The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සැමියන්ටත් දිනයක්

T

The Leader Desk

June 18, 2023 • 8:20 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සැමියන්ටත් දිනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, කිසියම් විෂයයක් සඳහා ලෝකයේම අවධානය යොමු කෙරෙන, විවිධ තීන්දු තීරණද ක්‍රියාවට නැංවේ.
  • World Husband Appreciation Day නමින් හැඳින්වෙන, මෙම සැමියන් ඇගැයීමේ දිනය සඳහා, වැඩි ඡන්දෙයන් යෝජනා වී තිබුණේ අප්‍රේල් 1දාටය.
  • එහෙත් ''We Love Our Hubbies'' නමැති කාන්තා සංවිධානය මගින් සානුකම්පිත විරෝධයක් දක්වා, එය අප්‍රේල් 20දාට, වෙනස් කරනා ලදී.
  • බිරින්දෑවරුන්ටද දිනයක් වෙන් වී ඇති අතර, ඒ සැප්තැම්බර් 17දා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, කිසියම් විෂයයක් සඳහා ලෝකයේම අවධානය යොමු කෙරෙන, විවිධ තීන්දු තීරණද ක්‍රියාවට නැංවේ.

වඩාත් ප්‍රකට ජාත්‍යන්තර දින අතර, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, වැලන්ටයින් දිනය නොහොත් පෙම්වතුන්ගේ දිනය, වැනි දින දැක්විය හැකිය.

මෑත කාලය තුළ, ජාත්‍යන්තර දින වඩාත් පුළුල් වූ අතර, ඉන් කීපයක් මෙසේය.

• ලෝක ආහාර දිනය
• ලෝක ගොවිපළ සත්ව දිනය
• සාගර දිනය
• පාපැදි දිනය
• සෙංගමාල (හෙපටයිටිස්) දිනය
• තෙත් බිම් දිනය
• ලේ දන්දීමේ දිනය
• රේඩියෝ දිනය
• ජල දිනය
• දුම්වැටි විරෝධී දිනය
• අමද්‍යප දිනය
• බුද්ධිමය දේපල දිනය


360 F 402967583 4lZHr930wAzwpED4dEiyDwOgDidSY9US

මේ හැරුණු විට තව තවත් දින රාශියකි.

මෑතකදී සැමියන්ගේ දිනයක්ද වෙන්කර තිබීම ලෝකයේ සියලුම විවාහක පිරිමින්ගේ අමන්දානන්දයට තුඩුදෙන කාරණයකි. World Husband Appreciation Day නමින් හැඳින්වෙන, මෙම සැමියන් ඇගැයීමේ දිනය සඳහා, වැඩි ඡන්දෙයන් යෝජනා වී තිබුණේ අප්‍රේල් 1දාටය. එහෙත් ''We Love Our Hubbies'' නමැති කාන්තා සංවිධානය මගින් සානුකම්පිත විරෝධයක් දක්වා, එය අප්‍රේල් 20දාට, වෙනස් කරනා ලදී.

බිරින්දෑවරුන්ටද දිනයක් වෙන් වී ඇති අතර, ඒ සැප්තැම්බර් 17දා ය. කෙසේ වෙතත්, කැමති කෙනෙකුට, අප්‍රේල් 1දා ''අඹු-සැමි දිනය'' වශයෙන් සළකා, තම විවාහ සංවත්සරයන් පැවැත්වීමේ අයිතිය දීමටද, ලෝක දින කමිටුව අනුමැතිය පළකර ඇතැයි'' විශ්වාස කටයුතු නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කමිටුවේදී ගත් තවත් තීරණයක් වූයේ, සැමියන්ගේ දිනය, ජාත්‍යන්තර සැමියන්ගේ දිනය ලෙසින් මිස, ලෝක සැමියන්ගේ හෝ ලෝක විවාහක පුරුෂයන්ගේ දිනය ලෙසින් භාවිත නොකළ යුතු බවය. ඊට හේතු වූයේ, සැමියන් අතර ''ලෝකයන්'' ද සිටිනා බව විවාහක ස්ත්‍රීන් විසින් පෙන්වා දෙනු ලැබීමය.

getty

ජාත්‍යන්තර සැමියන්ගේ දිනය පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ වූ අතර, ඉන් කීපයකි මේ.

• මෙවර ''සැමියන්ගේ දින සමුළුව'' සඳහා ලෝකයේ වැඩිම දික්කසාදයන් සිදුවන රට ලෙස හඳුනාගෙන ඇති මාලදිවයින තෝරාගත යුතුය. (එහි දෙවැනි, තෙවැනි දිනා ඇති රටවල් වනුයේ ජපානය සහ ආර්ජන්ටිනාවය)

• වැඩිම කාලයක් විවාහ ජීවිතය පවත්වාගෙන ගිය සැමියන් සිය දෙනෙකුට හා අඩුම කලකින් විවාහ ජීවිතය නිමා කළ සැමියන් සිය දෙනෙකුට, උපහාර සම්මාන ප්‍රදානය. (වැඩි කලක් විවාහ ජීවිතය ගෙනයාම මෙන්ම, කෙටි කලකින් නිමා කිරීමද පහසු කටයුත්තක් නොවන බව, එක්සත් ජාතීන්ගේ විවාහ ජීවිත සමීක්ෂණයකින් අනාවරණය වී තිබුණි.)

• වැඩිම කලක් විවාහ ජීවිතය ගත කළ හා අඩුම කලක් විවාහ ජීවිත ගත කළ සැමියන් අතින්, ඔවුන්ගේ භාර්යාවන් සඳහා උපහාර සංකේත පිරිනැමීම.

• සැමියන්ගේ දිනයේදී බිරිඳ විසින් තම සැමියන්ට නිවසින් පිට ඕනෑම තැනකදී, ඕනෑම කෙනෙකු හෝ පිරිසක් සමඟ ඕනෑම අයුරකින් විනෝදවීමේ නිදහස ප්‍රදානය කිරීම.

• ''නිදහස හා ස්වාධීනත්වය'' පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම: එහි දේශකයන් වශයෙන් දික්කසාද වූ කීප දෙනකුට ආරාධනා කෙරෙනු ඇත.

• විවාහකයන් සඳහා වාර්ෂික නිදහස් සතියක් පැවැත්වීමටද යෝජනා විය. එම සතියේදී බිරිඳ, තම දෙමව්පියන් වෙත යා යුතුය. ඔවුන් ජීවතුන් අතර නොමැති නම්, මිතුරියකගේ නිවසක නිවාඩුවක් ගත කළ හැකිය. ඒ කාලය තුළ, දෙදෙනා විසින්ම, දෙදෙනා පිළිබඳව කිසිදු සොයාබැලීමක් නොකළ යුතුය.

• ''සැමියන්ගේ දිනය'' තුළදී, පුරුෂාධිපත්‍යයට විරුද්ධ ප්‍රකාශන නිකුත් කිරීම හෝ උද්ඝෝෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

marriage

සැමියාගේ දිනයේදී ''විවාහය'' යනු තහනම් වචනය විය හැකිය. එහෙත් විවාහය පිළිබඳ පහත දැක්වෙන කියුම් ද, සියලු සැමියන් විසින් මතකයේ තබාගැනීම වැදගත් වනු ඇත.

• විවාහය යනු කාසියකි. සැමියා එහි එක පැත්තකය. බිරිද අනෙක් පැත්තෙහිය. ඔවුනට එකිනෙකා හඳුනා ගැනීමට කිසිදු අවස්ථාවක් නත.

• විවාහය යනු මුවැත්තියන් විසින් නිර්භීත සිංහයන් පරාජය කරනු ලබන මහා වනාන්තරයකි.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...