ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් සහ උපරිම මැදිහත්වීමක් ලබා දෙන,ශ්‍රී ලංකාව තුළ අඩු අවධානයක් සහ අවම මැදිහත්වීමක් ලබාදෙන විෂය ක්ෂේත්‍රයක් ලෙස විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සැලකිය හැකිය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකුගේ හෝ දරුවෙකුගේ ඉගෙනීම් හැකියාවන් සහ ඉගෙනීම් නොවන හැකියාවන් සාමාන්‍ය ජීවිතයට එක් කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමය විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය ලෙස සරලව හඳුන්වා දිය හැකිය.
විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය නම් විෂය ක්ෂේත්‍රය හෙවත් විෂය ධාරාව පෝෂණය කිරීමට මූලික වශයෙන් සංකල්ප හයක් බලපා ඇත.එම සංකල්ප
1.ඌනතාවය
2.දුබලතාවය
3.බාධිත බව
4.නිවාරණය
5.පුනරුත්ථාපනය
6.සමාන සහභාගිත්වය
ලෙස ඉදිරිපත් කළ හැකිය.
ඌනතාවය
මිනිසෙකුගේ කායික පද්ධතිය හෝ පද්ධති කිහිපයක හෝ ඉන් කොටසක පවතින අඩුව,හිඟය,වෙනස හෝ විකෘතිතාවය ඌනතාවය ලෙස අර්ථ දැක්විය හැකිය.
දුබලතාවය
යම් අයෙකුගේ ඌනතාවයක් නිසා සිය ක්‍රියාකාරීත්වයේ ඇතිවන නොහැකියාවඅපහසුතාවයකි.ක්‍රියාකාරීත්වය යන්න ශාරීරික,බුද්ධිමය,සංවේදී ඉන්ද්‍රීයය යන්න ඇතුළත් වේ .
බාධිත බව
පූර්ණකාලීනව තම පැවැත්ම තහවුරු කිරීම සඳහා අනුන්ගෙන් උපකාර ලබාගැනීමට සිදුවන තත්ත්වයකි.
නිවාරණය
වර්තමානය තුළ විවිධ විෂය ක්ෂෙත්‍ර තුළ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ලෙස නිවාරණය ඉදිරිපත් කළ හැකි වුනත් විශේෂ අධ්‍යාපනය තුළ නිවාරණය පිළිබඳ වෙනත් අර්ථ නිරූපණයක් ඇත.විශේෂ අධ්‍යාපනය තුළ නිවාරණය ප්‍රධාන වශයෙන් මූලික නිවාරණය සහ ද්විත්ව නිවාරණය ලෙස උප කොටස් දෙකකට බෙදේ.
1.මූලික නිවාරණය
ශාරීරික,බුද්ධිමය,මානසික හෝ සංවේදී ඉන්ද්‍රිය දුර්වල වීම් වැලක්වීමයි.එනම් ඌනතාවයකින් ජීවිතාන්තයම දක්වාම ඇතිවන දුබලතාවයන් වැළැක්වීමයි.
2.ද්විත්ව නිවාරණය
ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂාව පෝෂණය පිළිබඳ අධ්‍යාපනය වසංගත රෝග වැලැක්වීම මෙන්ම සංජානනීය රෝග වැළැක්වීම සඳහා විධිවිධාන යෙදීමයි.හදිසි අනතුරු වැළැක්වීමද ද්විත්ව නිවාරණයට අයත් වේ.
පුනරුත්ථාපනය
වර්තමානය තුළ විවිධ විෂය ක්ෂෙත්‍ර තුළ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ලෙස පුනරුත්ථාපනය ඉදිරිපත් කළ හැකි වුනත් විශේෂ අධ්‍යාපනය තුළ පුනරුත්ථාපනය පිළිබඳ වෙනත් අර්ථ නිරූපණයක් ඇත.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ශාරීරික,මානසික,බුද්ධිමය සහ සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධව පූර්ණ වර්ධනයක් ලබා ගැනීමටත් වර්ධිත තත්ත්වය එසේම පවත්වාගෙන යෑමට හැකියාව ලබාදී ඔවුන්ගේ ජීවිත වඩා ඵලදායි ලෙස හා ස්වාධීන අන්දමින් ගත කිරීමට ඉවහල් වන තත්ත්වයක් ඇති කර ගැනීමට අරමුණු කරගත් ක්‍රියාවලියකි.
විශේෂ අවශ්‍යතා සහිත අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සමාජයේ විවිධ අවස්ථා සහ සම්පත් භුක්ති විඳීමේ අවස්ථා ලබා දීමයි.සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවයන් සමාන වැදගත්කමින් යුක්ත බවත්, සමාජ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ පදනම ලෙස එකී අවශ්‍යතාවන් බෙදාගත යුතු බවත් සෑම පුද්ගලයකුටම සමාන සහභාගිත්වය ලැබෙන බව සහතික වන පරිදි යොදාගත බවත්ය.
(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
ලේඛකයාගේ වෙනත් ලිපි :
ශ්‍රී ලංකාව තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය - (ගීත් උබේසිංහ)
ජාත්‍යන්තරය තුළ විශේෂ අධ්‍යාපනයේ ඉතිහාසය - (ගීත් උබේසිංහ)
සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය අතර සබඳතාවය ! - (ගීත් උබේසිංහ)
කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)