ඉන්දියානු දූෂණ විරෝධී සටන පෙරගමන්කරුවකු වූ විශිෂ්ටම ඉන්දියානු පුරවැසියාට හිමි සම්මානය දිනාගත් අන්නා

හසාරේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී ඔම්බුස්මන් වරයෙකු ඉල්ලා කල සටන ශ්‍රී ලංකාවේ සබුද්ධික පුරවැසියන්ට අමතක වීමට හේතුවක් නැත. ඔවුහු දූෂණ වංචා වලට එරෙහි පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට උත්සාහ කළත් ඊට බාධා එල්ල විය. අන්නා හසාරේ ඊට එරෙහිව උපවාසයක් දියත් කළේය. ලෝකයේ සියලු නරක සිදුවන්නේ දූෂණය නිසා යයි අන්නා හසාරේ ප්‍රමුඛ පිරිස විශ්වාස කළේය.

ඉහත සිදුවීම යළි සිහිපත් කිරීමට වූයේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත සම්මත කිරීමට යෑමේදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මුහුණ දුන් සිදුවීමක් හේතුකොටගෙනය.

 ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත නිර්මාණය කිරීමේ මූලිකයා වූ අධිකරණ බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සියලු දෙනාගේම සහයෝගයෙන් එය සම්මත කර කරගැනීමට අවශ්‍ය දේශපාලනික පසුබිම ද සකස් වී තිබිණ. රටේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ද පනතට පක්ෂව අදහස් පළ කළ අතර සංශෝධන සහිතව එය සම්මත කරගැනීමට පූර්ව එකඟතාවය පළ පළකර තිබිණ.



දේශපාලන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එවැනි සම්මුතියකට එළඹ තිබියදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් කියා සිටියේ, මෙම පනත සංශෝධන සහිතව ඉදිරිපත් කිරීම ලබන 19 වැනිදාට කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවය. සමස්ත ශ්‍රී ලාංකිකයන් මෙන්ම මුළු මහත් ලෝකයම බලා සිටි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත සම්මත කිරීමේ ක්‍රියාවලියවිෂය භාර අමාත්‍යවරයා වූ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ හෝ පූර්ව එකගතාවයකින් තොරව කල් දැමීමට ගත් තීරණය විපක්ෂයේ බරපතළ විවේචනයට විරෝධයට සහ සැකයට හේතු විය. මෙම පනත තවදුරටත් ප්‍රමාද කිරීම පිටුපස තිරය පිටුපස සැඟව සිටිමින් දේශපාලනය හසුරුවන පරාජිත දේශපාලනඥයන් සිටින බවට විපක්ෂය චෝදනා කළේය.



දේශපාලන කුමන්ත්‍රණයක් !

මෙම පනත තවදුරටත් කල් නොදමා සංශෝධනයට යටත්ව සම්මත කිරීමට කටයුතු කළ යුතු බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විෂය භාර ඇමතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ ගේ අදහස කුමක්දැයි විමසීය. දූෂණ විරෝධී පනතට එරෙහිව ආණ්ඩුව පක්ෂය ඇතුළෙන් ම දියත් වූ දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් කරමින් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ මෙම පනත කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන් නොදකින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය සකස් කිරීමට ගත් වෙහෙසට වඩා වැඩි වෙහෙසක් දූෂණ විරෝධී පනත සකස් කිරීමට තමන් සහ තම නිලධාරීන් ගත් බවත් ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ හෝ අවසානයේ බෙදීමකින් තොරව පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණ.

මෙසේ සම්මත කෙරුණේ වසර විස්සකට අධික කාලයක් ගෙන ඒමට උත්සාහ කළ නමුදු ගෙන ඒමට නොහැකි වූ පනතකි. මෙම පනත මගින් සියලු රජයේ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ වත්කම් පරික්ෂා කිරීමේ හැකියාව ලැබේ. විශේෂයෙන් රටේ ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන් තානාපතිවරුන් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ආන්ඩුකාරවරුන් පළාත් සභා අමාත්‍යවරුන් කොමිෂන් සභා සාමාජිකයන් යන සියලු පාර්ශව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ යුතුය.

මෙතෙක් නොතිබූ නීති ගණනාවකින් සමන්විත මෙම නව පනත අනුව දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ද සුරක්ෂිත කෙරේ. මෙම පනත ගෙන ඒමට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කීපයකදී අධිකරණ ඇමතිවරයා මෙසේ සඳහන් කළේය. "වසර විස්සකට ආසන්න කාලයක් මෙවැනි පනතක් ගෙන ඒමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබුණා. එම නිසා දූෂණයට විරුද්ධව හෝ පක්ෂපාතී දේශපාලඥයන් කවුද යන්න දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු හෙළිදරව් වෙයි"

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිදු වූ දේශපාලන කුමන්ත්‍රණයෙන් ඇමතිවරයා ඇමැතිවරයා කළ පූර්ව ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය භාවය මැනවින් ප්‍රකට කෙරිණ.



ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුවක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ අල්ලස හා දූෂණයයි. දූෂණය පිටුදැකීම සහ දූෂිතයන්ට දඬුවම් ලබාදීම දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුව ද බලයට පත්වූ ආණ්ඩු ඒවා හුදු පොරොන්දු පමණක් බවට පත් කළේය. බලය සහ දූෂණය එකට අත්වැල් බැඳගෙන සමස්ත සමාජ දේහය ම විනාශයට පත්කළ පිළිමයක් බවට පත් විය. transparency international ආයතනය මෑතකදී කරනු ලැබූ සමීක්ෂණයකින් තහවුරු වී තිබුණේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියට 46ක පිරිසකට දූෂිතයන්ට දඬුවම් දෙන බවට විශ්වාසයක් නොමැති බව ය.



ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදය අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සංවිධාන රාශියක් පෙන්වා දෙනු ලැබූයේ ශ්‍රී ලංකාව දූෂිත රටවල් ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළින් සිටින රටක් ලෙසය. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ආධාර සැපයීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දූෂණ වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සහ ශක්තිමත් නීති පද්ධතියක අවශ්‍යතාවය අවධාරණය කළේය. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ලා මේවා නොදන්නවා නොවේ. ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහතිකය මත ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමේ හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා තිබුණේ ද මෑතක ය.

කෙසේ නමුත් මේ රට මෙතෙක් පාලනය කළ පාලන ක්‍රමවේදය කිසියම් දුරකට මිය යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබුණද නව පාලන ක්‍රමවේදයක් තවමත් ස්ථාපිත වී නැති බැවින් මිනී වලවල් වලින් නැගී සිටින ඇතැම් දේශපාලන අවතාර අප ඉදිරියේ තවමත් හොල්මන් කරන බව පාර්ලිමේන්තුවේ ඇමැති විජයදාස රාජපක්ෂ මුහුණ දුන් මුහුණ දුන් සිදුවීමෙන් පැහැදිලි වේ.

ලංකාවේ නිෂ්ක්‍රීය ඡන්දදායකයින් පසුගිය වසරේ කළ අරගලය වනාහිබහුතර මිනිස්සුන් ස්වකීය නිදහස සම්මුතිගත කිරීමේ ඉතිහාසයෙන් ඛණ්ඩනය වූ අවස්ථාවක් ලෙස හදුන්වාදිය හැකිය. ලාංකීය ඉතිහාසය වැඩි වශයෙන් සමන්විත වූයේ මහජනයා තම ජීවිතවල ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට දක්වන බියයි.

මෙරට ඉතිහාසය තුළ නිදහස උදෙසා කළ අරගල සේම නිදහසෙන් පලායාමේ උත්සාහයන්ගෙන්ද පිරී පවතී. තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ප්‍රභූ දේශපාලන පැලැන්තියක් ගොඩනැගීමේ උත්සාහයේ නිරත වූ නිෂ්ක්‍රීය ඡන්දදායකයා අරගලය හරහා සක්‍රීය පුරවැසියන් බවට පත් විය. එය යමකින් නිදහස් වීමේ අරගලය ඔබ්බට ගිය එකකි. ආර්ථික සංස්කෘතික සමාජීය නිදහස ද එහි අන්තර්ගත විය. විකල්ප ප්‍රජාතන්ත්‍රීය ව්‍යූහයන් ගොඩ නැගීම පිළිබඳ සංවාදය ද මතු වූයේ අරගල භූමිය වෙතිනි. අල්ලස දූෂණයට එරෙහි සටන් පාථය ද එහි අන්තර්ගත විය.

පාර්ලිමේන්තුවේ සිටින ආචාර්ය විජයදාස රාජපක්ෂ වැනි ශාස්ත්‍රාලීය දේශපාලන බුද්ධිමතුන් අතලොස්සක් දෙනාට මෙම දේශපාලන සංඥාවන් සන්නිවේදනය වුවද බහුතරයක් දේශපාලනඥයන්ට එය සන්නිවේදනය වී නැති බව නැති බව පැහැදිලිය.

සිය සුජාතභාවය අහිමිවීමේ තියුණු අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංකේතාත්මකව තවදුරටත් පවත්වාගෙන යෑමට විමල් වීරවංශලා ඩලස් අලහප්පෙරුම ලා ඇතුළු පිරිසක් උත්සුක වනුයේ දේශපාලනිකව  මියගොස් සිතින මළමිනී ඇවිද්ද වීමටය. රටේ ආර්ථික නිදහස දිනා දිනාගැනීම සඳහා සබුද්ධික ජනයා දියත් කරන අරගලයේ දී ඔවුන් අත්වැල් බැඳ ගත යුත්තේ තවදුරටත් මෙරට දේශපාලනය හොල්මං කරන දූෂිත රාජපක්ෂලා සමග නොව දූෂණයට එරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන විජයදාස රාජපක්ෂ ලා සමඟ බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.


(බාහිර ලේඛකයකු විසිනි)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්