ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩ සටහන් විවිධ අභියෝග හේතුවෙන් අර්බුදයට පත්ව ඇත.

LIRNEasia විසින් 10,000ක නියැදියක් භාවිතා කරමින් සිදුකරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ සමෘද්ධි මාසික වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ දුප්පත්ම 10%ට අයත් පවුල්වලින් 31%කට පමණක් බවයි; මේ අතර, ධනවත්ම 10%ට අයත් පවුල්වලින් 4%ක් ද සමෘද්ධිය ලබා ගත්හ (පවුලේ වියදම් අනුව නිර්වචනය කරන ලද දුප්පත්ම/ ධනවත්ම; රූපය 1).

gh 1

රූපය 1: වියදම් කරන ආකාරය අනුව දශමකය අනුව සමෘද්ධි ලබන්නන්ගේ පවුල් (දශමකයේ ප්‍රතිශතයන් ලෙස)
මූලාශ්‍රය: LIRNEasia (2023)
 
 
සමෘද්ධි වැනි යෝජනා ක්‍රම සඳහා වන නීත්‍යානුකූල සුදුසුකම් නිර්ණායකවලට මාසික ආදායම හෝ වියදම් ඇතුළත් කර ඇත. විශේෂයෙන්ම දෛනික වැටුප් ලබන්නන් සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් වැනි කණ්ඩායම් සඳහා ස්ථාවර වැටුප් නොමැතිකම හේතුවෙන් බොහෝ පවුල්වල සත්‍ය ආදායම ගණනය කිරීම අපහසු වේ. මේ හේතුව නිසා, මාසික මුදල් ලබාදීම් සඳහා සුදුසුකම් ලැබිය යුත්තේ කවුරුන්ද සහ නොලැබිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමේදී සමෘද්ධි නිලධාරීන්ගේ අභිමතයට වැඩි ඉඩක් මෙමගින් ලබා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන දේශපාලන වාසි වෙනුවෙන් යොදාගනු ලැබිණ.
“මම [එවකට] පාලක දේශපාලන පක්ෂයට වැඩ කිරීමට පටන් ගන්නා තුරු මට සමෘද්ධි ලැබුණේ නැහැ. මැතිවරණ කාලේදී ඇමැතිවරුන් එක්ක වැඩ කරන ප්‍රධාන පුද්ගලයෙක් හිටියා. සමෘද්ධි නිලධාරියා ඔහු ළඟට යනවා කාටද සමෘද්ධිය දෙන්න ඕන කියලා අහන්න. [ඔහු
මැතිවරණවලට උදව් කළ අය ගැන සොයා බලනවා]. මුලදී මම ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කළ  නමුත් මැතිවරණ රැස්වීම්වලට ගියේ නැහැ. මට සමෘද්ධි ලැබුණේ නැහැ. [මේ අතර රැස්වීම්වලට ගිය ගමේ අනිත් අයත් එහෙම කළා]. ඊට පස්සේ මම මැතිවරණ රැස්වීම්වලට යන්න පටන් ගත්තා. ඊට පස්සේ මාව සමෘද්ධි ලැයිස්තුවට දැම්මා, [මට ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගත්තා]”
- අමරවීර (නම වෙනස් කර ඇත), පොළොන්නරුව - වයස අවුරුදු 49යි.
 
අවසානයේ දී මෙම දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අස්වැසුම වැඩසටහන දියත් කරන බව 2022 දී රජය නිවේදනය කළේය.
 
ප්‍රමාණවත් ලෙස ආවරණය කිරීම
 
දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පවුල් මිලියන දෙකකට ප්‍රතිලාභ ලබා දීමට අස්වැසුම උත්සාහ කරයි. මෙම වැඩසටහනේ මූලික අංගයක් වන්නේ පවුල්වලට ඔවුන්ගේ දරිද්‍රතාවේ මට්ටම අනුව කාල සීමාවකට යටත්ව ප්‍රතිලාභ ලබා දීමයි. අන්ත දිළිඳු යැයි සැලකෙන පවුල් 400,000කට රු. 15,000ක් මාසිකව ලැබේ. එය සමෘද්ධිය යටතේ අසා නැති මුදලකි. දුප්පත් ලෙස වර්ගීකරණය කර ඇති පවුල් 800,000ක් සඳහා රු. 8,500ක් ලැබේ. (වගුව 1).
 
gh 2
වගුව 1: අස්වැසුම ලබන්නන් සහ මාසික දීමනා
 
2019 සිට පුද්ගලයන් ලක්ෂ 40ක් දරිද්‍රතාවට ගොදුරුව ඇති අතර දැනට ලක්ෂ 70ක් ජනතාව දරිද්‍රතාවයේ ජීවත් වන බව LIRNEasia ජාතික සමීක්ෂණයෙන් පෙන්නුම් කළේය. පවුල් ලක්ෂ 20ක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහනේ ආවරණය ප්‍රමාණවත් නොවන බව පෙන්වීමට ඇතැමුන් මෙම දත්ත යොදාගෙන ඇත. ඔවුන් පුද්ගලයන් සමඟ පවුල් කලවම් කරගෙන ඇති බව පෙනේ. දරිද්‍රතාවයේ වෙසෙන ලක්ෂ 70ක ජනතාවක් පවුල් ලක්ෂ 20ට අයත් වන බව LIRNEasia විශ්ලේෂණය පෙන්නුම් කරයි.
 
අවශ්‍යතා ඇති අය හඳුනාගැනීම
 
යුද පීඩිත දෙමළ ජනයාට 'අස්වැසුම' ලබා ගන්නටත් අරගල කරන්නට සිදුවෙලා !
 
LIRNEasia ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ දරිද්‍රතාව සම්බන්ධයෙන් ඒකමාන ප්‍රවේශයක් මතය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිර්වචනය කරන ලද ජාතික දරිද්‍රතා රේඛාව නොහොත් කඩ ඉම අනුව පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා සෑම මසකම වැය කළ යුතු අවම මුදල සම්බන්ධයෙන් කරනු ලබන ඇස්තමේන්තුව එම පදනමයි. 2022 දෙසැම්බර් මාසයේදී අවසන් වරට යාවත්කාලීන කරන ලද මෙම දරිද්‍රතා කඩ ඉමට අනුව, මසකට රු. 13,777ට අඩු ආදායම් ඇති පුද්ගලයන් දුප්පත් ලෙස සලකනු ලැබේ. අස්වැසුම දිළිඳුකමට බහුමාන ප්‍රවේශයක් භාවිතා කරමින් විවිධ දර්ශක 22ක් සහිත සූත්‍රයකට අනුව සකස් කරගන්නා ලද ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් භාවිතා කරයි. විදුලි ප්‍රවේශය සහ භාවිතය, වාහන සහ ඉඩම් හිමිකම සහ පවුලක පාසල් ළමුන් සංඛ්‍යාව වැනි දර්ශක මෙයට ඇතුලත් වේ.
 
ප්‍රවේශයන් දෙක හරහා තෝරාගත් පවුල් මිලියන දෙක වෙනස් විය හැක. දරිද්‍රතාව සඳහා බහුමාන ප්‍රවේශයක් මගින් දුප්පතුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ අහිමිවීම් ගණනය කරනු ලැබේ. මෙම ක්‍රමවේදය බොහෝ විට ආදායම් හෝ වියදම් පදනම් කරගත් ඒකමාන ක්‍රමවේදවලට වඩා උසස් යැයි සැලකේ. කෙසේ වෙතත්, අස්වැසුම ආවරණය නිර්ණය කළ ආකාරය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම සඳහා, වැඩසටහනේ ආධාර ලබාදෙන ජන කාණ්ඩ හතර (සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු) වර්ගීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද;''අහිමි ලකුණු (Deprivation Score)'' කඩඉම් රජය නිකුත් කල යුතුය. තවද, රැකියා අහිමිවීම් වැනි හදිසි කම්පනයන් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී මෙම ප්‍රවේශයේ සාපේක්ෂ සංවේදීතාව කෙබඳුදැයි තවමත් අපැහැදිලියි.
සත්‍යබව තහවුරු කිරීම, අභියාචනා සහ විරෝධතා
 
රජය විසින් අභියාචනා සහ විරෝධතා භාරගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, ප්‍රතිලාභීන් තීරණය කිරීමේදී එය ඉතා තීරණාත්මක යයි සලකනු ලැබේ. ප්‍රතිලාභීන්ගේ දළ ලේඛනය ජුනි 20 දින ප්‍රකාශයට පත් කරන ලදී. අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට කැමති අයට ඒ සඳහා ජූලි 10 දින දක්වා කාලය තිබේ.
 
අභියාචනා සහ විරෝධතා පෝරමය (රූපය 2) මගින් පෙන්නුම් කරන්නේ ක්‍රියාවලියේ මූලික ඉලක්කය වන්නේ දර්ශක 22 මත දත්තවල නිරවද්‍යතාවය තහවුරු කිරීම බවයි. දත්තවල නිරවද්‍යතාවය තහවුරු කිරීමට, දැනට පවතින ඩිජිටල්කරණය වූ දත්ත සමුදායන් භාවිතය සීමා සහිත අරමුණු උදෙසා අයිතීන් සුරැකෙන ආකාරයෙන් ගවේෂණය කළ හැක. උදාහරණයක් ලෙස, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම වාහන හිමිකාරිත්වයේ නිරවද්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කළ හැකි අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ LECO හි දත්ත ගෘහ නිර්වචන සහ විදුලි පරිභෝජනයේ සත්‍යබව තහවුරු කිරීමට භාවිතා කළ හැක.
 
අභියාචනා ක්‍රියාවලියේ මූලික අවධානය වන්නේ තොරතුරු සත්‍යභාවය තහවුරු කරගැනීමයි. එයින් ගම්‍ය වන්නේ, හදිසි ආදායම් කම්පන නිසා අලුතින් දුප්පතුන් වූවන් ද ඇතුළුව ප්‍රතිලාභ අවශ්‍යව සිටින අයව සූත්‍රය මත පදනම් වූ ක්‍රමයට නිවැරදිව ග්‍රහණය කර ගත හැකි බවයි. සමාජ ආධාර වැඩසටහන් සඳහා සුදුසුකම් තක්සේරු කිරීම සඳහා වඩාත් වෛෂයික නිර්ණායක (දේශපාලනිකව අභිප්‍රේරිත සාධක වලින් බැහැරව) භාවිතා කිරීම අගය කළ යුතුය. එහෙත් වඩාත් විවෘත පදනමක් මත අභියාචනා ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට අවසර දෙන්නේ නම් වඩා හොඳය. මෙම දත්ත සමුදායන් වෙනස් වන ක්ෂණයෙන් API මගින් නිවැරදි කිරීමට සහ විවිධ යාන්ත්‍රණ හරහා සමාජ ආරක්ෂණ අවකාශය වැඩි දියුණු කිරීමට භාවිතා කළ හැක. අනාගතයේදී තේරීම් නිර්ණායක වෙනස් කිරීම, ආවරණය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහනට වෙන් කරන අරමුදල් වැඩි කිරීම, වෙනත් වැඩසටහන් වෙත අයදුම්කරුවන් යොමු කිරීම සහ නව වැඩසටහන් දියත් කිරීම මෙයට ඇතුළත් විය හැකිය.
 
gh 3
රූපය 2 : අභියාචනා අයදුම්පත
මූලාශ්‍රය: සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය
 
අස්වැසුම වැඩසටහන වඩාත් සාක්‍ෂි පදනම් කරගත්, කාර්යක්ෂම සහ විනිවිද පෙනෙන සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක් ලෙස බොහෝ ප්‍රගතියක් ලබා ඇත. වැඩිදුර තොරතුරු හුවමාරු කර ගැනීම සහ ක්‍රියාදාමයේ වෙනස්කම් ඇති කිරීම මගින් වැඩි පිරිසකට සමාජ ආරක්ෂණය සඳහා ප්‍රවේශය ලබා දීම සඳහා ක්‍රමයේ වෙනසක් සඳහා එමගින් පහසුකම් සැලසිය හැක.
 
 
(ගයනි හුරුල්ලේ LIRNEasia ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ කළමනාකාරිනියකි.
සමාජ ආරක්ෂණ දැල පිළිබඳ සමික්ෂණයට නායකත්වය දුන්නේ ඇයයි.)
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්