එවකට ජවිපෙ නායකත්වයේ සිටි ලයනල් බෝපගේ හා උතුරේ අරගලයේ පුරෝගාමියෙකුගේ ජීවිත වටා එතුණු ලාංකීය දේශපාලන කතාවේ චිත්‍රපටය : "ද්වන්ධ", යූටියුබ් වෙත මුදා හැරේ.


දෙසැම්බර් මස අටවෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර, පිහිටි ග්ලෙන් වේවර්ලී පැවැති ලයනල් බෝපගේ ප්‍රත්‍යාවලෝකන වැඩසටහනට සමගාමී ව, 2019 වර්ෂයේ නිෂ්පාදිත, ද්වන්ධ - a tale of two rebels වාර්තා චිත්‍රපටය, නැවත වරක් දියත් කිරීම (relaunch) කෙරිණ.


ද්වන්ධ චිත්‍රපටය, කොළඹ, යාපනය, ලන්ඩන්, හේග්, මෙල්බර්න්, හවායි නුවර හී ප්‍රදර්ශනය වූයේ 2019 ඔක්තෝබර් මස සිට ය. චිත්‍රපටයේ සෙසු මුදා හැරීම 2020 සිට පැවැති, කෝවිඩ් වසංගතය නිසා තරමක් අඩාල විණ. 

දැනට විප්‍රාවාසයේ වෙසෙන, දකුණේ හා උතුරේ අරගලවල පුරෝගාමී නායකත්වයේ සිටි චරිත දෙකක්, පදනම් කරගෙන ඔවුන්ගේ ළමා කාලයේ සිට ලාංකීය දේශපාලනයේ විවිධ අවස්ථා සමග ඔවුන් අභිමුඛ වූ ආකාරය හා ඒ අරභයා ඔවුන් සන්නද්ධ අරගලයකින් ප්‍රතික්‍රියා කළ ආකාරය චිත්‍රපටයේ ආවර්ජනාත්මක ව දිග හැරේ. විශේෂයෙන් මේ දෙදෙනාගේ ළමා කාලය පනහ දශකය තුළ සිදුවූ දේශපාලන විපර්යාස ඔවුන්ගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් විස්තර කෙරේ. උතුරේ හා දකුණේ අරගල එකිනෙකට අභිමුඛ නොවීම ගැන ඔවුන් දෙදෙනාගේ ම ජීවිත කතා තුළින් මතුවන්නේ අසිතූ විරූ ආකාරයකිණි. 

ඕස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ දැනට විප්‍රවාසී ව වෙසෙන මේ පුද්ගලයන් දෙදෙනා සමග, චිත්‍රපටයේ අධ්‍යක්ෂක ආචාර්ය උදන් ප්‍රනාන්දු වසර දෙකක පමණ කාලයක් තුළ කළ පර්යේෂණ හා දීර්ඝ සම්මුඛ සාකච්ඡා මිත්‍රපටයේ තිරනාටකයට  පාදක වී ඇත. 2019 අප්‍රේල් මුල, අදාළ චරිත දෙක ලංකාවට පැමිණයේ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ය. ද්වන්ධ චිත්‍රපටයේ නිර්මාණයට දායක වූ ශිල්පීන්ගේ නාමාවලිය පහත දැක්වේ. 

කැමරා අධ්‍යක්ෂණය : ධනුෂ්ක ගුණතිලක සමග සමීර වීරසේකර
සංස්කරණය : සමන් ඇල්විටිගල
සංගීතය : නදීක ගුරුගේ
වර්ණ සංයෝජනය : දිනිඳු ජාගොඩ
ශබ්ද පරිපාලනය: ප්‍රියන්ත අරුණ කළු ආරච්චි
නිශ්චල ඡායාරූප : ශානි ජයවර්ධන 
සංකල්පය, පර්යේෂණ හා අධ්‍යක්ෂණය :  උදන් ප්‍රනාන්දු 

විනාඩි 52 ක ධාවන කාලයෙන් යුතු ද්වන්ධ - a tale of two rebels වීඩියෝව පහත දැක්වේ. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්