The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

June 11, 2023 • 6:18 PM

මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මධ්‍යම පාන්තික ජනතාවට සැප විදින්නට රටේ ඩොලර් ටික විදයම් කිරීමට ඉඩදීමක්’ ලෙස සමහරුන් මේ තීරණය හදුන්වා තිබුණා.
  • ලංකාවේ ආර්ථික තත්වය යහපත්වී ඇති බව තවමත් මධ්‍යම පන්තියේ ඇඟට දැනෙන්නේ නැති බව අපි පිළිගත යුතු වේ.
  • රටේ උද්ධමනය පහත වැටෙමින් ඇති නමුත්, බහුතරයක් ඒ බව පිළිගැනීමට අකමැතිය.
  • පසුගිය වසරට වඩා ඉන්ධන, ගෑස්, පොහොර ඇතුළු භාණ්ඩ මිල පහත වැටී ඇති නමුත් එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවට මැසිවිලි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 ‘මධ්‍යම පාන්තික ජනතාවට සැප විදින්නට රටේ ඩොලර් ටික විදයම් කිරීමට ඉඩදීමක්’ ලෙස සමහරුන් මේ තීරණය හදුන්වා තිබුණා.



ලංකාවේ ආර්ථික තත්වය යහපත්වී ඇති බව තවමත් මධ්‍යම පන්තියේ ඇඟට දැනෙන්නේ නැති බව අපි පිළිගත යුතු වේ. රටේ උද්ධමනය පහත වැටෙමින් ඇති නමුත්, බහුතරයක් ඒ බව පිළිගැනීමට අකමැතිය. පසුගිය වසරට වඩා ඉන්ධන, ගෑස්, පොහොර ඇතුළු භාණ්ඩ මිල පහත වැටී ඇති නමුත් එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවට මැසිවිලි ය. ‘මධ්‍යම පන්තියට ඇඟට දැනෙන්න දෙයක් කළ යුතු බව’  මේ මැසිවිල්ලේ ප්‍රායෝගික ව්‍යවහාරයයි.



පසුගිය මාසයේ මහ බැංකුව ඩොලර් මිලියන 650 කට වඩා වානිජ්‍ය බැංකුවලින් මිලදී ගෙන ඩොලර් සංචිතය ශක්තිමත් කර ගෙන තිබේ. වසරේ මුල් මාස 5 තුල ඩොලර් මිලියන 1670 ක් විදේශ සංචිත වැඩිවී තිබිය දීත්, ඩොලරය රු. 300 ටත් වඩා පහතට වැටුණේය.



2022 අප්‍රේල් මස මෙරට බැංකුවල විදේශ වත්කම් රු. බිලියන 733 ක් විය. 2023 ජනවාරි දක්වාම සෘණ අගයක පැවති එය, ධන අගයක් ගත්තේ 2023 පෙබරවාරියේ දී ය. අප්‍රේල් වන විට රු. බිලියන 150කට වැඩි  විදේශ වත්කම් මෙරට බැංකුව පද්ධතියේ තිබේ. මහ බැංකුව සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම පාලනය කර ඇති බැවින් උද්ධමනය පාලනය වී ඇත.



කාබනික වගාව, බදු සහන, කෝවිඩ් නිසා විනාශ වූ රටේ ආර්ථිකය යහපත් තැනකට පත්කර ගැනීමට හැකිවූවේ ආනයනය පාලනය තුලිනි. එය බැංකු පද්ධතියේ ඩොලර් හිඟය ක්‍රමිකව සමනය කළේය. දැන් දත කළ පටි ලිහිල් කරන අවස්ථාව පැමිණ ඇත.

තහනම ඉවත් වූ භාණ්ඩ අතර කර්මාන්ත අමුද්‍රව්‍ය සහ මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයන් රැසක් තිබේ. අපේ රට සමාජවාදී පාලන ක්‍රමයක් තියෙන හැබැයි ධනපති පාරිභෝගිකවාදී බඩු භාණ්ඩ පිරුණු රටක් ලෙස පවත්වා ගැනීමට කැමති පුරවැසියන්ගේ රාජ්‍යයකි.



මෙරට බැංකු පද්ධතියේ විදේශ සංචිතය ධන අගයකට පත් වී මාස 4 ක් තුල ආනයන තහනම් බහුතරයක් ඉවත්වීම මේ පාරිභෝගිකවාදී සමාජයේ බලාපොරොත්තු ඉටුකිරීමකි. තෙල් මිල පහත දැමීමත් සමඟම ඉන්ධන පාවිච්චිය ඉහළ යාම එයට කදිම උදාහරණයකි!

ආනයන ලිහිල් කළ විට ඩොලරය ඉහළයාම බලාපොරොත්තු විය යුත්තකි. තවදුරටත් ඩොලරයේ මිල පහත වැටීම අපනයනකරුවන්, විදේශයන්ට සේවා සපයන්නන් ගේ ආර්ථිකය විනාශ කිරීමකි.  



අනෙක් අතට ලෝක ආර්ථිකයේ හැකිලීම (ඇමරිකාව හා යුරෝපය) අපේ ආර්ථිකයට බලපෑම්කාරී විය හැකියි.  මධ්‍යම පාන්තික ධනපති සිහින පුරවන්නට නම් ඩොලර් අවශ්‍යයි. ලංකාව සමාජවාදී පාලන ක්‍රමයක්තුල, ධනපති සැප සම්පත්, බඩු භාණ්ඩ පතන සමාජයකි.

එසේ නමුත්, දේශපාලන වේදිකාවේ කියූ ආකාරයට පාන් රාත්තලක් ගන්නට විල්බැරෝවකින් මුදල් ගෙනියන කාලයක් මේ පාලිත තත්වය තුල නම් නොඑන බව ස්ථීරය. ඒ වෙනුවට, සැප සහ අර්ධ සැප භාණ්ඩ රැසක මිල ඉදිරි සති කිහිපයේ දී පහත වැටෙනු ඇත.


Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

rajith_tennakoon@yahoo.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...