ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක් - 07 වන කොටස



ප‍්‍රත්‍යාවර්තකතා සංකල්පය නෙවෙයි මොන සංකල්පය වුණත්, මොන න්‍යාය වුණත් ඵලක් නැහැ, ඒ සංකල්ප හෝ න්‍යායවල්වලට සීතීමෙන් මැදිහත්වෙලා ඒව ප‍්‍රතිපෝශණය කරන්නට, ප‍්‍රති-අදහස් ඉදිරිපත් කරන්නට උදවිය නැත්නම්.

එහෙම වුණා ම වෙන්නෙ අර මුලදී ආර්ථිකයට සම්බන්ධ යුරෝපයේ උදවිය, සොරොස්ගේ දාර්ශනික සංකල්ප ගාණකට ගත්තෙ නැහැ වගේ වැඩක්. එයා අර්බුදය හිටිය එසොරොස්ගෙ සංකල්ප ගැන හිකල බලන්න.

හැබැයි සොරොස්ගෙ දාර්ශනික සංකල්ප ඇමෙරි-යුරෝ කලාපයේ දී මුල් කාලීනව සැලකිල්ලට නොගත්තේ, ඒ රටවල ප‍්‍රායෝගිකව භාවිතයට ගන්නා සහ ඒ විදිහට භාවිතයට ගැනීමෙන් ආර්ථික වර්ධන වේගය තුළ ඉතිහාසයක් දුරට ඵල දරමින් තිබූ න්‍යායන් ගණනාවක් තිබුණ හින්ද යි.

ඒ කියන්නෙ, එායලට වෙනත් විධිමත් දැනුවත් කමක් තිබුණ හින්ද, ඒ දැනුවත්කම තුළ කිරල මැනල බලල ”සොරෝස්ගෙ සංකල්ප අදාළ නැහැ” කියල ප‍්‍රතික්ෂේප කළේ වෙනත් දැනුමකින්.

ඒත් හොඳට බැලූවොත්, ලංකා දිවයිනේ මේ වගේ සංකල්පයකට ප‍්‍රතිපෝශණයක් දෙන්න තියා ”ආර්ථික සංකල්ප හා න්‍යායවල් කියන ඒව ඇත්තට ම අවශ්‍යද අප්පා?” කියල හිතන් පොදු-මනසක්, පොදු-හිතක් තමයි පොදු ජන විඥානය මෙහෙයවන්නේ.

 

George Soros

එහෙම වුණාම විනාශය එනකං තේරෙන්නෙ නැහැ. යුරෝපයේ උවිය නම් අර්බුදය ආපු ගමං සොරොස්ගේ සංකල්ප සහ න්‍යායන් පස්සේ දුවන්න ගත්තා. මට පේන අපි ඉන්නේ අර්බුදයක නෙවෙයි ව්‍යසනයක. විනාශය ඇවිල්ලත් කාටවත් සීරියස්ලි මේ ලංකා දිවයිනේ ආර්ථික ව්‍යසනය මෙලෝහසරක් තේරෙන්නෙ නැති බවක් තමයි පෙන්න තියෙන්නෙ.  

ඉතිං ඇත්තට ම සොරොස් කළේ ආර්ථික විද්‍යාවේ තිබුණු රළු පරළු න්‍යාය ක්ෂේත‍්‍රය ඇතුළතට දර්ශනවාදී ප‍්‍රවේශයක් ගෙනැල්ල, ඒ වෙනකං තිබුණ න්‍යායන් වල සීමා ඉක්මවන්න උත්සහ කරපු එක. ඒ හරහා එතෙක් ඇමෙරි-යුරෝ කලාපයට විසඳගන්න බැරුව තතනමින් හිටපු උභතෝකෝටිකයන් විසඳගන්නත් යම් පුළුල් ධනේෂ්වර උදව්වක්, තල්ලූවක් දෙන්න එයාට  ඕන උනා.

දැන් අපි ආයෙමත් කලින් තැනට ගියොත්, ආර්ථික සංකල්පයක් යම් කිසි පොළවක් මතට අතහැරියහම ඒ පොළවේ ඉන්න සිතීමෙන් සහභාගිවන්නන් ඒක ප‍්‍රතිපෝශණය වෙන්න මොකවත් ම කියන්නේ නැතුව බකන් නිලාගෙන හිටියොත් ඉතිං හරි අප්සට් එකක් තමයි වෙන්නේ. ඒත් එහෙම වෙන්න ප‍්‍රාඵමිකව හේතු දෙකක් තියෙනව.

1. ඇත්තට ම ඒ න්‍යාය ඒ පොළවට ගැලපෙන්නේ නැහැ.

2. එහෙමත් නැත්තං ඒ පොළව ඇත්තට ම හෝ බොරුවට අදහස් ඵල කළ හරන්න පුළුවන් සිතීමෙන් සහභාගීවන්නන් නැති මුඩු බිමක්.

කලින් ලිපයේ අපි හඳුනගත්ත සොරොස්ට අනුව, ආර්ථික සංකල්පයකට සිතීමෙන් සහභාගී වන උදවිය යම් ආර්ථික සංකල්පය ප‍්‍රතිපෝෂණය කරන විධි දෙකක් තියෙනව කියල.

1. ධණාත්මක ප‍්‍රතිපෝශණය
2. සෘණාත්මක ප‍්‍රතිපෝශනය

6වන කොටස වෙනකං, ප‍්‍රවේශයක් විදිහට ඔයාලට සවිස්තර කථනයන් වලින් පුරවල මම මේ ලිවීම කරගෙන ගියේ, කියවන ඔයාලට මේ වියමනට ඇතුළුවෙන්න පහසු කරවන්න.

ඒත් මේ 7වන කොටසේ ඉඳන් නග්නව ම සොරොස් කියන්නේ මොකක්ද කියන එක තුළට ගිලී, එයාගෙ සංකල්ප හෝ න්‍යායන්වල යටි අරුත් සහ ගැඹුරු අහස් සහ වක‍්‍ර අදහස් තේරුම්ගන්නට අපි උත්සහයක දීල බලමු.

මොකද, අපිට සොරොස්ගේ සිතිවිල්ල චලනය වෙන විදිහ අල්ලගත්තොත්, එතනින් එහාට එයා කියන දේ මුඛ්‍ය තීසිසය (central thesis එක) හඳුනගන්න අපහසු වෙන්නේ නැහැ.

 

problem positive thinking

ට‍්‍රයි එකක් දීල බලමු!

සෘණාත්මක ප‍්‍රතිපෝශණයට ප‍්‍රතිපක්ෂව, ධනාත්මක ප‍්‍රතිපෝශණය ක‍්‍රියාවලියෙන් සිද්ධවෙන්නෙ, ස්වයං-සවිබල වීමක්. ඒ කියන්නෙ තමන්ව ම හයිය කර ගැනීමක්, ස්ථාවර කරගැනීමක්.  

”මට සදහට ම පවතින්න බැහැ. මොකද, අවසානයේ දී සිතීමෙන් සහභාගිවන්නන්ගේ දැක්මවල් ©️2012 විවෘත සමාජය පදනමට (^©️2012 Open Society Foundations) අදාළ වස්තුමූලික (ධඉවැජඑසඩැ* යථාවෙන් හෙවත් සැබෑවෙන් දුරස්වෙලා, දුරවබෝධී වෙලා ගැලවිලා ඉවතට යන්න ඉඩක් තියෙනව.

අනික සමහර හිමිකම් ඇවිරී තියෙන හින්ද, 400 West 59th Street | New York, NY 10019, U.S.A. | Tel 1-212-548-0600 | www.soros.org හි  ඉන්න සිතීමෙන් සහභාගීකරුවන් එම දැක්මවල් යාථානුරූපී නැහැයි කියල හිතන්නත් ඉඩ තියෙනව.

ඉතිං හැබෑවට සිද්ධවෙන කටයුතු වල වෙනසක් සිද්ධ වෙන්නෙ නැතුව, දිගින් දිගට ම කෙරෙමින් යන පුනරාවර්තන ක‍‍්‍රියාවලියක් සිද්ධ වෙන්නත් විදිහක් නැහැ. මොකද  ධනාත්මක ප‍‍්‍රතිපෝශණයේ කියන මැදිහත්වීම එහි ස්වභාවයෙන් ම පවතින්නේ ම සබෑ ලෝකයේ තියෙන  ඕනෑ ම ප‍‍්‍රවනතාවක් ශක්තිමත් කරල දෙන විදිහට යි.

බලන්න, සමතුළිතතාව වෙනුවට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අසමතුලිතා ගතිකයකට. එහෙමත් නැතිනම් මේක සමතුලිත නොවන තත්වයක් විදිහට විස්තර කරන්න පුළුවන් යමක් කියල කියන්නත් පුළුවනි.



සාමාන්‍යයෙන්, සමතුළිතාවක් ඇතිවෙන එක අපෙන් දුරස් අවස්ථාවන්වලදී, අපේ සංජානනය (ඇතුළ් අවලෝකනය සහ යථාව අතර ඇතිවෙන ආපස්සට යාම හෙවත් අපගමනය හින්ද, ඊට ප‍‍්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන ධනාත්මක ප‍‍්‍රතිපෝශණ ක‍‍්‍රියාවලියේ චලනය එහි උච්ච අවස්ථාවක් දකවා තල්ලූ වෙලා යන්න පුළුවන්, ” කියල සොරොස් කියනව.



ඉතිං මේ වගේ තමංවම ශක්තිමත් කරගැනීම හෙවත් සවයං-සවිබල වීම කියන දේ, එහෙමත් නැත්නම් ස්වයංව ම පරාජය වෙන්නට උඩ යන (උත්පාත* ක‍‍්‍රියාවලි, එහෙමත් නැත්තං චින්තනයෙන් උඩට ඉපිලිලා බුබුලූ දාගන්න හැදීම් කියන්නෙ ම මූල්‍ය වෙළඳපළවල් වල තියෙන සාමාන්‍ය ලක්ෂණ ම තමා. අනික ඒව වෙනිං ක්ෂේත‍‍්‍රවලිනුත් හොයාගන්න පුළුවන්.

”මම  ඕව හඳුන්වන්නේ වැරදි වුණත් යාථාව හෙවත් සැබෑව පිළිබඳ සාරවත් අර්ථ නිරූපන කරදීම් කියල. ඒවා විකෘති වෙලා තියෙන බව හැබෑව. ඒත් විකෘතිය විසින් ම දේවල් ශක්තිමත් කර දෙන ප‍‍්‍රතිඵල නිෂ්පානදනය කරල දෙන අවස්ථා තියෙනව.

මං අවබෝධ කරගත්තු විදිහට අසමතුලිතතා ගතියට අදා සිතීම් අනුගමනය කරන්න හෝ හඹායන්න අසීරු කරවන තරම් වියුක්ත යි. ඒ කියන්නේ ඒවා අදාළත්වයෙන් තොරයි. මං ස්ථිර උදාහරණ කිහිපයක් දුන්නොතින් ඔයාලට පහසු වේවි.

හැබැයි ඉතිං ඔයාලටත් මාත් එක්ක ම මේව ඉවසගෙන ඉන්න වෙනව.

මට වෙනත් කරුණක් කියන්න උවමනයි. ඒ තමයි වියුක්ත තර්ක අනුගමනය කිරීමට හෝ ඒවා හඹා යන්න අපහසුවීම හරහා ම මට ඒ වගේ තර්ක හදන්නත් පුළුවන්කම ලැබුණ ඔන්න..

බලන්න,

යථාව(සැබෑව හෝ සිතීම හෝ ඒ දෙකක් අතර සබඳතා වගේ ඒවා එක්ක විධිමත්ව කටයුතු කරනවා වඩා, ව්‍යාකූලත්වයට පත්වෙලා වැරදි ආකාරයෙන් ගැටළු ආයෙමත් සකස් කරල දාන එක ලේසියි.  

ඒ හින්ද වැරදි අර්ථකතන සහ වරදවා වටහා ගැනීම් කියන ඒවා මානව වැඩකටයුතුවල දී හරි ම වැදගත් කාර්යභාරයක් ඉටු කරල දෙනව, ”කියා සොරොස් පවසනව.

 

EU Economy heads North

මේ ආකාරයට සොරොස් මේ දේශනාව කරන කාලයට සමකාලීනව යුරෝපයේ ඇතිවුණු මූල්‍ය අර්බුදයට හේතු වෙන්න ඇත්තේ මූල්‍ය වෙළඳපළවල් වල ඒ කාලෙ තිබිච්ච වැරදි අර්ථකථනයක් විය හැකි බවත් පෙන්වල දෙනව.  

මේ විදිහට, ඉදිරි දේශනයක දී සොරොස් මේ විදිහේ සාරවත් වැරදි දෙකක් ගැන කතා කරාවි. ඒ තමයි,

1. ඥානාවලෝකණය (enlightenment) වීමේ වැරැැද්ද.

2. පශ්චාත් නූතන වැරැද්ද.

මේ සංයුක්ත උදාහරණ වලින් ඉතිහාසය ඇතුළෙ වැරදි වැටහීම කියන දේ කොයිතරම් වැදගත් වෙලා තියෙනව ද කියල පෙන්නුම් කරනව.

”මේක කරන්න නම් ඉතිං මට මේ දේශනයේ ඉදිරි කාලය පුරා ම වියුක්තභාවයන් (විකාර වල උපරිම සහ ඉහළ ම තැනකට නගින්න වෙනව. මෙතෙන්දි මම තර්ක කරනන්නෙ, සිතීමේ සහභාගිකරුවන් සිටින අවස්ථාවලට, ඒ කියන්නේ ඔවුන්ගේ චින්තනය මැදිහත් වෙන අවස්ථා පවතින්නේ ස්වභාවිකව අපි අත්දකින සංසිද්ධිවලට වඩා වෙනස් ව්‍යුහයක් කියල.”

වෙනස තියෙන්නේ, චින්තනය හෝ චින්තකයා විසින් රඟපාන චරිතය ඇතුළෙ. බලන්න ස්වභාවික සංසිද්ධිවලදි කාගෙ සිතීමත්, හේතුසහගත චරිතයක් නෙවෙයි රඟපාන්නේ. ඒ වගේ වෙලාවට සිතීම සේවය කරන්නේ හුදු මානසික ක‍‍්‍රියාකාරීතවයක් විදිහට විතරයි.

”මානව කටයටුතුවලදී චින්තනය හෙවත් සිතීම කියන්නේ විෂය කරුනු වල ම කොටසක්. එතකොට එයා තමංගෙ ඥානමය ක‍‍්‍රියාවට වගේ ම භාහිර හැසිරවීම කියන ක‍‍්‍රියාවටත් සේවය කරනව. ඒ වගේ තැනකදී මේ කාර්යයන් දෙක එකිනෙකට භාධා කරගන්න් ඉඩත් තියෙනව.”


බලන්න, එදිනෙදා කටයුතුවලට වෙනත් මැදිහත්වී හෝ ඇඟිලි ගැසීම් සිද්ධ වෙන්නෙ නැහැ. වාහනයක් පැදීම, ගෙයක් පින්තාරු කිරීම වගේ දේවල් එකිනෙකකට අනුපූරක(ගැලපෙන සුළු* යි. එත් මේ දේ සිද්ධ වුණහම ඒකෙන් අපට හඳුන්වල දෙන්නේ අවිනිෂ්චිත අංගයක්.

ඒක ස්වභාවික සංසිද්ධි වල හැටි. .

අර කලින් කියපු කාර්යයන් දෙක ම විදහා පාන්නේ අවිනිෂ්චිතතාව. බලන්න, අසම්පූර්ණ අවබෝධයක් මත පිහටල තමයි, සිතීමේ සහභාගිකරුවන් සිතීමට සහභාගී වෙන්නේ. හොඳට බැලූවොත් එයාලගේ ක‍‍්‍රියා වලින් එන ප‍‍්‍රතිඵල එයාලගෙ සැබෑ බලාපොරොත්තු එක්ක ගැලපෙන්නේ නැහැ.

මේක මානව කටයුතුවල ප‍‍්‍රධාන ගති ලක්ෂණයක්.

ඒකට ප‍‍්‍රතිවිරුද්ධව, ස්වභාවික සංසිද්ධි සම්බන්ධයෙන් නිවැරදි අරුත ගත්තොත්, එහිදී දේවල් සිදුවී දිගහැරෙන්නෙක් නිරීක්ෂකයින්ගේ අදහස් නොසලකමින්.

බාහිර නිරීක්ෂකයෙක් විසින් සිතීමෙන් සහභාගී වෙන්නේ ඥානමය ක‍‍්‍රියාකාරීත්වයක් හරහා විතරයි. ඉතිං සිද්ධවෙන සංසිද්ධීන් වලින් මේවට විශ්වාශදායක නිර්ණායක සපයල දෙනව. මේ විදිහට නිරීක්ෂකයාගේ න්‍යායන්වල ඇත්ත නැත්ත විනිෂ්චය කරගන්න පුළුවන්.  

 

600DoesThisMakeSense

ඒ හින්ද මේ හරහා භාහිර නිරීක්ෂකයාට දැනුම ලබාගන්න පුළුවන් වෙනව. මේ දැනුම මත පදනම් වෙලා හරිම පහසුවෙන් ස්වභාවධර්මය හසුරවන්නත් පුළුවන් වෙනව.

සිතීමට අදාළ ඥානනමය කාර්ය සහ සිත හැසිරවීම කියන කාර්යයන් අතර ස්වභාවිකරව ම වතින්නේ වෙන් වීමක්.

මේ වෙන් වීම හින්ද, මේ සිතීම් කාර්යයන් දෙකට ම එයාලගෙ අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙනව. ඒ කියන්නේ මිනිස් ක්ෂේත‍‍්‍රයේ ඉන්න් සාමාන්‍ය උදවියට වඩා හොඳට ඒක ඉටු කරගන්න පුළුවන් වෙනව.  

ඊළඟ කොටස හෙට...

 

Aeavinda Hettiarachchi 1(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා 
සමාජ විශ්ලේෂක 
 
 
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
 
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
 
 
 
ජෙනරාල් ගෙදර යැව් වරායේ ලේඩි ඩොක්ටර්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්