1200 x 80 DMirror
 
 

මෙරට ගෑස් සමාගම් අවුරුදු ගණනාවක සිට ලෝක වෙළදපොල ගෑස් මිල වැඩි වීම සහ විනිමය අනුපාත අනුව එකග වූ මිල නියාමන යාන්ත්‍රනය අනුව ගෑස් මිල වෙනස් කරන මෙන් පාරිභෝගික අධිකාරියෙන් සහ රජයෙන්

සෑම මසකම ඉල්ලීම් සිදුකරන ලදී. 
 
නමුත් කිසිදු පිළිතුරක් ඒ සඳහා ලැබී නොමැත. 
 
පසුගිය මාස කිහිපය තුල ලෝක වෙළදපොල වාර්තාවූ ඉහලම ගෑස් මිළ වාර්තා විය. එය පසුගිය වසර දෙක තුන අතර වාර්තාවූ ඉහලම ලෝක වෙළදපොල ගෑස් මිල වේ. 
 
 
 
ජනාධිපති ගෙන් විශේෂ කමිටුවක් !
 
 
 

Gotabaya Rajapaksa and PB Jayasundera

 
 
 
එම තත්වය උඩ දිගින් දිගටම ඇමතිවරුන්, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ අවසානයේ ජනාධිපති විසින් පත්කළ විශේෂ කමිටුවකට මෙම කරුණ යොමුකරන ලදී. 
 
එම කමිටුවට ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, ආයෝජන මණ්ඩල සභාපති සංජය  මොහොට්ටාල, භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල, ලිට්රෝ Litro සමාගමේ සභාපති අනිල් කොස්වත්ත, LAUGFS ගෑස් සමාගමේ සභාපති W.K.H. වැගපිටිය, ලංකා බැංකු සභාපති හා මහා කළමනාකරු  සහ මහජන බැංකු සභපතිවරු හා මහා කළමනාකරු ඇතුලත් විය.  
 
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව සාකච්චා වට කීපයක් පැවැත්වූ වුහ.
 
 
# ජනාධිපති ලේකම්ගේ අදහසකට අනුව ගෘහස්ත ගෑස් මිල වැඩි නොකොට ගෑස් සමාගම් වලට සහනයක් දීම සඳහා යෝජනා එහිදී සලකා බලන ලදී. 
 
# ජනාධිපති විසින් පත්කල කමිටුවේ එකගතාවයකට අනුව PAL බද්ද සියයට 7.5% සිට ගෑස් කිලෝ එකකට රුපියල් 2ක් දක්වා අඩු කරන ලදී. එ අනුව කිලෝ 12.5 සිලින්ඩරයකින් රුපියල් 85ක සහනයක් සමාගම් වලට ලැබිණි. නමුත් පසුගිය මාස කීපය තුල ලෝක වෙළදපොල මිළ අනුව රුපියල් 751ක මිළ වැඩිවීමක් සිදුවිය යුතුව තිබුණි.
 
#  LAUGFS ගෑස් ආයතනයේ අලාභය මිලියන 400ක් පමණ වන විට Litro ගෑස් සමගම මසකට රුපියල් බිලියන 1.2 අලාභ ලැබීය. ඒ අනුව සමාගම් දෙකේම අලාභය බිලියන 1.6 පමණ විය. 
ආයතන දෙකෙහිම සම්පත් එකතු කිරීම:
 
 
Waga 2021.06.01
 Litro සභාපති අනිල් කොස්වත්ත හා LAUGFS සභාපති W.K.H. වැගපිටිය
 
කමිටුව විසින් මෙයට තව තවත් විසදුම් සොයද්දී ආයතන දෙකෙහිම සම්පත් එකතු කිරීමෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීම හරහා යම් යම් ප්‍රතිලාභ ලබාගත හැකි ද යන්න සලකා බලන ලදී.
 
 ලංකාවේ මාසික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 43,000 පමණ වේ. 
 
එහි වැඩි කොටස Litro ගෑස් සමාගම සතු වන අතර එනම් මෙට්‍රික් ටොන් 32000 හා LAUGFS ගෑස් සමාගමේ අලෙවිය මෙට්‍රික් ටොන් 11000ක් පමණ වේ. 
 
එනම් මසකට මෙට්‍රික් ටොන් 43000ක ගෑස් අවශ්‍යතාවයක් මෙරට පවතී. 
 
නමුත් රටක් වශයෙන් රජය සතු සමාගමට ගබඩා කල හැක්කේ මෙට්‍රික් ටොන් 8000ක ධාරිතාවයක් පමණයි. ඒ කෙරවලපිටියේ  ය. 
 
LAUGFS ගෑස් සමාගමට දකුණු ආසියාවේ විශාලතම ගෑස් පර්යන්තය හිමි වන අතර, එය මෙට්‍රික් ටොන් 30000 සහ මාබිම මෙට්‍රික් ටොන් 3000ක් සමග මෙට්‍රික් ටොන් 33000ක සමස්ත ධාරිතාවයක් සහිතය. 
 
 
 1LAUGFS Terminals Hambanthota Image 01
LAUGFS සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලය
 
 
 
රටේ අවශ්‍යතාවය අනුව මෙට්‍රික් ටොන් 45000ක පර්යන්තයක් මෙරටට තිබිය  යුතුයි. නමුත් රජයේ Litro ගෑස් සමාගම සතුව පවතින්නේ මෙට්‍රික් ටොන් 8000ක් පමණයි. 
 
මෙම තත්වය තුල මීට කලින් Litro සමාගම තම පර්යන්තය අවම මට්ටමින් තව මෙට්‍රික් ටොන් 20,000ක් දක්වා විශාල කිරීමට ඉල්ලීමක් කර තිබුණි. 
 
 
 
  
මෙවැනි මෙට්‍රික් ටොන් 20,000ක පර්යන්තයක් සැදීමට අවම වශයෙන් රුපියල් බිලියන 20ක් වත් වියදම් වේ. එනම් ඩොලර් මිලියන 100ක් පමණ ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් මේ වන විටත් LAUGFS සමාගම  සතුව මෙම මෙට්‍රික් ටොන් 33000ක පහසුකම ඇති නිසා ලංකාවේ ඇති විදේශ විනිමය  නැවත වියදම් කිරීමට අනවශ්‍ය නිසා LAUGFS සමුහ ව්‍යපාරයට අයත්, LAUGFS ගෑස් සමාගම යටතේ ඇති LAUGFS ටර්මිනල් ආයතනයේ අයිතියෙන් සියට 45%ක් හෝ 50% Litro ගෑස් සමාගමට පවරා එම ටර්මිනල් ආයතනය ස්වාධින ආයතනයක් ලෙස සමාගම් දෙකෙන්ම අධ්‍යක්ෂයකවරුන් පත්කර ස්වාධින ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා විය. 
 
 
එහිදී බලාපොරොතු වන්නේ, මෙරට ඇති සම්පත් භාවිත කිරීම හා මෙරටින් පිටට යන විදේශ විනිමය අවම කරගැනීමයි. 
 
 
සාමාන්‍යයෙන් මෙවැනි ගබඩා පර්යන්තයක් නිර්මාණය කිරීමට වසර තුනක්වත් අඩුම තරමේ ගතවේ. 
 
පවතින ලෝක දේශපාලන තත්වයන් සහ ඇතිවන විවිද විදේශ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සමග මෙරට ආරක්‍ෂිත ගෑස් තොගයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. මෙම කරුණු නිසා එම හවුල් කාරීත්ව යෝජනාව හොඳ යෝජනාවක් ලෙස රජය මේවනවිට සලකා බලා ඇත.
 
 
 
අනෙක් කරුණ වන්නේ, හම්බන්තොට ටර්මිනල් ආයතනය ස්වාධින ආයතනයක් වන බැවින් ආයතන දෙකම එක්ව පවත්වාගෙන යන ප්‍රසම්පාදන කමිටුවක් හරහා අඩු මිලට ගෑස් මිලදී ගැනීමට ඇති හැකියාවයි. 
නැව් ගාස්තු !
 
 
 Litro 06.01
 
 
 
දැනට Litro ගෑස් සමාගමේ ගබඩා පර්යන්තය අඩු නිසා ඔවුන් ගෑස් මිලදී ගන්නේ මෙට්‍රික් ටොන් 2000, 3000, කුඩා නැවූ වලිනි. එහිදී මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 105.5 ක් නැව්  ගාස්තු ලෙස ගෙවයි. 
 
නමුත් LAUGFS හම්බන්තොට ටර්මිනල් ආයතනය අන්තර්ජාතික නැවු මාර්ගයන් හරහා වැටී ඇති නිසා විශාල ගෑස් ප්‍රවාහන නවුකා (VLGC) ලබාගැනීමේ හැකියාව ඇත. 
 
මෙවැනි නැව් මෙට්‍රික් ටොන් 40,000ක පමණ ධාරිතාවයකින් යුක්ත වන අතර ඒ නිසා අවම නැවු ගාස්තුවකට එනම් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 20,30ක අවම මිලකට මිලදී ගත හැක. 
 
LAUGFS ගෑස් ආයතනයේ නැවකින් කෙරවලපිටිය Litro ගෑස් පර්යන්තයට ගෑස් රැගෙන ආවද එම මෙට්‍රික් ටොන් එකකට නැවු ගාස්තු ලෙස වැය වනුයේ ඩොලර් 75-80ක් පමණ වේ. එහිදී මෙට්‍රික් ටොන් එකකින් අවම වශයෙන් ඩොලර් 30-35ක ලාභයක් Litro ගෑස් සමාගමට හිමි වේ. 
 
එම ලාභය මසකට ඩොලර් මිලියන 1.2 පමණ වේ. එය වසරකට ගතහොත් ඩොලර් මිලියන 14 පමණ වේ. එය රුපියල් බිලියන 2.8 පමණ ඉතිරියක් වේ. එය Litro සමාගමට විශාල වාසියකි. 
 
 
එමෙන්ම එම හම්බන්තොට ටර්මිනල් ආයතනය ස්වාධින ආයතනයක් බැවින් එහි තිබෙන විශේෂ සිලින්ඩර පිරවුම් පර්යන්තය භාවිත කොට දකුණු, නැගෙනහිර, සබරගමු පළාත්වල ගෑස් බෙදාහැරීම අඩු පිරිවැයකින් සිදුකල හැක. එමගින් ආයතනවල අලාභය යම්තාක් දුරකට අඩු කරගත හැකි වේ.
 
 
මෙම යෝජනාව අදාළ ඇමතිවරු, ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර  ලේකම්, ආයතන දෙකේ සභාපතිවරු, බැංකු වල සභාපතිවරු හා මහා කළමනාකාරවරු, ආයෝජනා මණ්ඩල සභාපතිවරයා අනුමත කර ඇති අතර මෙමගින් ඇතිවෙන ඉතිරිය දීර්ගකාලීනව ආයතන සහ මෙරට ආර්ථිකය සතු වේ. 
 
මෙමගින් මෙරට සම්පත් ඉතිරි වනවා සේවා සම්පත් උපයෝගිතවයද ඉහල යයි. එබැවින් මෙම යෝජනාව ඉතා හොඳ යෝජනාවක් වන බැවින් මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ. 
 
මේ හරහා ගෑස් ආයතන දෙකේ සිලින්ඩරයකින් ලබන පාඩුව රුපියල් 750ක් නම් එය රුපියල් 200-250කින් පමණ අඩුවේ. 
 
 
 
  
නමුත් ගෑස් මිල නොකඩවා ඉහළයාම කිසිදු රටකට පාලනය කල නොහැකි කරුණකි. එය වඩාත් සනාථ වන්නේ මෙම ජුනි මාසයේ එනම් අද දින ඩොලර් 45කින් LPG මිල වැඩි වී ඇති අතර එය මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 526ක් ලෙස දැක්වේ.
 
 
 එබැවින් මෙම හවූල් ගිවිසුම යම් පිළිතුරක් සැපයුවත් එමගින් සම්පුර්ණ විසදුමක් නොලැබේ. 
 
ලෝකයේ ගෑස් නිෂ්පාදනය කරන්නේ රටවල් කීපයක් පමණි. එබැවින් මෙම ගෑස් මිල කෘතිමව මිල පහත දැමීමෙන් සිදුවන්නේ මෙම අලාභය කාටහෝ හිමි වීමයි. 
 
ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක්  ගන්නේ නම්, ගෑස් මිල ලොව කෙතරම් වැඩි වුවත් ලංකාවේ මිල වෙනස් නොකරන්නට එම අලාභය ආණ්ඩුව විසින් සමාගම් වෙත සහනාදරයක් ලෙස ගෙවිය යුතුයි. නැතහොත් මෙය පාරිභෝගිකයා දරාගත යුතුයි.  එහිදී පාරිභෝගිකයා අඩුවෙන් ගෑස් භාවිත කල යුතුය. 
 
 
 

 
 
නැතහොත් ආයතන දෙක රාජ්‍ය සහ පුද්ගලික බැංකු වලින් ණය ලබාගෙන මෙලෙස අලාභ ලබමින් තව දුරටත් ව්‍යපාර කිරීමේදී විශාල බලපෑමක් ගෑස් ආයතන වලට සහ බැංකු පද්ධතියට ඇති විය හැක.
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
 
එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !
 

 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්