණු දිවයිනකි. ගංගා, ඇළදොළ, කඳුහෙල්, ගහකොළ සතා සීපාවා ඕනෑ තරම්ය. එහෙත් බොහෝ විට ඒවාද අපට ප්‍රශ්න ගෙන දෙයි.

 

නිදසුනක් හැටියට සිරිලංකාව වැනි කුඩා රටකට ආභරණයක් විය යුතු අලියා, අපට ප්‍රශ්නයකි. එය හැඳින්වීමට 'අලි-මිනිස් ගැටුම' යනුවෙන් යෙදුමක්ද දැන් භාවිතා කෙරේ.

 117595063 01

රිළවා, මොණරා, ඉත්තෑවා, වල් ඌරා, දඬුලේනා වැනි සතුන් ද අපට හිරිහැරයකි.

 

අනෙකුත් ප්‍රශ්නවලට වගේම, මෙම සත්ව කරදරවලටද තිරසාර විසඳුම් නොලැබේ. රිළවා, එක් ප්‍රදේශයකට කරදරයක් වූ විට, උන් අල්ලා ගොස් වෙනත් ප්‍රදේශයකට මුදාහැරේ. එවිට ඒ ගම්බිම්වල ජනයා උද්ඝෝෂණය කිරීමට පටන් ගනිති.

රිළා ප්‍රශ්නයටද පිටරටින් පිළිතුරුක් ලැබෙන පාටක් තිබේ.

මෑතකදී පුවත්පත්වල පළවූ පුවතකට අනුව චීනයේ සත්ව උද්‍යාන දහසකට පමණ සිරි ලාංකික රිළවුන් ලබාගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්ද පත් කිරීමට යයි.

 

chinese and sri lanka monkey business

මේ රිළා අපනයනය පිළිබඳව විවිධ මත මතුවෙමින් පවතී. වඳුරු පවුලටම අයත් වන රිළවා සිරිලංකාවාටම ආවේණික සත්වයකු බව බොහෝ දෙනා නොදනී. දහස් ගණනින්, රිළව් රට පැටවීමට ගියොත් අනාගතයේදී අපට රිළවකුවත් නැතිවී යාමටත්, අපේ රිළව් බැලීමට රට යාමටත් සිදුවීමට ඉඩ තිබේ.

 

රිළවුන් රට පැටවීමට යන්නේ මසට දැයි සමහරුන්ට සැකයක් පහළ වී ඇත. ඕනෑම මසක් කන රටවල්ද ලෝකයේ ඇති හෙයින් රිළා මසටද හොඳ ඉල්ලුමක් තිබිය හැක.

පරිසරවේදීන් විරුද්ධ වුවත්, මේ රටේ ගොවි සංවිධාන නම්, රිළවුන් රට යවනවාට බොහෝ සතුටුය. මෑතකදී  ඒ පිරිසට, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාද එක්විය. ඊට බලපෑ ආසන්නම හේතුව වූයේ, එතුමාගේ ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතනය රිළවකු විසින් පැහැරගෙන යාමය.

monh

තමන්ට සිදුවූ පාඩුව ගැන කතා නොකරන නගරාධිපතිතුමා පෙන්වා දෙන්නේ, රිළවුන් රට පැටවීමෙන් රටේ කෘෂි ආර්ථිකයට වන පාඩුව මඟහරවා ගත හැකි බවය.

දුරකතනය පැහැරගත් රිළවාගෙන් එතුමාට ඇමතුමක් ලැබුණේද නැද්ද යන්න ගැන තවම ආරංචියක් නැත. ඒ කෙසේ වෙතත්, දැන් කාලේ රිළවකුටවත් ජංගම දුරකතනයකින් තොරව ජීවත්විය නොහැකි බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

රිළවා නැටුමට දක්ෂයෙකි. රිළවාට නැටුම් පුහුණු කරන්නේ අහිගුණ්ඨික ජනයාය. රිළවුන්ගේ උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම් නොදුටු කෙනෙක් මේ රටේ නැති තරම්ය.

x720

රට පටවන රිළවුන් සමඟ සිරිලාංකික පුහුණුකරුවකුත් යැවීමට හැකි නම්, ඒ මගින් දහස් ගණනකට රුකියා අවස්ථාද උදාවනු ඇත. රිළා ගැටුම් පුහුණුව සඳහා පාඨමාලා පැවැත්වීමෙන් අහිගුණ්ඪික ජනයාටද හොඳ ආදායමක් ලබාගත හැකිය.

අපේ ඉතිහාසයේ දැක්වෙන අන්දමට නම්, මේ රටින් පිටරට යැව්වේ අලි-ඇතුන් පමණි. ඒ වෙනුවට අපට ලැබුණේ අශ්වයන්ය. අලින් සමඟ ඇත්ගොව්වකුටද නැව් නැගීමට අවස්ථාව ලැබුණි.

81rpjPTaeL. AC UF10001000 QL80 නුහුරු දේශගුණය හා කෑම බීම නිසා, එසේ රට ගිය අලි ඉක්මනින් මරු දුටහ. ඉන්පසු තනි වූ ඇත්ගොව්වන්ට සිදුවූයේ ඒ රටවලම බින්න බැසීමටය. එබඳු සිදුවීම් අළලා පෘතුගීසි ගත්කරු හෝසේ සරමාගෝ විසින් 'The Elephant Journey* නමින් නවකතාවක්ද ලියා ඇත.

සිරිලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුමක් වශයෙන්, වල් අලි ද, පිටරටට විකුණා ගැනීමට කටයුතු කළ හැකිය. එය ඩොලර් හිඟයටද විසඳුමකි. රිළවුන්ට වඩා, අලි ඇතුන්ට හොඳ මිලක් ලබාගත හැකිය.

 

සමාජ ජාලා සාමාජිකයකු කියා තිබූ අන්දමට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වනවා වෙනුවට කිකිළියන්ම ආනයනය කළ හැකිය. හින්දි කිකිළියන්ට, සිරි ලංකා කුකුළන්ද බොහෝ ප්‍රියකරන බැවින් 'ඉන්දු - ලංකා සහයෝගිතා බිත්තර* සුලභ වීමටද ඉඩ ඇත.

 

මීට කලකට ඉහත ඉන්දියාව අපට අහසින් 'පරිප්පු' දැමීය. එවර හොඳහැටි දේශපාලනික බැණුම් අසාගති. එහෙත් මෙවර නම්, බිත්තර එවීම ගැන ඉන්දියාවට ලැබෙන්නේ පැසසුම්ය. විශේෂයෙන්ම කාන්තා පක්ෂයෙනි. ඒ ඔවුන් රටින් එන ඕනෑම බිජුවක් මුව තුළ රුවා ගැනීමට ප්‍රිය කරන බැවිනි.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - deshaya.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්