leader s

22 සම්මතයෙන් විපක්ෂය එක තැනකට; සජිත්ට එරෙහිව සජබ පසුපෙළ රනිල් එක්ක රහස් කතාවක – BRICS මගහැර ආණ්ඩුව රටට කළ විනාශය ගැන ජී.එල් හෙළිකරයි.


විපක්ෂ නායකයාගේ ඇල්මැරුණු සෙල්ලම ගැන විපක්ෂයම කෝපයෙන්; එජාපයෙන් වසර 20ක හරිත පත්‍රිකාවක් එද්දී රෝහිතගේ සාදයේදී කතාබහට ලක්වූ විපක්ෂයේ පොදු සටන.

 


22න් ආණ්ඩුව අමාරුවේ – නීතිඥයෝ සති අන්තයේ එකතු වෙති

22 සම්මත කර ගැනුණත් ඊට එරෙහි සටන අවසන් නොවන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ රනිල් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ තවමත් කථිකා කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් කෙරෙන වැඩපිළිවෙළ ගැන ඉදිරියේදී දැනුවත් කිරීම් කෙරෙනු ඇත.

එමෙන්ම නීතිඥයන් සති අන්තයේදී මුණගැසී ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

" මේකෙන් ආණ්ඩුවට උනේ අවාසියක්. පළමුවැනි හානිය නීතිඥයන් තරහ කර ගැනීම, දෙවැන්න විපක්ෂය එක තැනකට ගෙන ඒම රනිල් කීය.

ජේ.ආර්. 120ට තරුණ පරපුර පෙරට – එජාපයෙන් වසර 20ක ‘හරිත පත්‍රිකාවක්

 

ජේ.ආර් ජයවර්ධන 120 වැනි ජන්ම සමරු තුනක් තුන් ආකාරයකට ඉකුත් සතියේදී පැවැත්විණි. පළමුවැන්න සාම්ප්‍රදායික උත්සවයයි. එක්සත් ජාතික පක්ෂය කළේ ජේ.ආර් දැක්ම අනාගතයට පැවරීමයි. රනිල්ගේ උපදෙස් පරිදි එජාපය ජේ. ආර් සැමරූයේ තරුණ පරපුරට මූලිකත්වය දෙමිනි. මල් පාරේ පැවති එම උත්සවයේ ජේ.ආර් ගැන දෙසුම් පැවැත්වූයේ තරුණ තරුණියන් විසිනි. දේශපාලන විචාරකයන් පැවසූයේ එය ජේ.ආර් අනාගතයට රැගෙන යාමක් ලෙසයි." තරුණයන් ඒ වැඩේ හොඳින්ම කරලා තිබුනා" රනිල් සමීපතමයන් සමග පවසා තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ හරිත ප්‍රතිපත්තිය නිකුත් කිරීමද වැදගත් සිදුවීමක් විය.

ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනසක් තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය “හරිත පත්‍රිකාව” (Green Paper) ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබෙයි.

වසර 20 ක් ඉලක්ක කර ගනිමින් මෙම හරිත පත්‍රිකාව සකස් කර ඇත.

සෑම දේශපාලන පක්ෂයකම, වෘත්තීය සමිතියකම, විද්වත් සංවිධානයකම සංවාදයට විවෘත කරමින් හරිත පත්‍රිකාව සකස් කෙරිණි .

රටේ වගකීම් භාර ගැනීමට සිටින තරුණ පරපුරට අනාගතය පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙන වැඩපිළිවෙල හරිත පත්‍රිකාව මගින් යෝජනා කෙරෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශයට පත් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් “ථෙරවාදී සමාජ වෙළෙඳ පොල ආර්ථිකයක්“ හඳුන්වාදීම හරිත පත්‍රිකාවෙන් සිදු කර තිබේ.

 

819055750 1597982932116498 3250041017303758902 n
සියලුම ථෙරවාදී බෞද්ධ රටවල් මේ වනවිට සාමාජිකත්වය ගෙන සිටින ආසියාන් (ASEAN) සංවිධානයට ඇතුළත් වීම ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට ගත යුතු පියවර රැසක් එමගින් යෝජනා කර සිටී.

සමාජ ආයෝජන, නිවාස ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව පමණක් ආරම්භක ලියවිල්ලේ සඳහන්ය. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බැංකු, ජල සම්පාදන, ආරක්ෂක, තොරතුරු තාක්ෂණ ආදී විෂය පථ පිළිබඳව හරිත පත්‍රිකාව මගින් ඉඩ තබා ඇත්තේ සංවාදයට විවෘත කරමිනි.

සාකච්ඡා, සංවාද තුළින් අංග සම්පූර්ණ කෙටුම්පතක් සකස් කිරීමට හරිත පත්‍රිකාව මූලික පදනම වනු ඇතැයි රනිල් පැවසීය.

" නව මතවාදයකට මූලධර්ම රාමුව තමයි අප මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ.මාධ්‍ය පැත්තෙන් මේක ජනගත කරන්න ක්‍රියාමාර්ග ගන්න" රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්නට සහ ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නට වගකීම පැවරීය.

සෞදියේ මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරවාරයේ සෞදි විදේශ ඇමති සමග කතා කරන බව විජිත හේරත් සඳහන් කර තිබිණි.

" එයාට ඕන දවස්වල ගිහිල්ලා ඒක කතා කරන්න බෑ.ඒවා මුලින් සැලසුම් කරගෙන සෞදි විදේශ ඇමති ඉන්න දවසක මෙයා යන්න ඕන.එහෙම නැතුව හිතුමතේට කතා කරන්නේ කොහොමද?" රනිල් කීය.

සජිත් ආණ්ඩුවේ ඔඩොක්කුවේ: සජබ පසුපෙළ රනිල් සමග රහස් කතාවක

 

sajith ranil 23
22 ට එරෙහිව සජිත් මැදිහත්වූ ඇල්මැරුණු ස්වරූපය ගැන විපක්ෂයෙන්ම දැඩි විවේචන එල්ල වෙමින් තිබෙයි." 22 සම්මත කරගන්න පුළුවන් වුණේ සජිත්ගේ දුර්වලකම නිසා" සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බොහොමයක් ද රනිල් අමතමින් එසේ කියා තිබිණි.

" සජිත් ඉන්නේ ආණ්ඩුවේ ඔඩොක්කුවේ. එයාගේ චෝදනා ටික උඩට එන එක වළක්වන්න ඕන දෙයක් කරයි" මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එසේ කීහ.

මේ අතර සමගි ජන බලවේගයේ පසු පෙළ චරිත බොහොමයක් රනිල් සමඟ රහසින් සාකච්ඡා අරඹා තිබෙන බව ආරංචිය.

අසූ වැනි සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමින් ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.ඒ වැඩ පිළිවෙළ ඉදිරියේදී සාර්ථකව ආරම්භ කිරීමට නියමිතය.

ජී.එල් ගැන රනිල්ගේ මතකය සහ Cartographer සැසිය

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් ජී.එල් ගේ සක්‍රීය මැදිහත්වීම ගැන රනිල් සමීපතමයන් සමග ප්‍රසාදයෙන් කතාකර තිබිණි.

" එතුමා මගේ නීති ගුරුවරයෙක්.නීති අධ්‍යාපනයෙන් පස්සේ මම 72 සිට 77 දක්වා නඩු වලට පෙනී ඉඳලා තියෙනවා.Criminal නඩු කිහිපයකුත් මම කරලා තියෙනවා.Bribery නඩු කළා.නීතිඥ එස්.ඩබ්ලිව ජයවර්ධන,ඒ කියන්නේ ජේ.ආර් ගේ මල්ලි.බර්නන් විජේතුංග,එම්.තිරුචෙල්වම් වගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් එක්ක මම වැඩ කරලා තියෙනවා.රනිල් තම අතීතයෙන් බිඳක් එලෙස සිහිපත් කළේය.

cartographer නමින් කොළඹදී පැවැත්වුණු සැසියක් සඳහා රනිල් ඉකුත් සතියේ සහභාගී විය.ඊට තවත් විශේෂ අමුත්තෙක්ද පැමිණ සිටියේය ඒ සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍යවරයා වූ George Yeo ය. රනිල් එහිදී දෙසුමක්ද පැවැත්වීය.එම සැසිය පැවැත්වුණේ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.

BRICS මඟහැර ලංකාවට අහිමි කරගත් බිලියන ගණනක අවස්ථාව

වර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලතා නිසා රටට වෙන හානිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නට ජී.එල් ප්‍රමුඛ ඒකාබද්ධ විශේෂ අවධානයක් යොමු කළේය.

 

brics934
ගිය සතියන්තයේ නවදිලි නුවරදි BRICS සංවිධානය රැස් විය. ඊට ශ්‍රී ලංකාවේ සහභාගීත්වයක් නොවීය. ඒ සඳහා ලංකාවට හරි විදියේ ආරාධනාවක්ද ලැබී තොතිබිණි.

ලංකාව BRICS සංවිධානයට එකතුවීමට කැමැත්තෙන් සිටින බව 2024 වසරේ international conference එකකදී පූටින් හමුවූ අවස්ථාවක රනිල් පවසා තිබිණි.
ඒ අනුව පූටින් ලංකාවට ලිඛිත ආරාධනයක් කරමින් පවසා ඇත්තේ ඊට සම්බන්ධ වීම සඳහා සාකච්ඡා අරඹණ ලෙසයි.ඒ සඳහා පූර්ණ සහාය දෙන බවද පූටින් සඳහන් කර ඇත.

මේ සිද්ධිය ගැන ජී.එල් මන්ත්‍රී කණ්ඩායමට විස්තරයක් කළේය.

" මේ කාලේ ආණ්ඩුව වෙනස් වුනා. මාලිමාව බලයට පත් වුනා.ඊට පස්සේ කිසිම කෙනෙක් සමුළුවට යැව්වේ නෑ. 2024 BRICS වල විශාල සමුළුවක් තිබුනා රුසියාවේ. ලංකාවේ ජනාධිපතිවරයා ගියෙත් නෑ, අගමැති ගියෙත් නෑ, විදේශ ඇමති ගියෙත් නෑ. මෙහෙ තිබුනා පළාත් පාලන මැතිවරණයක්. ඔවුන් ඒකට ප්‍රමුඛත්වය දුන්නේ. අරුණි විජේවර්ධන යැව්වා, විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ ගොඩක් upset වුනා. ඒගොල්ලන් සැලකීමට ලක් කළේ නෑ කියලා. රජයේ කිසිම මේ ministerial level එකේ නියෝජිතයෙක් යැව්වේ නෑ.මේ ගැන කොළඹ රුසියන් තානාපතිතුමාත් කිව්වා. ඒ පැත්තේ ලොකු උනන්දුවක් තියෙනවා, හැබැයි අපි මේක follow up කරන්න ඕන. එහෙම නොකරපු නිසා ලංකාවට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බව රුසියා තානාපතිවරයා කිව්වා.

BRICS සංවිධානය New Development Bank කියලා ජාත්‍යන්තර බැංකුවක් ආරම්භ කළා. ඒකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න තිබුනා. ඒක හරියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ බැංකුවක්.

මේ අවස්ථාවේදී තෙල් මිල මේ ඩොලර් 100ටත් වඩා ඉහල ගිහිල්ලා තියෙනවා, Hormuz සමුද්‍රසන්ධියේ ප්‍රශ්න නිසා. ඉතින් අපේ විදේශ සංචිත පිළිබඳ ගැටලුවක් තියෙන අවස්ථාවකදී එහෙම අලුත් බැංකුවක්, ජාත්‍යන්තර බැංකුවක් අපිට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි අපිට ආරාධනාවක් තිබුන්නේ නෑ අපි interest එකක් ගත්තේ නැති නිසා.

වෙන ආසියානු රටවල් වියට්නාමය, මැලේසියාව, තායිලන්තය partner organizations(හවුල්කාර සංවිධාන) හැටියට ඒගොල්ලෝ පිළි අරන් තියෙනවා. ලංකාවට එහෙම මුකුත් නෑ. ඉතින් අපි මේකෙන් miss out වුනා. අපිට විශාල ආර්ථික ප්‍රයෝජනයක් ගන්න තිබිච්ච තැනක ඒ සියල්ලක්ම නැති වුනා, කිසිම විදේශ ප්‍රතිපත්තියක් නැති හින්දා, මේවාට අවධානය යොමු කරන්නේ නෑ.

රෝහිතගේ උපන්දින සාදය, විපක්ෂයේ බෙදීම සහ ජී.එල්ගේ අලුත් භාරකාර අරමුදල

 

819131406 1969090640455270 3585653878208198252 n
රෝහිත අබේගුණවර්ධනගේ උපන්දින සාදය තිබුනේ ඉකුත් සතියේය.ඊට හිටපු ජනපති මහින්ද ද ජී.එල් ද තවත් විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ද සහභාගී වූහ. එහිදී විශේෂයෙන් කතාබහට ලක්වූයේ විපක්ෂයේ බෙදීම ගැනයි.

"දැන් රජයේ ජනප්‍රියභාවයේ ශීඝ්‍රයෙන් කඩා වැටෙන තත්ත්වයක් තුළ රජයේ ශක්තිය වෙලා තියෙන්නේ විපක්ෂයේ බෙදීම, එකමුතුකමක් නැති එක" මන්ත්‍රීවරුන්ගේ ඒකමතික මතය වූයේ එයයි.

" ආණ්ඩුවට සටනක් දෙන්න නම් ඒක කරන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. ඒක ප්‍රායෝගිකයි. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මීට වඩා මෝරච්ච බුද්ධියක් ඇතිව හැමදෙනාම තමන්ගේම පැත්තෙන් යම්කිසි පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ වුණොත් විතරයි" එහි සිටි මන්ත්‍රීවරු එක හඬින් කීහ.

ඒකාබද්ධ විපක්ෂයේ හෝමාගම රැලියද ඉකුත් සතියේදී සාර්ථකව පැවැත්විණි. දිස්ත්‍රික් රැලි වලට අමතරව මේ ආකාරයෙන් ප්‍රාදේශීය මට්ටමින්ද ජන හමු පැවැත්වීම ඒකාබද්ධ විපක්ෂයේ නවතම වැඩපිළිවෙළයි.ඉදිරියේදී කළුතර සහ මාතර ඒකාබද්ධයේ දිස්ත්‍රික් රැලි පැවැත්වීමට නියමිතය.

ජී.එල් මේ දින වල තම පෞද්ගලික මුදලින් සමාජ සත්කාරක වැඩසටහනකටද අත ගසා තිබේ.

මම foundation එකක් හදනවා. මගේ පොත්වලින් එන ඔක්කොම royalty ඒ භාරකාර අරමුදලට බැර කරනවා. ඒ ඇරෙන්න මගේ පෞද්ගලික මුදල්වලින් මම ලක්ෂ 10ක් විතර ඒ මේ trust එකට දානවා. ඒ කියන්නේ legal research. විශ්වවිද්‍යාලයේ law faculty එක හා law college එකේ ඔය නීති පර්යේෂණ ඒ වගේ කටයුතු සඳහා.ඒ වෙනුවෙන් ඔක්තෝබර් පළවෙනිදා පොඩි උත්සවයක් තියෙනවා.ඒකට මේ ජනාධිපති නීතිඥයෝ කිහිප දෙනෙක් එනවා. භාරකරුවන් හැටියට විශ්වවිද්‍යාලයේ උපකුලපති, නීති පීඨයේ පීඨාධිපති හා නීති විද්‍යාලයේ විදුහල්පති සහභාගී වෙනවා.ජී.එල් එම සත්කාරක වැඩසටහන ගැන කෙටි විස්තරයක් කළේය.


(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්