එප්පාවල උදිත් මධුභාෂණ රක්ෂිත බන්ධනාගාරයේය. හේතුව මුහුණු පොත් සටහනකි. මේ සම්බන්ධව කියවීම් දෙකකි. 

(අ) ජනප්‍රිය කියවීම:- රනිල් අහිංසකයෙක් අල්ලා ගෙන. මර්ධනය පටන් ගෙන ඇත. රනිල් විනාස කිරීමට රටම එක්වව්. ඒ සමග සමාජ මාධ්‍ය සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනද සටන් වදිනු ඇත. 

(ආ) රනිල්ට කඩේ යන කියවීම:-   වාර්තාවන තොරතුරු අනුව උදිත් මධුරංග අහිංසකයෙකි.  ඔහුගේ පියාවත් කිසිදු සාපරාධී ක්‍රියාවකට කවදාවත් පැටළි නැත. ඔහු ස්නයිෆර් ගැන අසා ඇත. කිසිදාක දැකලාවත් නැත. එසේම එප්පාවල පොලිසියට උදිත් මධුභාෂණ කැඳවා ප්‍රශ්න කළ විට ජනාධිපති ඝාතනය කිරිමේ සැලැස්මක් හෝ අවශ්‍යතාවයක් ඔහුට තිබිලා නැත. ඔහු පරිගණක ක්‍රීඩා කෙරෙහි ලොල් චරිතයකි. 

පරිගණක ක්‍රීඩා කෙරෙහි ලොල් උදිත් මධුවන්තට ස්නයිෆර් තාක්ෂණය හරහා එප්පාවල පැත්තේ ගම් වදින වල් අලි විනාස කිරීමේ අදහසක් ඇති වුණේ නැත. ඔහුට අනුව ගමේ උත්සවයකට ගමට එන රටේ ජනාධිපති ඝාතනය කළ යුතු තරම් බරපතල ප්‍රශ්නයකි. හේතුව රටේ ඉස්මතු වන දේශපාලනය බලය ඇල්ලීමට සැලසුම් කරන පිරිස් ඔහු තුළ ඇති කළ උත්තේජනයයි. ඔහුට ජීවිතයට ගමට අවශ්‍ය කුමක්දැයි අප බලයට පත්වන තෙක් ඩොලර් එවන්න එපා කී ඔහුගේ ප්‍රියතම දේශපාලන සංවිධානය කියා දි නැත. 

වී නිෂ්පාදන වියසම ඉහළ ගිය පිට වගාවෙන් පාඩුය. ඊට පිළියම පාරට බැස මාර්ග අවහිර කර ආණ්ඩුවට අභියෝග කිරිමය. මේ දේශපාලනය රාජපක්ෂලා බලයේ සිටියා නම් ස්නයිෆර් යවන්න ගැටයන් ඉතුරු කරන්නේ නැත. හේතුව ලසන්ත වික්‍රමතුංගලාට ප්‍රදීප් එක්නැලිගොඩලාට සිද්ධ වූ දේ දන්නා නිසාය. කිසිදාක ඡන්ද දිනන්න බැරි මේ කණ්ඩායම, සමාජ මාධ්‍ය හරහා තරුණ හිත් අවුල් කරනවා මිස 88දී මෙන් ඡන්ද පොළට එන මුල් දස දෙනාට වෙඩි තියනවා කියන්නේ නැත. 2020දී ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල්ට පාර කැපුණේ රාජපක්ෂලා කළ හානියත් සුද්ධවන්ත විපක්ෂය කර ඇරීමත් යන සාධක දෙක දෙකම එක් තැන් වූ නිසා ය.

මාලිමාවට අනුව රට නගන ක්‍රමය  මහින්දලා හිරේ දමා කොල්ල කෑ මුදලින් රටේ ප්‍රශ්න විසඳීමය. සජබයට අනුව රට නගන ක්‍රමය පාසල්වලට බස් ඛෙදීමය. පන්සල්වල හිඟ විදුලි බ්ල් ගෙවිමය. රනිල් ද්‍රෝහියෙකු වී ඇත්තේ පන් ලක්ෂයකට අඩු ආදායම් ලබන පිරිසකගෙන් බදු අය කිරීම නිසා ය. කිව්ආර් කේතය හරහා ඉන්ධන ලිටර් කීපයක් හෝ පෝලිමේ නො සිට ලබා ගැනීමේ පහසුව ඇති කිරීම ය. කිව්ආර් ක්‍රමය ගෙන ඒමට ගෝඨා සමත් වි නම් අදටත් රටේ ඔහු ජනාධිපතිය. මැතිවරණ ප්‍රතිපල වලින් පවුලක් ගොඩ දැම්මාට රටක් ගොඩ දාන්න බැරි බව අරගලය විසින් ද, ඡන්ද නැති වුණෘට රට ගොඩක දාන සැලසුම් තමන් සතු බව රනිල් ඔප්පු කර හමාරය. මේ විස්තරය කෙටියෙන් කියා දීමට එකෙක් රනිල් ළ`ග ඔකෙක් හිටියා නම් එප්පාවල උදිත් මධුභාෂණ ස්නයිෆර් යවන්න කල්පනා කරන්නේ නැත. 

2005 ජනාධිපති වරණයට නාම යෝජනා දෙන විටත්  මහින්ද රාජපක්ෂ ලැයිස්තුගත හොරෙකි. ඒ සුනාමි ආධාර පුද්ගලික ගිනුමක දමා ගත් නිසාය. ඊට සහාය වූ ලලිත් වීරතුංග ආණ්ඩුවේ මුදලින් සිල් රෙදි ඛෙදා මහින්ද රටේ ජනාධිපති කරවීමට උත්සාහ කළත් ලලිත් විරතුංග ගැන කතා කරන කෙනෙක් නැත. එතුමා පැන්ෂන් සහ නොඑක් ඉපැයීම් හරහා විශ්‍රාම සුවයෙන් පසුවේ. ආයෙත් මහින්දලා ආවොත් රස්සාවක් ලබා රජයේ මුදල් ගසා කෑමට අවශ්‍ය ප්‍රඥාව මහින්දලාට දෙනවාමය. 

sfsdf3e
අර මුහුණ පොතේ සටහනේ රචකයා තමන් ගැන හඳුන්වා ඇත්තේ Udith Madhubhasdhana is feeling angry in EPPAWALA හැටියටය.  රනිල්ට කඩේ යන මේ ලේඛකයාට අනුව එප්පාවල උදිත් මධුභාෂණ ත්‍රීල්වාදි තරුණයෙකි.  තරහ යාමත් -feeling angry- ඔහුට ත්‍රීල් එකකි. ඒ ත්‍රීල් එක හරියටම වෙන මොනවත් කර ගත නො හැකි වුණත් බස් එකේදී ජැක් ගැසීමත් ආශ්වාදයක් ලෙස සලකන මානසිකත්වයකි. ඔහුත් ඔහුගේ පවුලේ කිසිවෙකුත් කිසිදු ආකාරයකින් පොලිසියට වාර්තා නොවූ සාමකාමි පවුලකි. 

මුහුණ පොත පරිශිලනය කරන්නන් එහි දැක්ජෙවන විවිධාකාර සටහන් තෝරා ගන්නේ තම රුචිය අනුවය. සමහරු වල් කතා තෝරා කියවති. චැට් කරති. හවුල් කරුවන් සොයා යති. තවත් අය කවි කියවති. උදෘත එක් කරති. ඒ අතර දේශපාලනිකව ඛෙදි කා කොට ගන්නා අයද වෙති. තමන් උනන්දුවන දේ ගැන යමක් පළ කිරීම මිනිස් ගතියකි. ඒ මිනිස් ගතිය අනුව කළ හැකි දේ සහ කළ නොහැකි දේ වෙති. මා දන්නා කෙනෙකු දික්කසාද තීරුවට එක්ව චැට් කර අනෙක් පැත්තෙන් පෙන්වූ නිරුවතින් උද්දාම වි සිය රහසඟ ප්‍රාණවත් කොට පෙන්වීය. පසුව ඒ දර්ශණ ප්‍රසිද්ධ නො කර සිටිමට කප්පම් ඉල්ලීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ පුද්ගලයාගේ බිරිය මෙය දැන ගත් පසුව එක් ඇමතුමකින් සිද්ධිය අවසන්ව ඇත. 

PHOTO 2023 09 08 16 03 20ඊට සාපේක්ෂව උදිත් මධුභාෂණ යනු අර රැල්ලකට අසුව තම මානසික පුරුෂ නිමිත්ත ස්නයිෆරයක් හැටියට කල්පනා අමාරුවේ වැටුණ අසරණයෙකි. රටේ පාලකයාට විරුද්ධ විය හැකිය. එහෙත් පුරවැසියෙකු ලෙස ඝාතනය කරනවා කීමට නිතියෙන් ඉඩක් නැත. එය අපරාධ වරදකි. විරෝධතා නාමයෙන් මාර්ග අවහිර කිරිමත් වරදකි. මෙවැනි ජන පීඩක සමාජයක් නිර්මානය කරන පුද්ගලයන් හෝ ව්‍යාපාර ගැන පාලකයන් කල්පනා කළ යුතුවේ. 88-89 කාලයේ එජාපයෙන් ඉල්ලා අස්වන අයගේ දැන්වීම් නොමිලේ පළ කිරිමට අදටත් පළ වන ජාතික පුවත්පතක් මුල් විය. එය දුටු කවදාවත් ඡන්දයක් දී නැති අය පවා එජාපයෙන් ඉල්ලා අසුවූ බව දන්වා පත්තරේ නම පළ කරවා ගත්හ. 

මා තුණ්ඩුවෙන් දේශප්‍රේමින් රට පාලනය කළ 1988-89ට යනු කැමැත්තෙමි.  මහින්දත් ජනතා විමුක්ති පෙරමුණත් පැවති පාලනයට එරෙහිව එකට අත්වැල් බැඳගෙන සිටියහ. මධ්‍යම පළාතේ පිහිටි කච්චේරියක මාසික වැටුප් දිනය ළං විය. එහෙත් ප්‍රදේශයේ පැවති තර්ජනය නිසා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙව්වොත් මැරුම් කන්න වේදැයි සැකයක් සමහරුන් තුළ බියක් තිබිණ. මේ කියන කච්චේරියේ එකල සිටි දිසාපති ආණ්ඩු විරෝධියෙකි. ඔහුට කැරළි කරුවන් මහත් ආශ්වාදයක් විය. දිසාපතිට අවශ්‍ය වුණේ කැරැල්ලේ කවුරුන් හෝ සම්බන්ධ කර ගැනීමටය. කාර්ය මණ්ඩලයට වැටුප් දීමට දේශප්‍රේමින්ගෙන් අවසර ඉල්ලා දිසාපති අත්සන් කළ පෝස්ටරයක් කච්චේරි ගේට්ටුවේ අළවනු ලැබීය. එක් දිනක ඉක්ම ගිය තැන කච්චේරි කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවිමට දේශ ප්‍රේමින්ගේ අවසරය ලැබිණ. රාජ්‍ය සේවයේ සාමාජිකයන් කීවේ මේක හරි මගුලක් කියාය. වැටුප් ගෙවීමට අනුමැතිය ලැබුණ ආකාරයත් එප්පාවල ස්නයිෆර් කතාවට හොඳ ටීකාවකි. කතාවේ ඉතිරි කොටස කියවන්න.

වැටුප් ගෙවීමට අවසර ඉල්ලා දැන්වීම ඇළවූ දිනයට පසුදා තුනකින් දිසාපති හමුවීමට යොවුන් වියේ ගැටයෙක් පැමිණ දිසාපති හමුවිමට අවසර ලැබිණ. අපි ඔහුට පහසුව සඳහා සරත් කියමු.

ඇයි මොකක්ද ප්‍රශ්නය.. දිසාපති විමසිය. සර්ට මේ ලියුම දෙන්න කියලා පල්ලෙහා ඉන්න අයියලා කිව්වා. දිසාපති ජනේලය ලඟට ගොස් පාරේ සිටි අය ගෙන් අර ලිපිය දුන් කෙනා පෙන්වන ලෙස සරත්ට නියම කළත් ඔහු ජනේලයෙන් බලන විට තමන්ට ලියුම දුන් කෙනා එහි නැති බව කී පසුව දිසාපති අර තරුණායට තේ එකක් ගෙන්වා සක්කාර කොට පිළිසඳරක යෙදිණ. ඔහු කල්පනා කළේ සරත් හරහා ව්‍යාපාරය සමග සම්බන්ධකම් ගොඩ නැගීමටය. ඒ කාලයේත් සුනාමි අධාර පුද්ගලික ගිනුමක දැම්ම විරතුංගලා වැනි මෝල් වහන්සේලා රාජ්‍ය සේවයේ සිටිහයහ.  

hqdefault

ඒ අයියාට කියන්න මාව හම්බ වෙන්න කියලා. මං තමයි ව්‍යාපාරයෙන් අහන් නැතිව පඩි ගෙවන්න එපා කියලා නියෝග කළේ. තේ පානය අතර, දිසාපතිට සරත් කීවත් අයියෙත් තියා මල්ලියෙක්වත් දැක නැති සරත් හිස සැලූවා පමණකි. සරත් යනු පාසල් ගමන අඩාල කරගත් කුඩා පැලක මව සමග ජිවත් වන්නෙකි. ඔහුට අප්පෙක් නැත. රස්සාවක් නැත. සමහර විට දවසටම දන්නේ එක වේලකි. ඉර නැගුණ සැනින් නගරයට පැමිණ අරමුණක් නැතිව වෙන දෙයක් දෙස බලා සිටින්නෙකි. ඔහු කළේ අතේ මිට මෙළවූ රුපියල් විස්සට කෑදරව පියන් වැඩේ කිරීම මිස ඔහු විශ්වාස කළ විප්ලවයක් අරගලයක් නො වීය. ඕනැකමක් වුණොත් මාව මුන ගැසෙන්න යයි කී නිසා ඔහුට දිසාපති හමුවීමත් මහා දෙයක් විය. නැවත අර අයියා හමු වී සරත්ට පොඩි පොඩි ජොබ් පැවරීය. එක එකාට තර්ජනාත්මක පණිවිඩයන් යැවීමටය. කෙටි කලක් තුළ මේ සරත් කප්පම් ගැනීමටත් හුරු විය. කිසිදු අනන්‍යතාවක් නැතිව පාරේ රස්තියාදු වෙද්දී හඳුනා ගත් දේශප්‍රේමි විමුක්තිය හරහා ඔහු ළඟ හිතා ගත නො හැකි තරමට මුදල් එහා මෙහා විය. පොලිසියෙන් හෙයනවා කියන පණිවිඩය දීමටත් ව්‍යාපාරය ආධාර ඉල්ලනවා කීමටත් ඔහුට මිල මුදල් ගලා එන්ට විය. සරත් ජීවත්වූ වත්තේ වයසින් වැඩිහිටි අවිවාහක ගැහැනියක් මේ අපතයාගේ අලුත් ආර්ථීකය ඉව වැටිණ. අපි ඇයට මල්ලිකා කියමු. මල්ලිකා කඩිනමින් සරත්ට ළංවී ඔහුගේ වයසේ උවමනා එපාකම් අනුව සැපයිය හැකි පහසුකම් සපයා ගැටයා කොටු කර ගත්තා ය.

මේවා උඹ අම්මාට කියන්න එපා. උන්දැ මේවා අතන මෙතන කියලා උඹට ලෙඩක් වැටෙයි මල්ලිකා ඒ ආකාරයෙන් සරත් වැදූ අම්මා ගෙන්ද සොරා ගැනීමට සමත් වූවා ය. සරත් නව ව්‍යාපාරය හරහා උපයන ධනය මල්ලිකා වෙත පරිස්සමට තැබුවේය. සැලැස්මක් නැති ජීවිතයක් වූ මල්ලිකා, වයස දහ අටට ආසන්න මේ ගැටයාගේ දේවතාවිය වූවාය. යම් කලක් ගතවිය. සරත් නමින් මල්ලිකා ළඟ විවෘත කළ ඉතිරි කිරිමේ ගිණුමට ලක්ෂය ඉක්මවා ගියේය.  හදිසියේම සරත් පොලිසියට කොටු විය. ඉන්පසුව කවදාවත් සරත් කිසිවෙකුට හමු වුණේ නැත. 

දින ගණනාවක් සිය පුතා ගෙදර නො පැමිණිම ගැන අර අම්මා වැළපෙනු දුටු මල්ලිකා පොලිසියට අහු වුණාද දන්නේ නැහැ. කල්ලියට වැඩ කළේ කියා සරත්ගේ කප්පම් සෙල්ලම බරපතල විදියට කියා දැම්මාය. සරත් අතුරුදහන් වනවිට මල්ලිකාට මැද පෙරදිග රැකියාවට යාමට වීසා පවා ලැබී හමාරය. දිවයිනෙන් නික්ම යන විට සරත්ගේ අම්මාට ප්‍රමාණවත් මුදලක් දී යන තරමට මල්ලකා කාරුණික වූවා ය. වැඩිකල් මේ සෙල්ලම කළ නොහැකි බවත් සරත් අසු වුණොත් තමන්ද කොටු වෙතැයි තේරුම් ගත් මල්ලිකා සරත් පරෙස්සමට දුන් මුදලින් රට රස්සාවකට යාමට සැලසුම් කළේ හවුල් කාරයාට නො දැනෙන්නටය. වසර කිහිපයකට  පසුව ලංකාවට පැමිණි මල්ලිකා නමින් අප ඇමතූ ඒ ගැහැනිය මේ කතාව වමාරා අවසන් කළේ මම අරූ කොටු කෙරුවේ මට යන්ට දෙන්නේ නැතිවෙයි කියලා කීවේත් සිනාසෙමිනි. සරත් මල්ලිකා දෙදෙනාම ඔහේ ජීවත් වූවෝ වෙති. සරත්ට තිබුණේ ජීවත්වන ක්‍රමයක් නැති කමය. පියෙක් නැති ඔහුට සමාජ වටිනාකමක් තිබුණේ නැත. මල්ලිකාට තිබුණ පෙනුම හැර වෙන ඉපයීමක් ඇයට නො වීය. දේශප්‍රේමය මොකක්ද කියා හෝ නො දන්නා, කල දුටු කළ වල ඉහ ගත් සරත් සහ මල්ලිකා නමින් අප හැඳින්වූ දෙදෙනාගේ  වර්තමාන චරිත  එප්පාවල උදිත් මධුභාෂණ වැන්නන් විය හැකිය. 

social kj
සමම්තයෙන් පිට සමාජය තුළ ඉහළ නගින රැළි බරපතල ඛේදවාදකයකි. එදා මිනී මැරීය. තර්ජන කළහ. කප්පම් ගත්හ. අද කප්පම් දෙන්නේ නැත. මාලිමාව කියන ආකාරයට නම් පූර්ණකාලීනව වැඩ කළ නොහැකි අය දෙන්නේ අරමුදල් ය. ඉහතින් කී තකතීරු දිසාපති මෙන් අදටත් වාසියට කී දෙනෙක් දෝ රාජ්‍ය නිලධාරින් දෝ මේ ව්‍යාපාර වලට සහාය වෙති. උතුරු මැද පළාතේ විවෘත කිරීමට නියමිත රට බිම හලකට එරෙහි පෙත්සමක් ගත් භික්ෂුවක් ඇතුළු පිරිසක් දිසාපති කෙනෙක් වෙත පැමිණියහ. ඔහු ගත් කටටම කීවේ මමත් මේකට විරුද්ධයි අරින්න එපා කියාය.  ඒ සදාචාරය හෝ ආගම ධර්මය නිසා නොවේ. පත්වෙන ආණ්ඩුවක තනතුරක් බලා ගෙන ය. එක් විශ්‍රාමික දිසාපති කෙනෙකු මාලිමා වේදිකාවට ගොඩවීම ගැන විදේශගත ඔහුගේ  මිතුරෙකු විමසූ විට කීවේ කුමක්ද? උන් දිනනවා බං කියා ය. එප්පාවල උදිත් මධුභාෂණ ස්නයිෆර් සොයන විට දිසාපතිලාත් ගසා ගෙන යන රැල්ල මෙවැන්නකි.

කණ්ඩලමේ හික්කඩුවේ යාමට මුදල් නැති රටේ බහුතර ජනතාව ඡන්දයකදී වෙනසක් කර රටේ ආණ්ඩු පෙරළා පොඩි සතුටක් ලබති. 2019 ආණ්ඩු පෙරළුවේ තෙල් පොහොර ගෑස් හෝ බඩු මිල ඉහළ යාම නිසා නොවේ. රැල්ල ඉල්ලන වෙනසේ රඟ හරියටම දැනුණේ 2022 දීය. ඒ වෙනස සඳහා වඳ කොත්තු ඛෙදා හැරිය ගම්මන්පිල රතන අදත් ජාතියට මග පෙන්වති. වීරවංශලා කරන විග්‍රහ වලින් මාධ්‍ය ජීවත් වෙති. එප්පාවල උදිත් මධුභාෂණ ගැන මා දැමූ සටහනකට පිළිතුරු දුන් මාලිමාවේ මා මිත්‍ර විජේකෝන් ඇසුවේ කෂඩ මාධ්‍ය කාරයෝ ජාති වාදය ආගම් වාදය වපුරන එ අවුල් නැද්ද කියාය. උදිත් මධුභාෂණ රිමාන්ඩ් වීමත් මේ අයට සාපේක්ෂය. ප්‍රශ්නවලට විසඳුම් මිස සැසඳීම් හෝ සමපාත කිරිමෙන් පලක් නැත.

රක්ෂිත බන්ධනාගාර ගතවූ එප්පාවල උදිත් මධුභාෂණ වැනි සිය දහස් ගණනින් අග මුල නොදැන මෙසේ කොටු විය හැකිය.  හරියට අර සරත්  වාගේ ය. කළ දුටු කළ වළ ඉහ ගත් මල්ලිකා යනු උදිත් මෙන්ම අනුකම්පා කළ යුතු චරිතයකි. 


දැන් සැපදැයි අසන ලංකාවේ කාලකන්ණී දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.


සබැඳි පුවත :
තර්ජනාත්මක FB පෝස්ටුවක් දැමූ තරුණයා රිමාන්ඩ්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්