මේ සතියේ සමාජීය මාධ්‍ය trend එක උනේ නුවර වැසියන් මාලිගාව වන්දනාවේ යාම වෙනුවට පේරාදෙණිය වඳින්නට යෑමය.  


මුහුණු පොතේ ‍“ප්‍රදර්ශන කාම” උත්තේජනය විසින් සාම්ප්‍රදායික “වන්දනා කාමයට” සමාන්තරව “නැරඹුම් කාමය” උඩරැටියන් සතු කර ඇති බව පෙනේ.

ඉඳහිට  පොල් මල් ගසාගත්  බස්රථ සහ පුටු තබා ගත්  අත් ටැක්ටර් දකින්න ලැබුණ ද දැන් නිවාඩු දින වල වැඩිපුරම දකින්න ලැබෙන්නේ දුරකථනයට විරිත්තමින් බලි බලන්නට යන නඩය. මේ නඩ පස්සේ දුවන රූපවාහිනී කැමරාකරුවෝ ද, යූටියුබ්කරුවෝ ද නැරඹුම් භූමි, ගොඩනැගිලි, වීදි නරඹන්නන්ගෙන් පුරවති.

president house

අතීතයේ “බලි” සහ “තොරණ” බලන්නට යාමේ පුරුද්දට මුහුණු පොතේ “ප්‍රදර්ශන කාමය” විසින් ලබා දුන් උත්තේජය නිසා ‍ප්‍රභාකරන්ගේ සොහොනද, ජනපති මන්දිරය ද, නෙළුම් කුළුණ ද, ගෝල්ෆේස් පිටිය ද පේරාදෙණිය සරසවිය ද කාලයෙන් කාලයට නරඹන්නන් බුරුතු පිටින් ඇද ගන්නා බර්මියුඩා බවට පත්ව තිබේ.

යුරෝපීය වැසියන් තම වසරේ කාලසටහනේ සෑහෙන කාලයක් රට තොට ඇවිදින්නට වෙන් කරනු ලබයි. ඒකාකාරී කාර්යබහුල ජීවිතය වෙනුවට “වෙනස”, “සැහැල්ලුව”, “විනෝදය”, “අපූර්වත්වය”, “විඳීම”, “තිගැස්ම”, ආදේශ කර ගැනීම එම ගමන්වල අරමුණු අතර වෙනවා.

අපිත් උඹල වගේම කුණුවෙනවා බං....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

එහෙත් ලාංකිකයන්ගේ නැරඹුම් අරමුණ වන්නේ නැරඹුම් ස්ථානය පසුබිමේ තබාගෙන සෙල්ෆියක් ගසා හැකි ඉක්මනින් මුහුණු පොතට අප්ලෝඩ් කර ඒ trend එකේ කොටස්කරුවෙකු බවට තමන් ද පත්වූ බව ලෝකෙට පෙන්වීමය. ඉන්පසු ඔවුහු මුහුණු පොතට ඇතුළු වෙමින් සහ පිටවෙමින් like ගණන් කරමින් පැන්ටසි ලෝකෙකට ඇතුලු වෙනු පෙනේ.

357727927 1328470644773878 7365218756577942451 nනැරඹුම් බිමේ සෙල්ෆිය හැරෙන්නට නැරඹුම අතරතුර විඳගත් “අත්දැකීමක්”, “අපූර්වත්වයක්” , “විනෝදයක්” පිළිබඳ මතක කිසිවක් ඒ නැරඹීමෙන් ඉතිරි නොවේ. තමාට හෝ අනෙකාට “අහිමි වූ”, “ මගහැරුනු” දෙයක් තමා හිමිකර ගත් බව ලෝකෙට පෙන්වීම සමකාලීන ලාංකික සැහැල්ලුකාර වැසියන්ගේ ෆැන්ටසිය බවට පත්ව ඇත.

වැසියන් යුධ ස්මාරක නරඹන්නට යන්නෙත්, ගෝල්ෆේස් අරගල භූමියට යන්නෙත්, නෙළුම් කුලුනේ නගින්නෙත්, ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බසින්නේත්, වීදි කඩේකින් රාත්‍රී ආහාරය ගන්නෙත්, තමන්ගේ දරුවා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරන්නේත්, පේරාදෙණිය සරසවියට ගොස් ඔංචිලි පදින්නේත්, දන්සල් දමන්නේත් ප්‍රදර්ශනකාමී උමතුවට ය. මුහුණු පොතට සෙල්ෆි දමන්නටය.  



උදාහරණයක් විදිහට පේරාදෙණිය trend ට්‍රෙන්ඩ් එකේ නැරඹුම්කරුවන් උනන්දු වුණේ එහි ඇති පොත්ගුල, කලාගාර, පර්යේෂණාගාර, දේශනාගාර, ජෛව විවිධත්වය, උද්‍යාන අලංකාර අනන්‍යතා සහ ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතා හෝ ශාස්ත්‍රීය සම්ප්‍රදායන් ගැන නොවේ. එහිදී ඔවුන්ට හමුවූ එකම දේ සෙල්ෆිය. selfie හැඩ වැඩි කරන අලුත්ම මෘදුකාංගයය. පොප්කෝන්යය. ice creamය.

විකල්පය කොතනද? - ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :
අපිත් උඹල වගේම කුණුවෙනවා බං....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්