රජයේ සංඛ්‍යාලේඛන සහ ජන සංගණන දෙපාර්තුමේන්තුවේ වාර්තා අනුව 2021 සහ 22 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව සාමාන්‍ය අපේක්ෂිත සංඛ්‍යාවට වඩා 65000කින් පමණ ඉහළ ගොස් තිබේ.

සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාවන් 15% සිට 45% දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළයාම මේ වනවිට ලොව පුරාම දක්නට ලැබෙන ප්‍රවණතාවයක් වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ ඒ රටවල ආණ්ඩු හෝ සෞඛ්‍ය බලධාරින් හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ජනමාධ්‍ය හෝ සිවිල් සමාජ සංවිධාන ආදි සියල්ලන් මෙම බරපතල මානව ඛේදවාචකය යටපත් කිරීම සඳහා ඉතා දැනුවත් සහ කෘර සම්මුතියකට එළැඹ සිටිති. අනපේක්ෂිත ලෙස ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවක් සිදුවෙමින් පවතින මෙම සියලු රටවල ඒ සඳහා හේතු වන්නට සිතිය හැකි හැකි එකම පොදු සාධකය ඊනියා කොවිඩ්-19 නම් වසංගතයක් මර්දනය කිරීමට යැයි කියමින් ගෝලීය පරිමාණයෙන් සිදු කරන ලද එන්නත්කරණ ව්‍යාපාරයයි.

මෙම එන්නත්වල අතුරු ප්‍රතිවිපාකවලින් ඒවා ලබාගන්නා මහජනතාවට හානි සිදුවුව හොත් ඒවා යටපත් කිරීමේ ගිවිසුමකට ඖෂධ සමාගම් සහ ඒ ඒ රටවල ආණ්ඩු අතර ගිවිසුමක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය මැදිහත්වීම යටතේ ක්‍රියාවට නංවා ඇති බැවින් එන්නත්වලින් සිදුවන මරණ මෙන්ම සෙසු සියලු අතුරු ප්‍රතිවිපාක පිළිබඳ වාර්තාද යටගැසීමට ලෝකයේ සියලුම රටවල ආණ්ඩු කටයුතු කරමින් සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානය එලෙස ජාතින්ගේ ස්වාධිපත්‍යය නොසළකා හරිමින් ජනතාවන්ගේ සෞඛ්‍යයට හානිදායක වන පරිදි මැදිහත්වීම් කිරීමට තමන් වෙත බලය ලබාගෙන ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (International Health Regulations -IHR) යටතේය. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අරමුදල්වලින් 70%කට වැඩි ප්‍රතිශතයක් ලබාගන්නේ සෘජුවම ඖෂධ සමාගම් වෙතින් හෝ ඖෂධ සමාගම් තුළ ආයෝජනය කර ඇති බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් වැනි පදනම් ආයතන මගිනි.

vaccine 456

asela deranaකෙසේ වුවද ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණය ඇරඹීමෙන් පසුව විවිධ පුද්ගලයන් මොළයේ ලේ කැටිති ඇතිවීම, අංශභාගය ආදි රෝගී තත්ත්වයන්ටද, හදිසි හෘදයාබාධයන්ටද ගොදුරු වී මරණයට පත්වීම් විශාල ගණනාවක් රටපුරා වාර්තා වුවද රජය සහ සෞඛ්‍ය බලධාරින් ඒ සියලු වාර්තාවන් එන්නත් විරෝධීන්ගේ අසත්‍ය ප්‍රචාර ලෙස නම් කරමින් යටපත් කරන්නට යෙදිණි.


කණගාටුදායක ලෙස මේ තරම් විශාල පරිමාණයකින් මරණ සංඛ්‍යාවන් ඉහළ යාම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරින් හෝ රජයේ දේශපාලන නායකත්වය විසින් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර නැතිවීමයි. රට පුරා දහස්ගණනින් තරුණ ජනයා සහ මැදි වියේ පුද්ගලයන් හිටි හැටියේ හෘදයාබාධවලින් මරණයට පත් වූ නමුත් ඒ සියලු සිදුවීම් යටපත් කෙරුණ අතර බොහෝ අවස්ථාවලදී මරණ පරීක්ෂණ පවා සිදු නොවීය.

සියලු රාජ්‍ය මාධ්‍ය, පුද්ගලික මාධ්‍ය සහ එන්ජීඕ මාධ්‍ය මේ පිළිබඳව සම්මුතිගත නිහඬතාවයක් ආරක්ෂා කරති. මරණයට පත්වූවන්ගේ නෑදෑ හිතමිතුරන් විසින් මෙම මරණ සම්බන්ධව ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලාවල සිදු කරන ලද පළ කිරීම්ද එම සමාගම් විසින් දිගින් දිගටම ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

කෙසේ වුවද ජන සංගණන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුවේ වාර්ෂික මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණයට ලක් කරන විට පවත්නා තත්ත්වය කොතරම් කණගාටුදායක සහ අවදානම් සහගත එකක් දැයි සිතාගත හැකිය.

කොවිඩ්-19 මානව ඉතිහාසයේ හටගත් බිහිසුණුම වසංගත තත්ත්වය යැයි ජනතාව බියගැන්වීම සඳහා දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවන් උදේ හවා ප්‍රචාරය කරමින් මහා භීෂණයක් නිර්මාණය කරන ලද්දේ එයින් ගැලවීමේ එකම මග එන්නත්කරණය ලෙස හුවා දක්වමින් කොවිඩ්-19 එන්නත්කරණය සඳහා ජනතාව ගාල් කිරීම සඳහාය. නමුත් එන්නත්කරණය ඇරඹීමට පසු දෙවසර තුළ කොවිඩ් මරණ මෙන් 4-5ගුණයකින් සෙසු මරණ සංඛ්‍යාවන් ඉහළ යාම පිළිබඳව එවැනි දෛනික සංඛ්‍යා විජ්ජාවන් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම මගින් නිගමනය කළ හැක්කේ එම සිදුවීම් යටගැසීම සඳහා ඔවුන් තුළ කිසියම් දැඩි අවශ්‍යතාවයක් පවතින බවය.

සිදුව ඇති විනාශයේ පරිමාණය

මෙම ලිපිය සැකසීමේදී අපගේ අරමුණ වූයේ පවත්නා විවෘත දත්ත සහ තොරතුරු අධ්‍යයනය කරමින් මෙම තත්ත්වය පිළිබඳව ලාංකීය ජනතාවගේ අවධානය යොමු කිරීමය. ජන සංගණන හෝ සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ වාර්තා තුළ වාර්ෂික මරණ ලෙස දැක්වෙන ඉලක්කම් තුළ සැඟව ඇත්තේ සාපරාධී ලෙස ඖෂධ සමාගම් සහ ඔවුන්ගේ හවුල්කාර බලවේග විසින් විනාශ කර දමන ලද ජීවිත වේ. ඒ සංඛ්‍යා ලේඛන අතර බොහෝ අයගේ මව, පියා , දූ පුතුන්.සොයුරු සොයුරියන් ඇතුළු ඥාතින්, මිතුරු මිතුරියන්, අසල්වැසියන්, වෘත්තිය සගයන් සිටිය හැකිය. මෙය පොදු සමාජීය ඛේදවාචකයක් මිසක යම් පුද්ගලයෙකු හෝ එක් පවුලක හෝ ප්‍රදේශයක ජනතාවක් පමණක් මුහුණ දුන් තත්ත්වයක් නොවේ. මෙම තත්ත්වය එන්නත්කරණය බහුල ලෙස සිදු වූ සෑම රටෙකම දක්නට ලැබෙන තත්ත්වයකි.

 107026900 b7813d78 0907 403c b2ff 435803167446

සාමාන්‍යයෙන් යම් රටක මේතරම් විශාල සංඛ්‍යාවකින් වාර්ෂික මරණ සංඛ්‍යාවන් ඉහළ යාමට හේතුවන්නේ සිවිල් යුද්ධ හෝ විදේශිය ආක්‍රමණ, සුනාමි, භූමිකම්පා, ගංවතුර ආදි ස්වාභාවික ව්‍යසනයන් ය.බිහිසුණු වසංගත තත්ත්වයන් විසින්ද එවැනි තත්ත්වයක් උද්ගත කිරීමට හේතුවිය හැකි අතර ඉහත අගයන් ලැබී ඇත්තේ 2020-23 අතර කාලය තුළ සිදු වූ කොවිඩ්-19 මගින් සිදුවූවායැයි කියන මරණ පිළිබඳ වසංගත රෝග මර්දන ඒකකය විසින් වාර්තා කර ඇති 16,817ට අමතරවය.

2004 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනය හේතුවෙන් 40,000කට අධික පිරිසක් මරණයට පත්වූයේයැයි වාර්තාවල සඳහන් වේ.

1971 දී ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමේදී එවකට පැවැති සිරිමා බණ්ඩාරණායක රජය විසින් තරුණ තරුණියන් 20,000කට ආසන්න පිරිසක් ඝාතනය කරන ලදි. 1987-89 කාල සීමාව තුළ ඉන්දිය හමුදා ආක්‍රමණයට එරෙහිව සහ රාජ්‍ය මර්දනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ සන්නද්ධ නැගිටීම මර්දන කිරීමේදී 60,000 – 80,000 අතර ජීවිත සංඛ්‍යාවක් විනාශ කිරීමට එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කරන ලදි. 2009 දී දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය මර්දනය කිරීමේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් 70,000කට වැඩි ජීවිත සංඛ්‍යාවක් විනාශ කර දමන ලදි. ඉහත ඓතිහාසික ඛේදවාචකයන් තුළ මරණයට පත්වූ සංඛ්‍යාවන් සහ පසුගිය දෙවසර තුළ සිදු වූ කොවිඩ් නොවන මරණ සංඛ්‍යාවන්ගේ ඉහළ යාම සන්සන්දනය කරන විට මෙම තත්ත්වයේ බරපතල කම වටහාගත හැකි වනු ඇත. ඉහත ඓතිහාසික සිවිල් යුදගැටුම්වලදී මෙන් පසුගිය දෙවසර තුළ විවෘත ප්‍රචණ්ඩත්වයක් නොපැවැති නමුත් එන්නත්කරණ ව්‍යාපාරය තුළ සැඟවුණු ආයතනගත ප්‍රචණ්ඩත්වයක් සහ බලාත්කාරයක් දියත්වෙමින් පැවැති බව අමතක කළ නොහැකිය. එය වෙනම පුළුල් ලෙස සාකච්ඡාවට ගත යුතු තේමාවකි.

2000 2022deathsරජයේ ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද 2000 සිට 2022 දක්වා උපත්,මරණ, විවාහ පිළිබඳ සංඛ්‍යා ලේඛන වලින් කොටසක් ( සම්පූර්ණ වගුව බැලීමට වගුව මත ක්ලික් කරන්න

පසුගිය දෙවසර තුළ දහස් සංඛ්‍යාත තරුණ ජනතාව හෘදයාබාධවලට සහ වෙනත් රෝගවලට ගොදුරු වෙමින් හදිසියේ මරණයට පත්වීම සමාජය පොදුවේ එතරම් කම්පනයකට ලක් වූ දෙයක් නොවිණි. අඩු තරමින් එය ජනමාධ්‍යයන්හි සංවාද තේමාවක් හෝ ප්‍රවෘත්තියක් බවට පත්වීම පවා සැලසුම් සහගතවම වළක්වා දමන ලදි. මේ ආකාරයෙන් රටපුරා තැන්තැන්වල සිදු වූ මෙම මරණ පිළිබඳව සහ එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් ශාරිරික හානිවලට ගොදුරුවූවන් පිළිබඳව ඒ ප්‍රජා කණ්ඩායම් අතර අන්තර් සන්නිවේදනය අවහිර කර ඔවුන්ව හුදෙකලාකර අන්ධකාරයේ තැබීම හේතුවෙන් මෙය පුළුල්ව පැතිරුණු පොදු සමාජ ඛෙදවාචකයක් යන අත්දැකීම සහ අවබෝධය ලැබීමෙන් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හෝ හිතවතුන් වළක්වාළන ලද අතර තමන්ට අත් වූ මෙම ඛෙදජනක ඉරණමට හේතූ වූ අපරාධය කුමක්දැයි යන්න හෝ එයට වගකිව යුතු චුදිතයන් කවුරුන්දැයි හඳුනාගැනීමේ අවස්ථාව පවා ඔවුන්ට අහිමි කරන ලදි. කොවිඩ්-19 නිල ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන මෙම තොරතුරු වාරණය ක්‍රියාත්මක කළේ රජය පමණක්ම නොවේ. ප්‍රධාන විපක්ෂය ඇතුළු සියලු “වාමාංශික” සහ “දේශප්‍රේමී ”පක්ෂ ද,සිවිල් සමාජයද, රාජ්‍ය නොවන සංවිධාන සහ වෘත්තීය සමිතිද, ඊනියා විකල්ප ජනමාධ්‍ය සංවිධාන සහ ඒවාට අයත් ජනමාධ්‍යයද මානව හිමිකම් සංවිධානද මෙම තොරතුරු යටපත් කිරීම සඳහා දායක වූහ. මියගිය ජනයා අතර සෑම ජාතියකටම, සෑම පක්ෂයකටම, සෑම වයස් කාණ්ඩයකටම අයත් අය සිටි නමුත් ඔවුන් එලෙස මරණයට පත්වීමට හේතු මොනවාදැයි ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ තැන් තැන්වල සිට හුදෙකලා අරගලවල නිරත වූ එකෙකු දෙන්නෙකු පමණි.

ජන සංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව සහ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන ඇසුරෙන් කොවිඩ්-19 සඳහා එන්නත් කරණයට පෙර වසර 3ක මරණ සංඛ්‍යාවේ මධ්‍යන්‍ය අගයට සාපේක්ෂව මෙම ගණනය සිදු කර ඇත.

Table 1 1024x709

විශාලනය කර නැරඹීම සඳහා වගුව මත ක්ලික් කරන්න

එන්නත් කරණයට පෙර වසර තුනක් තුළ එනම් 2018,2019, 2020 සිදුවූ මරණ සංඛ්‍යාවන්ගේ මධ්‍යන්‍ය අගය 139,327ක් වන අතර එම අගයට සාපේක්ෂව 2021 වසරේ දී සිදුව ඇති ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව 24,609ක් වන අතර 2022 වසරේදී මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 40,465කින් ඉහළ ගොස් තිබේ.
ඉහත සංඛ්‍යාවලින් කොවිඩ් මරණ ලෙස රජය විසින් වාර්තා ගත කෙරී ඇති සංඛ්‍යාවන් අඩු කළ විට 2021 වසරේදී කොවිඩ් නොවන මරණ සංඛ්‍යාව 9839 කින්ද 2022 වසරේදී කොවිඩ් නොවන මරණ සංඛ්‍යාව 38,627කින්ද ඉහළ ගොස් තිබේ. මේ අනුව එන්නත්කරණය ඇරඹීමෙන් පසු වසර දෙකක් තුළ සිදුව ඇති කොවිඩ් නොවන මරණ සංඛ්‍යාවේ ප්‍රමාණාධික අගය 48,466කි.

මේ අනුව 2021 වර්ෂයේදී සිදුව ඇති ප්‍රමාණාධික මරණ ප්‍රතිශතය 17.66%ක් වන අතර 2022 වසර සඳහා එය 29.04%ක් වැනි ඉහළ අගයක් පෙන්නුම් කරයි.

2020v

2021 v2022 v

ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවන් (Excess Deaths) යනු කුමක් ද? එය ගණනය කරන්නේ කෙසේද?

යම් නිශ්චිත කාලසීමාවක් තුළ සිදුවූ ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව ගණනය කරනු ගණනය කරනු ලබන්නේ පෙර වසර කීපයක ඒ හා සමාන කාල පර්ච්ඡේදවල වල සිදුව ඇති මරණවල මධ්‍යන්‍යයට දක්වන වෙනස් කම අනුවය. උදාහරණයක් ලෙස 2019 වසරේ ජනවාරි මස 1-7 දක්වා කාලය තුළ සිදුව ඇති ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව ගණනය කිරීම සඳහා එයට පෙර වසර කීපයක ජනවාරි මාසවල 1-7 දක්වා දිනවලින් සමන්විත කාලාන්තරයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවන්ගේ සාමාන්‍යය හෙවත් මධ්‍යන්‍යය ගණනය කර එය සමග 2020 වසරේ ජනවාරි 1-7 දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාවන්ගේ වෙනස ගණනය කරනු ලැබේ. එය ධන අගයක් හෝ සෘණ අගයක් විය හැකිය. සෘණ අගයක් වන්නේ නම් එහි තේරුම 2020 වසරේ ඉහත සඳහන් කළ කාලාන්තරය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවය.

ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව වර්ෂ,මාස, සති, දින වැනි කාලාන්තරයන් සඳහා ගණනය කෙරේ.

පහත උදාහරණය සළකා බලමු. එහිදී සළකා බලා ඇත්තේ වර්ෂයක් තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාවන්ය. ශ්‍රි ලංකා ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින් දෛනික, සතිපතා හෝ මාසික වාර්තා නිකුත් කර නැති බැවිනි.

උදාහරණයක් ලෙස 2021 වර්ෂයට අදාළ දත්ත ඇසුරෙන් ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව සහ එහි ප්‍රතිශතය මෙසේ ගණනය කළ හැකිය.

calculation excess deaths 659x1024

ලෝකයේ වෙනත් රටවල වාර්ෂික මරණ සංඛ්‍යාවන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම

ලෝකය පුරා අසාමාන්‍ය ලෙස වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවන් ඉහළ යාම පිළිබඳව මහජනතාවගේ සහ අදාළ බලධාරින්ගේ අවධානය යොමු කිරීමේ අනවරත අරගලයක නිරතව සිටින බ්‍රිතාන්‍ය වෛද්‍ය ජෝන් කැම්ප්බෙල් විසින් පෙන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය තුළ ලෙස අනපේක්ෂිත ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව ඉහළයාම ඉතා ඉහළ අගයක පවතින බවත් එය ජාත්‍යන්තර ප්‍රපංචයක් බවත්ය.

බූස්ටර් මාත්‍රා සහ ප්‍රමාණාධික මරණ අතර සම්බන්ධය පිළිබඳ නවසීලන්ත අධ්‍යයනය

ලෝකයේ ඉතා ඉහළම ප්‍රතිශතයකින් සිය රටවැසියන් කොවිඩ්-19 එන්නත්කරණයට ලක් කරණ ලද රටවල් අතරින් එකක් වන්නේ නවසීලන්තයයි. කොවිඩ්-19 එන්නත්කරණය, බූස්ටර් මාත්‍රාවන් ලබාදීම සහ ප්‍රමාණාධික මරණ පිළිබඳව නවසීලන්ත රජය විසින්ම සතිපතා නිකුත් කරන ලද දත්ත මත පදනම්ව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව සිදුව ඇති අතිරේක මරණවලින් 10%කට වැඩි ප්‍රමාණයකට ගොදුරුව ඇත්තේ වඩාත් වැඩි වාරගණනක් එන්නත්කරණයට ලක් වූවන් නැතහොත් බූස්ටර් මාත්‍රාවන් ලබාගත් අය බවයි.
අතිරේක මරණ නැතහොත් ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව යනු සියලුම හේතුවලින් සිදුවන මරණ සඳහා යම් වසරක් තුළ අපේක්ෂිත මට්ටමට වැඩියෙන් සිදුවන මරණ සංඛ්‍යාවයි.

නවසීලන්තයේ හැමිල්ටන්හි වායිකාටෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝන් ගිබ්සන් විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව සෑම බූස්ටර් මාත්‍රා 100,000කට අතිරේක මරණ 16ක් සිදුව තිබේ. ඒ අනුව නවසීලන්තය තුළ ලබාදී ඇති බූස්ටර් මාත්‍රා සංඛ්‍යාවට ප්‍රමාණාධික අතිරේක මරණ 400කට වැඩි සංඛ්‍යාවකට හේතු වී තිබේ.

මෙම අනුපාතය ලෝකය පුරා ජනතාවන්ට ලබා දී ඇති බූස්ටර් මාත්‍රාවන්ට ආදේශ කළහොත් ලොව පුරා සිදුව ඇති ප්‍රමාණාධික මරණ අතරින් තුන්ලක්ෂයකට වැඩිප්‍රමාණයකට ඒවා හේතුවන්නට ඇතැයි ගිබ්සන් විසින් සඳහන් කර තිබේ.

බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?

“කොවිඩ්-19 බූස්ටර් මාත්‍රා මගින් සිදුකරන ලද එන්නත්කරණය නවසීලන්තයේ ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවී ඇතැයි ” ගිබ්සන්ගේ අධ්‍යයන පත්‍රිකාවේ සඳහන් වේ. එමෙන්ම කොවිඩ්-19 එන්නත් මගින් ලබාදෙන ප්‍රතිලාභයන්ට වඩා ඒවා මගින් සිදුවන හානිය අධික යැයි ද ගිබ්සන් ප්‍රකාශ කර ඇත.

ලෝකයේ සියලුම රටවල ආණ්ඩු විසින් මුලදී ප්‍රකාශකරන ලද්දේ කොවිඩ්-19 එන්නත්වල ආරම්භක මාත්‍රා දෙක ගැනීම ප්‍රමාණවත් බවයි. ජොන්සන් සහ ජොන්සන් වැනි එන්නත් ලබාගත යුතු වූයේ එක් මාත්‍රාවක් පමණි. කෙසේ වුවද පසුව ඔවුහු එය වසරකට වරක් නැවතත් බූස්ටර් මාත්‍රාවක් ගතයුතුව ඇතැයි නිවේදනය කරන ලදි. ඉන්පසුව එය යළිත් වරක් වෙනස් මාස 9කට වරක් ගත යුතුව ඇතැයි පවසන ලදි. අනතුරුව මෙය කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් තොරවම මාස 6 සහ මාස 4 දක්වා විවිධ කාල සීමාවන් තුළ බූස්ටර් මාත්‍රාවන් ලබාගත යුතුව ඇතැයි ජනතාවන්ට බලකරන ලදි. ඖෂධ සමාගම් සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම්වලට අනුව ඇණවුම් කර තිබූ සියලු එන්නත් තොග මිලදී ගැනීමට ඒවනවිට පැවැති තොග අවසන් කළ යුතු වීම මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවයි.ඊනියා කොවිඩ් වසංගතයෙන් අවදානම අඩුම වයස් කාණ්ඩය වූ ළමුන්ටද මෙම එන්නත් සහ බූස්ටර් මාත්‍රාවන් පවා දිගින් දිගටම ලබාදීමට දිගින් දිගටම බල කරන ලද්දේ එහෙයිනි. නවසීලන්ත රජය ද 2021 දෙසැම්බර් මාසයේදී නිවේදනය කරන ලද්දේ එන්නත්කරණයට ලක්වූවන් මාස 4කට වරක් බූස්ටර් මාත්‍රා ලබාගත යුතු බවයි. මේ අනුව 2022 පෙබරවාරි මස වන විට එන්නත්කරණයට ලක්වූවන් 82%ක ජනතාවට නැවත බූස්ටර් මාත්‍රා ලබාගැනීමට බල කෙරිණි.

ගිබ්සන් සිය විශ්ලේෂණය ඉදිරිපත් කිරීමට යොදාගත් පහත ප්‍රස්තාරයේ දැක්වෙන්නේ බූස්ටර් මාත්‍රා ලබාදීම සහ ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව අතර සම්බන්ධතාවයි.

gibson with sinhala

යුරෝපා සංගමය තුළ 2021 සහ 2022 වර්ෂ තුළ ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවේ ඉහළ යාම

යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන සහ දත්ත පිළිබඳ නිල වෙබ් අඩවියක් වන eurostat වෙබ් අඩවිය විසින් යුරෝපා සංගමයේ ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවන් පිළිබඳ දත්ත සහ විශ්ලේෂණයන් ඉදිරිපත් කර තිබේ. 2020, 2021 සහ 2022 වසරවල යුරෝපා සංගමයේ රටවල සිදුව ඇති ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවන් ගණනය කර ඇත්තේ 2016-2019 අතර වසර තුනක කාලය තුළ සියළුම හේතුන් මත සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවේ මධ්‍යන්‍ය අගයට සාපේක්ෂවය.

එම දත්තවල සාරාංශයට අනුව 2016-2019 අතර වසර තුනක කාලය තුළ සියළුම හේතුන් මත සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවේ මධ්‍යන්‍ය අගයට සාපේක්ෂව කොවිඩ්-19 වසංගතය ආරම්භ වූවා යැයි පැවසෙන 2020 වසරේදී සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවන් ඉහළ නැග ඇති ප්‍රතිශතය 11.7 %කි. යුරෝපා සංගමය තුළ කොවිඩ්-19 ට එරෙහි එන්නත්කරණය 2020 දෙසැම්බරයේ සිට ආරම්භ වූ අතර 2021 වසරේ දී සමස්ත මරණ සංඛ්‍යාවන් ඉහළ යාමේ ප්‍රතිශතය 14 % කි. 2022 වසරේදී එම ප්‍රතිශතය 11.1 %ක් වේ.

euro675

vimar382

2021 සහ 22 වර්ෂයන්හි උපත් සංඛ්‍යාව තවදුරටත් විශාල ප්‍රතිශතයකින් පහත වැටීම

thy34545

ඉහත ප්‍රස්ථාරය අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණය වර්ධන වේගය 2007 වර්ෂයේ මේ දක්වා ඉතා ශීඝ්‍ර යෙන් අඩුවෙමින් පවතින බවය.

2007 වර්ෂයේදී වාර්ෂික උපත් සංඛ්‍යාව 386,573ක් වූ අතර ක්‍රමයෙන් පහත වැටෙමින් පැවැති එය 2022 වර්ෂය වන විට 275,321ක් බවට පත් වී තිබේ. එනම් 2007 වර්ෂ‍යේ සිය වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 111,252 කින් අඩු වී තිබේ. 2008 වර්ෂයේ සිට වාර්ෂික උපත් සංඛ්‍යාව අඩුවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2.23%කි.

මෙම ප්‍රස්ථාරයට අනුව වාර්ෂික උපත් සහ මරණ සංඛ්‍යාවන් ප්‍රක්ෂේපනය කළ හොත් 2030 වසර වන විට ඒවා එකිනෙක ඡේදනය වනු ඇත. එහි තේරුම 2030 වසරේදී හෝ ඊට කලින් ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව වාර්ෂික මරණ සංඛ්‍යාවට වඩා අඩුවනු ඇත. මේ අයුරින් ජනගහණ වර්ධනය පාලනය කිරීම එක්සත් ජාතින්ගේ 2030 න්‍යාය පත්‍රයේ ඉලක්කයක් වන අතර මහජන සෞඛ්‍ය පද්ධතීන් බිඳ දැමීම, ආහාර නිෂ්පාදන අඩාල කිරීම, රට ණය උගුලට යටත්කරගනිමින් ජනතා සුබසාධනය සහ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට මුදල් වෙන් කළ නොහැකිවන ණය සහ පොලී ලෙස ජාතික නිෂ්පාදනය කොල්ලකෑම, රටේ ආර්ථික පීඩනය උත්සන්න කර තරුණ ජනතාවට රටින් පලායෑමට සැලැස්වීම, දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි කෙරෙන ජීව විද්‍යාත්මක මෙහෙයුම් දියත් කිරීම, තමන් සතු තාක්ෂණික හැකියාවන් භාවිතා කරමින් දේශගුණික සහ පාරිසරික ව්‍යසන නිර්මාණය ආදි කවර හෝ කෘර උපක්‍රමයන් ජනතාව මත මුදාහරිමින් ඔවුහු එම ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිති.

කොවිඩ්-19 එන්නත්කරණයට පසුව සිදු වූ මරණ පිළිබඳ පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල නිගමන පිළිබඳව විධිමත් විමර්ශනයක්

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත්කරණයට පසු සිදුව ඇති මරණ සම්බන්ධව විධිමත් මරණ පරීක්ෂණ සිදුව ඇත්තේ ඉතා විරල වශයෙන් වන අතර ඒවා සම්බන්ධ විධිමත් වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන්ද සිදු කෙරී ඇති බවට වාර්තා දක්නට නැත.‍කෙසේ වුවද ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායමක් විසින් PubMed සහ ScienceDirect යන වෛද්‍ය විද්‍යාත්මක ජර්නලයන්හි 2023 මැයි මස 18 ප්‍රසිද්ධියට පත් කරන ලද එන්නත්කරණයට පසුව සිදු වූ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 325ක් විමර්ශනය කරනලද අධ්‍යයන පත්‍රිකා 44ක් ඇසුරෙන් කොවිඩ් එන්නත්කරණයට පසුව මරණයට පත්ව ඇති පුද්ගලයන්ගේ මරණයට හේතුව එම එන්නත්දැයි යන්න විමර්ශනයක් කර තිබේ.

කොව්ඩ් 19: මරණ 9 ක් වාර්තා වෙයි ! 

කොවිඩ්-19 එන්නත්කරණයට පසුව සිදු වූ මරණ පිළිබඳ පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල නිගමන පිළිබඳව විධිමත් විමර්ශනයක්

වාර්තාවේ සාරාංශය

පසුබිම

ඉතා කඩිනමින් සංවර්ධනය කරන ලද සහ ලොවපුරා සෑම තැනෙකම භාවිතා කරන ලද කොවිඩ්-19 එන්නත් වලට අදාළ අතුරු ආබාධ විශාල සංඛ්‍යාවක් පිළිබඳ වාර්තා ලැබීම හේතුවෙන් ලිපිඩ නැනෝ අංශු සහ mRNA ව්‍යාප්තිය, ස්පයික් ප්‍රෝටීන හේතුවෙන් පටකවලට සිදුවන හානිය,රුධිර කැටිති ඇතිවීමේ ප්‍රවණතාවන් (Thrombogenicity), ප්‍රතිශක්ති පද්ධතියේ විකෘති ක්‍රියාකාරිත්වය සහ පිළිකා ඇතිවීම(Carcinogenicity) වැනි ශාරිරික හානි සිදුවීමට හේතුවිය හැකි යාන්ත්‍රණයන් පිළිබඳව අවධානය යොමු වී තිබේ. මෙම විධිමත් පරීක්ෂණයේ අරමුණ කොවිඩ්-19 එන්නත්කරණය සහ ඒවා ලබාගත් පසුව සිදුවූ මරණ අතර සම්බන්ධය පිළිබඳව අදාළ පශ්චාත් වෛද්‍ය – මරණ පරීක්ෂණ විශ්ලේෂණ ඇසුරෙන් පරීක්ෂා කරබැලීමය.

ක්‍රමවේදය

2023 මැයි මස 18 වැනි දින දක්වා ප්‍රසිද්ධියට පත් කර ඇති සියලු කොවිඩ්-19 එන්නත් වලට අදාළ මරණ සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා (Autopsy)සහ සතුන් යොදා කොවිඩ්-19 එන්නත් සම්බන්ධව කරන ලද පරීක්ෂණවල වාර්තා (Necropsy)අප විසින් පරීක්ෂණයට ලක් කරන ලදි. අපි ආරම්භයේදී මේ සම්බන්ධව කරන ලද අධ්‍යයනයන් 678ක් හඳුනාගතිමු. අපගේ විමර්ශනයේ ඇතුළත් කිරීමේ නිර්ණායකවලට ගැලපෙන පර්යේෂණ පත්‍රිකා 44ක් තෝරා ගන්නා ලදි.එම පත්‍රිකා අතර පශ්චාත් මරණ පරීක්ෂණ 325ක් සහ සත්වයින් යොදා කරන ලද පරීක්ෂණ එකක් අන්තර්ගත විය. වෛද්‍යවරුන් තිදෙනෙක් විසින් එකිනෙකාගෙන් ස්වාධීනව මෙම වාර්තා විමර්ශනය කර අදාළ මරණයට කොවිඩ්-19 එන්නත් සෘජුවම බලපා ඇත්ද නැතහොත් එම මරණය සිදුවීම සඳහා එන්නත් විශාල වශයෙන් හේතුවී ඇත්දැයි නිගමනය කරන ලදි.

ප්‍රතිඵල

කොවිඩ්-19 එන්නත්කරණය හේතුවෙන් සිදුව ඇති මරණ විශාල සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ හෘදය වස්තුව ඇතුළු රුධිර සංසරණ පද්ධතියට සිදුව ඇති හානිදායක බලපෑම් වේ. එම ප්‍රතිශතය 53%කි.රක්තපාත පද්ධතිය( Hematological System- ඇට මිදුළු, රුධිර සෛල,හීමෝග්ලොබින්,රුධිර පට්ටිකා ඇට මිදුළු, ප්ලීහාව ආදි කොටස් වලින් සමන්විත වන පද්ධතිය) වලට කොවිඩ්-19 එන්නත් නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාවන්ගේ ප්‍රතිශතය 17%කි. ශ්වසන පද්ධතියට සිදුව ඇති හානි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවන්ගේ ප්‍රතිශතය 8% කි. එමෙන්ම ශරීර අවයව සහ පද්ධති ගණනාවකට එකවර සිදුව ඇති හානි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතය 7% කි. මරණ 21 කදී අවයව පද්ධති තුනක් හෝ ඊටවැඩියෙන් හානියට පත්ව ඇත. එන්නත් ශරීරගත කළ අවස්ථාවේ සිට මරණය සිදු වීමට ගතව ඇති කාලයේ මධ්‍යන්‍යය දින 14.3ක් වේ. බොහෝමයක් මරණ සිදුව ඇත්තේ අවසාන එන්නත් මාත්‍රාව ගෙන සතියකට පසුවය. මරණ 240ක් එනම් 73.9%ක් සම්බන්ධව එකිනෙකින් ස්වාධීනව කරන ලද නිගමනය වූයේ එම මරණ සෘජුවම කොවිඩ්-19 එන්නත් හේතුවෙන් සිදුව ඇති බව හෝ එම මරණ සිදු කිරීම සඳහා තීරණාත්මක ලෙස බලපා ඇති බවය.

ප්‍රතිඵල නිර්වචනය කිරීම

මෙම විමර්ශනයට ලක් කරන ලද සිදුවීම්වල කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ, ඒවායේ යාන්ත්‍රණයන් සහ ඒවා හේතුවෙන් මරණ සංඛ්‍යාවන් ඉහළ යාම ආදියේ සංගතතාවයක් නිරීක්ෂණය කරන ලදි. එම නිරීක්ෂණ , මරණ පරීක්ෂණවලින් තහවුරු කෙරී ඇති කරුණු සහ මෙම විමර්ශනය සිදු කරන ලද වෛද්‍යවරුන්ගේ නිගමනයන් විසින් යෝජනා කරන්නේ බොහෝ මරණ සහ කොවිඩ්-19 එන්නත් අතර සම්බන්ධයක් පවතින බවය. අපගේ නිගමනයන් තහවුරු කිරීම සඳහා වැඩිදුර හදිසි පරීක්ෂණ පැවැත්වීම අවශ්‍යව පවතී.

A systematic Review of Autopsy Findings in Deaths After Covid-19 Vaccination

Nicolas Hulscher, BS, Paul E. Alexander, PhD, Richard Amerling, MD, Heather Gessling, MD, Roger Hodkinson, MD, William Makis, MD, Harvey A. Risch, MD, PhD, Mark Trozzi, MD, & Peter A. McCullough, MD, MPH. (2023). A SYSTEMATIC REVIEW OF AUTOPSY FINDINGS IN DEATHS AFTER COVID-19 VACCINATION. Zenodo.

මතු සම්බන්ධයි

මූලාශ්‍ර

Study ties COVID booster to startling spike in excess deaths

කොවිඩ්-19 එන්නත්කරණයට පසුව සිදු වූ මරණ පිළිබඳ පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල නිගමන පිළිබඳව විධිමත් විමර්ශනයක්

A systematic Review of Autopsy Findings in Deaths After Covid-19 Vaccination

Number of Births, Deaths & Marriages by District, 2019 – 2022

Number of Births, Deaths & Marriages by District, 2000 – 2022

John Gibson,The Rollout of COVID-19 Booster Vaccines is Associated With Rising Excess Mortality in New Zealand


(vimarshana.org)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්