වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල අපරාධවලින් 50%කට වැඩි ප්‍රමාණයක විමර්ශන, එම වසර තුළ ම සිදු නොවන බව ශ්‍රී ලංකා පොලීසි සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

ඊට අමතරව වාර්ෂික සිදුවන බරපතල අපරාධවලින් 75%කට අධික ප්‍රමාණයකට කිසිඳු විසඳුමක් නොලැබෙන බවත් එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්නුම් කරයි.

අපරාධකරුවන්ට නිසි දඬුවම් දීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ශිෂ්ඨසම්පන්න සමාජයක් පිළිගන්නා මූලික ධර්මතාවකි. ජීවිතය, දේපල, ගරුත්වය ආදිය පිළිබඳ අපරාධවලට ක්‍රියාත්මක කිරීම සඳහා සමාජය විසින් නීති රීති ගොඩනංවාගෙන තිබෙන්නේ එකී මානව ධර්මතාව සුරැකීම පිණිසයි. නීතිය ආරක්ෂා කරමින් සුරක්ෂිත සමාජ පරිසරය ආරක්ෂා කිරීමේ කාර්ය කිරීම පිණිස පොලීස් පද්ධත් නීතිය උල්ලංඝණය වන අවස්තාවල යුක්තිය පසිඳලීමේ කාර්ය කිරීම සඳහා අධිකරණ පද්ධතියක් සමාජය විසින් ගොඩනංවාගෙන ඇත. එහෙත් මෙකී පද්ධතිවලින් ඒ කාර්යයන් නිසි අයුරින් ඉටු නොවේ යැයි සමාජය වෙතින් විවේචන එල්ල වන බැවින් ඒ පිළිබඳව ද 2022 වසර දීප ව්‍යාප්ත බරපතල අපරාධ පිළිබඳ සංඛ්‍ය දත්ත ඇසුරින් අධ්‍යයනයක නිරත වූයෙමු.

 

විනිසුරු පත්කිරීම් ගැන විනිසුරුවෝ නොසතුටින්

2022 වසරේ සටහන් වූ බරපතල බරපතල අපරාධ 37120න් අපරාධ 22218ක විමර්ශන කටයුතු වසර අවසානය වන විට සිදු වී නොතිබුණු අතර අපරාධ 8024ක් සම්බන්ධයෙන් තීන්දු දීම විවිධ උසාවිවල ප්‍රමාද වී තිබුණි. උසාවිවල බරපතල අපරාධ නඩු 7377ක්, 598ක් හා 54ක් පිළිවෙලින් මහේස්ත්‍රාත් උසාවිය, දිසා/මහාධිකරණය, නීතිපති දෙපාර්තුමේන්තුවේ ප්‍රමාද වී ඇත. වර්ෂය තුළ වාර්තා වූ සමස්ත බරපතල අපරාධ අතරින් කිසියම් හෝ විසඳුමක් ලැබී තිබුණේ අපරාධ 6873ක් සම්බන්ධයෙන් පමණි.

 

cri 2
අපරාධකරුවෝ නිදැල්ලේ

 

Car Thief Car Robbery
වාර්තා වූ බරපතල අපරාධ අතර නිවාස බිඳීම් පිළිබඳ පැමිණිලි 8641ක් වාර්තා වී තිබුණි. ඉන් 2699ක් ම අවසන් වී ඇතැයි වාර්තාවේ දැක්වෙතත් සැකකරුවන් නොමැති නිසා අවසන් කර තිබුණු අපරාධ ගණන 2340කි. ඒ අනුව සත්‍ය වශයෙන් කිසියම් අයුරකින් විසඳා තිබුණේ සිදුවීම් 359ක් පමණි. වසර අවසානය වන විට කිසිඳු විසඳුමක් නොලැබුණු නිවාස බිඳීම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 5942කි. නිවාස බිඳීම් ඇතුළුව මංකොල්ල කෑම්, සොරකම, මූල්‍ය වංචා ඇතුළු මුදල්, භාණ්ඩ හා දේපල සම්බන්ධ බරපතල අපරාධ පිළිබඳව ලැබුණු පැමිණිලි ප්‍රමාණය 20826කි. ඉන් පැමිණිලි 15132කට එම වසරේ විසඳුම් ලැබී නැත.

2022 වසරේ වාර්තා වූ දෙවන වැඩිම අපරාධය ඛාණ්ඩය මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ ය. වාර්තා වූ පැමිණිලි 8268න් 7513ක් ප්‍රමාද වී ඇත. මහේස්ත්‍රාත් උසාවියේ ප්‍රමාද වූ නඩු අතර හතරෙන් එකක් ම එනම් 2242ක් අන්තරායකර ඖෂධ හා සම්බන්ධ බරපතල අපරාධ පිළිබඳ නඩු වීම විශේෂත්වයකි.

cri 3
මිනීමැරුම්, බරපතල ශාරීරික හානි, තියුණු ආයුදවලින් පහරදීම් ආදී බරපතල වැරදි 3739ක් වර්ෂය තුළ වාර්තා වී තිබුණත් ඉන් 3501කට විසඳුම් ලැබී නොතිබුණි. මෙය වසර තුළ නොවිසඳුනු අපරාධ අතුරින් 90%කට වැඩි ප්‍රතිශතයක් පෙන්නුම් කරයි.

වින්දියාට යුක්තිය ඉටු වෙයි ද!

පොලිස් වාර්තා අනුව 2022 වසරේ ලිංගික අපරාධ පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 2579කි. ඒ අතර වයස අවුරුදු 16ට අඩු බාලවයස්කරුවන් කැමැත්තෙන් ලිංගික අතවරයට ලක්කිරීමේ පැමිණිලි 1389ක් හා අකැමැත්තෙන් අතවරයට ලක්කිරීම් පිළිබඳ පැමිණිලි 338ක් වශයෙන් 1727ක් ලැබී තිබේ. ලිංගික අපරාධ සම්බන්ධ පැමිණිලිවලින් 2579න් 2536කට එම වර්ෂය තුළ විසඳුමක් ලැබී නැත. ඒ අනුව ලිංගික අපරාධ පිළිබඳ බරපතල වැරදිවලින් 98%කට විසඳුම් ලැබී නැත.

මෙම දත්ත වාර්තා අනුව පොලිස් විමර්ශන ප්‍රමාද වීම හේතුවෙන් වින්දිතයන්ට සාධාරණයක් ඉටු වීම ප්‍රමාද වීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. එය යුක්තිය ඉටුවීම ප්‍රමාද වන බරපතල අපරාධ අතරින් 2/3කි. අධිකරණ පද්ධතිය තුළ ද නීතිය ක්‍රියාත්මක වීමේ සැලකිය යුතු ප්‍රමාදයක් පෙන්නුම් කරයි. වරින්වර අධිකරණ පද්ධතිය ප්‍රතිව්‍යූහගත කිරීමටත් අධිකරණ ප්‍රමාණය වැඩි කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් විය. මෙම සංඛ්‍යා දත්ත එකී යෝජනාවන් තවදුරටත් ශක්තිමත් කරයි.

 

ලිංගික අතවර ගැන කැබිනට් තීරණයක්
ස්ත්‍රී දූෂණ අපරාධයකට වසර 20ක් ගත වූ දඬුවම් නියම වූ අවස්ථා මෑතක දී වාර්තා විය. එසේ ප්‍රමාද වී නීතිය ක්‍රියාත්මක වීමෙන් වින්ධිතයාට සාධාරණයක් ඉටුවීමට වඩා නීතිය කොතරම් ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක වනු ඇතැයි ආඩම්බරය පමණක් ඉතිරි කරයි. මිනී මැරුම් වැනි බරපතල අපරාධ සම්බන්ධයොන් SOCO නිළධාරීන් ඉතා කෙටි කාලයක් තුළ ඇඟිලි සලකුණු, DNA සාම්පල ආදි ශක්තිමත් නඩු භාණ්ඩ ලබාගත්තත් පොලිස් විමර්ශන අවසන් නොවන්නේ රජයේ රස පරීක්ෂණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය නිසා ද යන සැකය පැන නගී. SOCO අංශයේ ඉහළ නිළධාරියෙකු පෙන්වා දුන්නේ වසර 10කට 15කට පෙර ඔහු අපරාධයක් සිදු වූ ස්ථානයක් පරික්ෂා කර නඩු භාණ්ඩ රැස්කරගත් අපරාධයකට අදාළ අවසන් තීන්දු තවමත් නොලැබුණු බවකි. මිනීමැරුම් වැනි අපරාධ විමර්ශනයක දී  අධිකරණ වෛද්‍ය වාර්තා ද වැදගත් වන අතර එහි සිදුවන ප්‍රමාදයන් ද අවසන් තීන්දු ප්‍රමාද කිරීමට දායක වෙයි. මේ ආකාරයට සිදුවන සියලු ප්‍රමාදයන් නිසා ඇතැම් විටෙක වයස අවුරුදු 80 ඉක්ම වූ තැනැත්තෙකු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියම වන විහිළුසහගත තත්වයන් ද අසන්නට ලැබේ.

මේ අයුරින් නිතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් වින්දිතයාට සාධාරණයක් ඉෂ්ට නොවීමට අමතරව ඔහුගේ සමාජයේ නිදහසේ සැරිසැරීම හේතුවෙන් සමාජය අනාරක්ෂිත තත්වයකටත් ඇද වැටෙයි. ඒ අරුතින් ගත් කළ සමාජය විසින් ගොඩනංවාගත් නීතියෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට හා යුක්තිය පසිඳලීමට සකස් කළ පද්ධතියෙන් ද සමාජයට සතුටු විය හැකි තරමින් වැඩකටයුතු ඉෂ්ඨ සිද්ධ වී ඇත් දැයි ඇසිය යුතු වැදගත් පැනයකි.

PHOTO 2023 08 27 12 51 35(සකීෆ් සාම්)
කැලණිය සරසවියේ ජනමාධ්‍ය අංශයේ සහකාර කථිකාචාර්ය 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්