"ලංකාවට ඇවිල්ලා තේරුමක් තියෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා, රටේ තියෙන ආර්ථික,
දේශපාලන ප්‍රශ්න එක්ක රට ගොඩ යයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මෙහේ සෙටල් වෙන්න තමයි බලන්නේ.”

හිරුණි විදේශගත වුයේ ඇයගේ උසස් අධ්‍යාපනය සඳහා පමණක්ම නොවේ. මෙරට තුළ යහපත් අනාගතයක් නැතැයි සිතන ඇයගේ තවත් එක් අරමුණක් වන්නේ විදෙස් රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසි භාවය ලබා ගැනීම ය.

අපගේ කතා නායිකාව ඇය වන අතර ඇය මෙන්ම බොහෝ දෙනෙකු උසස් අධ්‍යාපනයට යැයි පවසා විදේශ ගතවී ඇත.තවත් බොහෝ දෙනෙකු කෙසේ හෝ විදේශ රටකට යාමට අපේක්ෂාවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලි තිබෙන අවස්ථාවක විදෙස් ගතවීමට ඒ සෑම දෙනා අතේම මුදල් තිබේ ද? ඒ සඳහා ඔවුන් කරන්නේ කුමක් ද? මේ බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලිමකි.

sgsrgවිදෙස් රටක අධ්‍යාපන ශිෂ්‍යත්ව ලැබෙන්නේ අතලොස්සකට පමණකි. එසේ නොමැතිනම් අදාළ රටේ වීසා ලබා ගැනීමට අධ්‍යාපනයට හා එම රටේ දී වියදම් සඳහා ඔබ සන්තකයේ මුදල් ඇති බව තහවුරු කිරිම අනිවාර්ය වේ.

 

“මම ඉස්සෙල්ලාම ෆින්ලන්ඩ් යන්න ගියේ, ඒත් සල්ලි පෙන්නන ඒකේ ප්‍රශ්නයක් වෙලා වීසා ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මම එංගලන්තයට එන්න වැඩ කළේ. ඇත්තටම ලොකු ගානක් අතේ තියෙනවා කියලා පෙන්නන්න උනා විසා ගන්න, ඒත් එච්චර මුදලක් අතේ තිබුනේ නැහැ. එතකොට තමයි මම වැඩේ බාර දුන්න ඒජන්ට්ට. මට ෂෝ මනී කරන කෙනෙක්ව සම්බන්ධ කරලා දුන්නේ ඒ හරහා තමයි සේරම වැඩ කරගෙන වීසා ගහගත්තේ.”

විදෙස් රටක අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ අතලොස්සකට පමණකි. එසේ නොමැතිනම් අදාළ රටේ වීසා ලබා ගැනීමට අධ්‍යාපනයට හා එම රටේ දී වියදම් සඳහා ඔබ සන්තකයේ මුදල් ඇති බව තහවුරු කිරිම අනිවාර්ය වේ.

රටින් රටට පෙන්විය යුතු මුදල් ප්‍රමාණය වෙනස්වන අතර එම මුදල ලක්ෂ අසූවේ සිට ලක්ෂ 100, 200 දක්වා හෝ ඊටත් වඩා වැඩි විය හැකි බව බීබීසි සිංහල කළ සොයා බැලීමක දී දැනගන්නට හැකි විය.

“අතේ තිබුනා මුදලක් ඒකට ෂෝ මනී පෙන්නන කෙනාගේ කොටසත් දාලා තමයි බැංකුවට දැම්මේ. බැංකුවේ වැඩ ටික සේරම ෂෝ මනි කරන කෙනා කරළා දුන්නා මට තිබුනේ එයාගේ ගාන ගෙවන එක විතරයි.”

 

cghttරටින් රටට පෙන්විය යුතු මුදල් ප්‍රමාණය වෙනස්වන අතර එම මුදල ලක්ෂ අසූවේ සිට ලක්ෂ 100, 200 දක්වා හෝ ඊටත් වඩා වැඩි විය හැකි බව අනාවරණය විය

 

'කෑෂ් බැක් කියලා එක විදියක් තියෙනවා, ෆුල් කෑෂ් කියලා තවත් ක්‍රමයක් තියෙනවා'

බීබීසි සිංහල මේ පිළිබඳව තවදුරටත් කරන ලද සොයා බැලීමක දී වීසා ලබා ගැනීමට අවශ්‍ය මුදල් පෙන්වීමට, මුදල් සොයා ගත් ආකාරයට අවශ්‍ය ලියකියවිලි සැකසීමට තැරැව්කරුවන් බොහෝමයක් සිටින බව දැනගන්නට ලැබුණි.

එසේ මුදල් පෙන්වීමට අවශ්‍ය එක් තැරැව්කරුවකු සම්බන්ධ කරගෙන විස්තර ලබා ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය.

 

“කෑෂ් බැක් කියලා එක විදියක් තියෙනවා, ෆුල් කෑෂ් කියලා තවත් ක්‍රමයක් තියෙනවා. කෑෂ් බැක් එකේ දී වැඩි කොටසක් අපි දානවා, ඉතිරි 10% වගේ ඔයා දාන්න ඕනේ. ෆුල් කෑෂ් කරනවා නම් අපි ඔයාට අවශ්‍ය ගාන බැංකුවට දානවා. කෑෂ් බැක් කරනවා නම් දාන මුදලින් 1.5% වගේ ෆුල් කෑෂ් කරනවා නම් 3% වගේ තමයි අපේ ගාන වෙන්නේ.” යැයි තරිඳු යන අන්වර්ථ නාමයෙන් අප හඳුන්වාදෙන තැරැව්කරුවා කියා සිටියේය.

“ලක්ෂ සීයක් වගේ පෙන්නවා නම් කෑෂ් බැක් මෙතඩ් එකේදී වෙන්නේ අපි ලක්ෂ 90ක් දානවා ඉතිරි ලක්ෂ 10 ඔයා දාන්න ඕනේ. ඒ දාලා ඔයාගේ නමට එෆ් ඩී එක දාලා. ඔයාට අවශ්‍ය එෆ් ඩී සෙටිෆිකර්ට් එකයි, බැලනස් කන්ෆමේෂන් එකයි බෑන්ක් එකෙන් ගත්තාට පස්සේ අපි අර දාන එෆ් ඩී එකෙන් 90%ක ලෝන් එකක් අරගෙන අපි දාපු ලක්ෂ 90 අයින් කරගන්නවා. ඒක කරන්න තමයි 1.5% ක් ගන්නේ අපි. ඒක වන් ටයිම් පේමන්ට් එකක්.”

 

“ෆුල් කෑෂ් මෙතඩ් එකේදී වෙන්නේ ඔයා සල්ලි දාන්න ඕනේ නැහැ. ලක්ෂ 100 අපි දානවා, දාලා එකවුන්ට් එකේ තියෙනවා. ඒකට රේට් එක 3% මාසෙකට. ඒක එම්බසින්යෙන් චෙක් කළත් ප්‍රශ්නයක් නැහැ. මොකද එකවුන්ට් එකේ ජෙනුවින් සල්ලි තියෙනවා.” තරිඳු පැවසීය.

vgjty4545වීසා ලබා ගැනීමට අවශ්‍ය මුදල් පෙන්වීමට, මුදල් සොයා ගත් ආකාරයට අවශ්‍ය ලියකියවිලි සැකසීමට තැරැව්කරුවන් බොහෝමයක් සිටින බව අනාවරණය විය

 

ඔහු මේ සඳහා පුද්ගලික බැංකු කිහිපයක් යොදා ගන්නා අතර සමාන්‍ය වශයෙන් දිනකට පුද්ගලයින් 5 දෙනෙකුට වඩා ගණක් ඔහුගෙන් සේවය ලබා ගන්නා බව ද පැවසීය.

තරිඳු මෙන්ම මෙම සේවය සපයන තවත් බොහෝ දෙනෙකු සිටින බව බීබීසී සිංහල වෙත දැන ගැනීමට හැකි වු අතර ඇතමුන් පුවත්පත් දැන්වීම් හෝ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ලබා දෙමින් සේවය සපයනු ලබයි.

 

සල්ලි ලැබුණ විදිය පෙන්වන ක්‍රමය

ඉගෙනීමට මෙන්ම අදාළ රටේ ඔබ ඉන්නා කාලය තුළ ජීවත් වීමට අවශ්‍ය මුදල් පෙන්වීම වීසා ලබා ගැනීමට අනිවාර්ය අතර එම මුදල් ලැබුණ ආකාරය මෙන්ම නැවත පෙරළා මව්බිමට යෑමට හේතු ඇති බවද පෙන්වීම අනිවාර්ය වේ.

තැරැව්කරුවන් හරහා මුදල් ලබා ගන්නා බොහෝ දෙනකු එම මුදල් යම් දේපළක් විකිණිමෙන් සොයා ගන්නා ලද බවට වීසා නිලධාරින්ට දන්වන අතර නැවත පෙරළා පැමිණෙන බව පෙන්වීමට මෙරට වටිනා දේපළක් ඇති බව ද සඳහන් කරනු ලබයි. තැරැව්කරු විසින් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරනු ලබයි.

ඒ ආකාරයට ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකස් කරන තැරැව්කරුවකු සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල වෙත හැකි වූ අතර විදෙස් විශ්ව විද්‍යාලයේ මෙරට ඒජන්තවරයා අවශ්‍ය බවට දන්වන ලිපි ලේඛන ඔහු විසින් සකස් කර දෙනු ලබයි.

කැළුම් ඔහුගේ සැබෑ නම නොවෙයි, විදෙස් විශ්ව විද්‍යාලයක මෙරට ඒජන්තවරයකු හරහා ඔහුගේ සම්බන්ධතාවය ලැබුණු අතර මුදල් ලැබුණු ආකාරය පෙන්වීමට අවශ්‍ය කරන ලිපි ලේඛන පිළිබදව දැනුම් දී බීබීසි සිංහල වැඩි විස්තර ලබා ගන්නා ලදි.

ඔහු පැවසු පරිදි ලිපි ලේඛන සකස් කිරිම නීතිඥවරයකු විසින් සිදු කරනු ලබන අතර එම නීතිඥවරයා මුණ ගැසීමට හෝ දුරකතනයෙන් හෝ වෙනයම් මාර්ගයකින් සම්බන්ධ කර ගැනීමට අයදුම්කරුට අවස්ථාව නොලැබේ. සියලු සම්බන්ධීකරණ කටයුතු මෙන්ම මුදල් ලබා ගැනීම සිදු කරන්නේ ද කැළුම් විසිනි.

“සල්ලි ලැබුන විදිය පෙන්වන්න සේල්ස් ඇග්රිමන්ට් එකයි, දැනට ඔයාගේ ඉඩමක් හරි ගෙයක් හරි ලංකාවේ රෙන්ට් කරලා තියෙනවා කියලා පෙන්නන්න ඩොකියුමන්ට් ටික හදලා දෙන්න පුලුවන්. ඔයාගේ නමට ඉඩමක් තියෙනවා නම් ඒ විස්තර දෙන්න.” නීතිඥවරයා සමග කතා කිරිමෙන් පසුව කැළුම් දැනුම් දුන්නේය.

එම සියලුම ලිපි ලේඛන සඳහා කැළුම් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් අය කරනු ලබයි. ව්‍යාජව සෑදීමට අවශ්‍ය ලිපි ලේඛන වැඩි වන විට අය කිරීම ද ඉහළ යයි.

“රටින් යන ගොඩක් අය ආපහු එයි කියලා හිතන්න බැහැ, රටේ තියන තත්වෙත් එක්ක. මමත් ඉතින් එහෙම එන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ.” යැයි රට හැර යන උගත් පරම්පරාව ගැන කතා බහ අවසන් කරමින් හිරුණි කියා සිටියාය.


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්