The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

June 12, 2023 • 9:36 AM

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විභාග පීඩනය සාධාරණීකරණය කරන්නට තරම් උසස් අධ්‍යාපන අවස්ථා හිඟයක් සමාජයේ නැහැ.
  • ඒ සිසුන් දන්නවා ඇති, ඔවුන්ට යළි පාසල් ඒමට අවස්ථාව නොලැබෙන බව.
  • ඒ වගේම, 11 වසරක අධ්‍යාපනයෙන් ඔවුන්ට යහපතක් නොවූ බව.
  • එවැනි පාසල්වලින් ඉඳහිට සිසුවෙකු උසස් පෙළ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


විභාග පීඩනය සාධාරණීකරණය කරන්නට තරම් උසස් අධ්‍යාපන අවස්ථා හිඟයක් සමාජයේ නැහැ. ලංකාවේ සිසුන්ට මේ වන විට මුදල් ගෙවා ලබාගැනීමේ අවස්ථා අඩු වෛද්‍ය උපාධි විතරයි. අනෙකුත් සියලු ඉහළ ඉල්ලුමක් සහිත උපාධි විදේශ විශ්වවිද්‍යාල සමග සම්බන්ධව රට තුළදීම ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මව්පියන් ඉඩකඩම් විකුණා හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා. ඔය තරම් අධ්‍යාපනික තරගයක් මොකට ද?

 Exams copy

විශේෂයෙන්ම, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ එකම අරමුණ පාසල් යා යුතු වයසේ ළමයින්ගෙන් පිරිසක් පාසලින් බැහැර කිරීමයි. එම පිරිස යළි පාසලට ආකර්ශනය කරගන්නට වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඔවුන්ට දෙවෙනි වර සාමාන්‍ය පෙළ විභාගයට පාසලෙන් පෙනී සිටීමේ අයිතිය තිබුණත්, කිසිදු පාසලක් ඔවුන්ට පාසල් එන්නට දෙන්නේ හෝ විභාගයට සූදානම් කරන්නේ හෝ නැහැ. ඔය සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිසුන් ඩෙස් පුටු සීලිමේ එල්ලා ගිය දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලය වැනි පාසල්වල සා.පෙ. ප්‍රතිඵල පරීක්ෂා කර බලන්න. ඒ සිසුන් දන්නවා ඇති, ඔවුන්ට යළි පාසල් ඒමට අවස්ථාව නොලැබෙන බව. ඒ වගේම, 11 වසරක අධ්‍යාපනයෙන් ඔවුන්ට යහපතක් නොවූ බව. ඒ වෛරය අසාධාරණ ද?

එවැනි පාසල්වලින් ඉඳහිට සිසුවෙකු උසස් පෙළ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා ඇති. වර්තමාන සමාජ ආර්ථික පරිවර්තතනය තුළ, කලා උපාධි සඳහා තරග කිරීමේ කිසිම තේරුමක් නැහැ. ඒවායින් අනාගතයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ හැකි රැකියා සංඛ්‍යාව ඉතා අල්පයි. ලංකාවේ උපාධි ලබාගන්නේ මූලික වශයෙන්ම රජයේ රැකියා ලබාගන්නටයි. දැන් පවතින තත්වය තුළ රජයට තවදුරටත් කලා උපාධිධාරීන්ට පිං රැකියා සපයන සේවායෝජකයකු වීමේ හැකියාව නැහැ.

රජයේ විශ්වවිද්‍යාලවල ඉහළ ඉල්ලුමක් තිබෙන උපාධි පාඨමාලා වන වෛද්‍ය විද්‍යා, ඉංජිනේරු වැනි පාඨමාලාවලට තේරෙන්නේ රටේ ප්‍රධානම පෙළේ පාසල්වලට ප්‍රවේශය කෙසේ හෝ ලබාගත් සිසුන් විතරයි. ඒ අය මිල වැඩිම ටියුෂන් ද ලබාගන්නවා.
 
6462bac2a310b60580ccf26f

ලෝකය කෘත්‍රිම බුද්ධිය වෙත නැඹුරු වී තිබෙන වර්තමානයේදී ලංකාවේ රජයේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ යුග ගණනක් පැරණි ප්‍රවේශයක්. ලංකාව අඩු තරමේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හෝ හඳුනාගෙන නැහැ. ජේසු ජීවමානයි සුවකරන්නන් පන්නයේ විභාග සමත් කරන දේශනාකරුවන් අධ්‍යාපනඥයන් බවට පත් වී සිටින්නේ ඒ නිසායි.

අනාගතයට වැදගත් වන්නේ ඉගෙනගන්නා හැටි ඉගෙනීම විතරක් වෙන්නට පුළුවන්. ඒකත් ඉගැන්වීම අවශ්‍ය නොවන්නට පුළුවන්. ගුරුවරයා නම් වන ශ්‍රී ලංකාවේ සිටින පරිණාමය නොවන හෝ දේශනාකරුවකු බවට පරිණාමය වෙමින් සිටින වෘත්තිකයා වෙනුවට අනාගතයේදී අවශ්‍ය වන්නේ මාර්ගෝපදේශයකු හෙවත් මෙන්ටර්වරයකුයි.
 
ලංකාවේ බොහෝ පාසල් ගුරුවරුන් ටියුෂන් වෙළඳපොළේ වෙළෙන්දන් හෝ දැනුවත් හෝ නොදැනුවත් තැරැව්කරුවන් වී හමාරයි. ඔවුන් කරන්නේ ටියුෂන් වෙළඳපොළේ අවශ්‍යතාවන්ට අනුව ළමයින් හා මව්පියන් බියට පත්කිරීමයි. පාසල් විෂය නිර්දේශ සම්පාදකයන් ද කරන්නේ තමන් දන්නා සියල්ල ඇතුළත් කර විෂය නිර්දේශ පිරවීමයි. මෙයින් සිදුවී තිබෙන්නේ ලාංකීය ළමයින්ගේ ළමා කාලය අපායක් බවට පත්වීමයි. ඔවුන් අතරින් පිටවන්නේ ඒ වෛරයයි.
අපේ පාසල ළමයින්ට විනීතව ආහාර ගන්නා හැටි උගන්වා තිබේද? වැසිකිළි පාවිච්චි කරන හැටි උගන්වා තිබේද? අධ්‍යාපනයට නොගැලපෙන නිල ඇඳුම් සංස්කෘතිය අපේ ළමයින්ගේ නිදහසට කෙතරම් බාධාවක්ද? අපේ පාසල ළමයින්ට සතුටු වන්නට දිරිගන්වනවාද? කෙතරම් ප්‍රචණ්ඩත්වයක් පාසල තුළ ක්‍රියාත්මක වෙනවාද?

ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


සබැඳි ලිපි :

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)





JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader