The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එයා ලංකා, මෙයා සිංගා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 10, 2023 • 6:30 AM

 එයා ලංකා, මෙයා සිංගා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මණ්ඩප හා නෙට්ෆ්ලික්ස් හා ඇමසොන් වැනි චිත්‍රපට මණ්ඩප හා පොදුවේ සමාජ මාධ්‍ය ව්‍යාපාරවලට ය.
  • භෞතික ගමනාගමනය මුළුමනින් ම අඩාල වුණු හෙයින් දරුණු ලෙස පහර වැදුණු ව්‍යාපාරයක වූයේ ගුවන් කර්මාන්තය ය.
  • යට කී ගුවන් සේවය හා චංගි ගුවන් තොටුපොල සිංගප්පුරු ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැළකෙන්නේ ව්‍යාපාරයිකයිනට හා සංචාරකයිනට පහසුවෙන් ආ ගිය හැකි යටිතල පහසුකමක් ඉන් සැපැයෙන නිසා ය.
  • සංචිත හා ආයෝජන ඇතුළු ඉතා ශක්තිමත් ශේෂ පත්‍රයක් සිංගප්පුරු ගුවන් සේවයට තිබුණ ද කෝවිද වසංගතය එය ද දණ ගැස්සී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මණ්ඩප හා නෙට්ෆ්ලික්ස් හා ඇමසොන් වැනි චිත්‍රපට මණ්ඩප හා පොදුවේ සමාජ මාධ්‍ය ව්‍යාපාරවලට ය.

භෞතික ගමනාගමනය මුළුමනින් ම අඩාල වුණු හෙයින් දරුණු ලෙස පහර වැදුණු ව්‍යාපාරයක වූයේ ගුවන් කර්මාන්තය ය. ගුවනේ තිබිය යුතු යානා නවතා තබන්නට හැන්ගර්-මඩු මදි විය. කෝටි ගණන් වටනා ගුවන් යානා මාස ගණනක් වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබිණ. සිංගප්පුරු ගුවන් සේවය මේ සන්තෑසියට ව්‍යාතිරේඛයක නොවී ය.

යට කී ගුවන් සේවය හා චංගි ගුවන් තොටුපොල සිංගප්පුරු ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැළකෙන්නේ ව්‍යාපාරයිකයිනට හා සංචාරකයිනට පහසුවෙන් ආ ගිය හැකි යටිතල පහසුකමක් ඉන් සැපැයෙන නිසා ය. ඊට අමතර ව, චංගි හා සිංගප්පුරු ගුවන් සේවය අතරමැදි හෙවත් ට්‍රාන්සිට් භුමිකාවක ද වේ.  

සංචිත හා ආයෝජන ඇතුළු ඉතා ශක්තිමත් ශේෂ පත්‍රයක් සිංගප්පුරු ගුවන් සේවයට තිබුණ ද කෝවිද වසංගතය එය ද දණ ගැස්සී ය. එහි ප්‍රතිඵලයක ලෙස මහා පරිමාණයෙන් එහි සේවක පිරිස් ගෙදර යැවිණ. සෙස්සන්ට රස්සාව තිබුණ ද පඩි නොගෙවිණ. ගුවන් නියමුවන් ග්‍රැබ් ටැක්සි රියදුරන් ලෙස වැඩ කරනා මට්ටමට පත් විය. සුකොමල ගුවන් සේවිකාවන් 'සේෆ්ටි එම්බසිඩර්' යන උත්කර්ෂිත නමින් පුද ලැබුව ද ඔවුන් කළේ බස් හා දුම්රිය ස්ථාන හා මාරකැට්ටුවල ජනතාව මුහුණු ආවරණ දමා ඇත් ද යන්න පරික්ෂා කිරීම හා පොදු ස්ථානවල රැස්වන ජනතාව මීටරේ දුරින් තැබීම ය.         

A Great Way to Fly The Singapore Airlines Story Image 3

සිංගප්පුරු ගුවන් සේවයේ වසර 48 ක ඉතිහාසයේ පළමු වරට අලාභයක් ලැබුවේ 2020 මාර්තු 31න් අවසන් මුල්‍ය වර්ෂයේ ය. එය සිං-ඩොලර් මිලියන 212ක් විය.  2021 මුල්‍ය වර්ෂයේ අලාභය සිං-ඩොලර් බිලියන 4.3ක් විය. මෙය සමාගමට හා රටට දරා ගත හැකි දෙයක වුණේ මුල්‍ය වශයෙන් ම පමණක් ම නොව මානසිකවත් ය. කෙසේ නමුත්, සමාගම දණ ගැස්සෙන්නට ඔන්න මෙන්න වූ තත්ත්වයක් මීට දශක හතරකට පමණ පෙර සිදු වීම සිංගප්පුරුවට අමතක වී නැත.  ඒ සිංගප්පුරු ගුවන් සේවයේ ගුවන් නියමුවන් 1980 දී දී වැඩ වර්ජනයකට අර අදින අවස්ථාව ය. ඒ වන විට ගුවන් සේවය තම ව්‍යාපාර කටයුතු සම්භන්ධයෙන් දුෂ්කර හා අභියෝගාත්මක සමයක් පසු කරමින් සිටියේ ය. ඒ අස්සේ ගුවන් නියමුවන් වැනි තීරණාත්මක සේවක කොටසක වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක ගන්නා ආරංචිය පාලනාධිකාරිය යම් පසු බෑමකට ලක් කළේ ය. 'අකුරට වැඩ' නමැති වෘත්තීය ක්‍රියාමාර්ගය සිංගප්පුරුවේ නීති විරෝධි වේ.

 

එහෙත් 1980 නොවැම්බර් 16 දින, ගුවන් යානා නියමුවන් තිදෙනෙක් හා ගුවන් යානා ඉන්ජිනේරුවරයෙන් සූරික් නගරයේ නවතා ඇති සිංගප්පුරු ගුවන් යානයේ ලංඩන්-ඩුබායි ගමන අඩපණ කළෝ පැය දොළහට වඩා වැඩ කෙරුම ප්‍රතික්ෂේප කරමිණි. එය අකුරට වැඩ ලෙස සලකා, ඔවුන්ට නඩු වැටිණ, එහෙත් කම්කරු ආරවුල වූ සියයට තිහක වේතන වැඩි කෙරුම නොවිසඳී දිග් ගැස්සිණ. පාලනාධිකාරියට මෙය කළමනාකරණය කර ගන්නට අසීරු විය.

Screen Shot 2017 11 16 at 3.55.00 PM

 බෘස් ලී ගේ එන්ටර් ද ඩ්‍රැගන් මෙන් ආරවුලට මැදිහත් වුණේ වෙනෙකෙකු නොව අගමැති ලී ය. ඒ කාලය ඔහු දැඩි පීඩනයක් යටතේ සිටියේ දෙසැම්බර් 13 තීරණාත්මක මහා මැතිවරණකට නාම යෝජනා දෙන දිනයත් ඉන් පසු ව දෙසැම්බර් 23 මැතිවරණයත් පැවතීමට නියමිත ව තිබූ නිසා ය.

ගුවන් සේවයේ පසුබෑම හා වෘත්තීය සමිතියට යටපත් වීම තම දේශපාලන වල කැපෙන පොට බව ලී ක්වාන් යූ තෙරුම් ගති. ඒ නිසා මැතිවරණ කැම්පේන පසෙක ලා, දෙසැම්බර් පළමු දින ගුවන් නියමුවන්ගේ වෘත්තීය සමිතියේ නියෝජිත පිරිසකට අගමැති නිල නිවස වන 'ඉස්තානා' වෙත එන ලෙස ආරාධනා කෙරිණ.  

වෘත්තීය සමිති නියෝජිතයින්ට නුදුරින් පුටුවක් ඇද හිඳගත් ලී ක්වාන් යු, තම සුපුරුදු චර්යාවක වන අත් දිග  කමිසයේ අත්  දෙක වැලමිට තෙක් රෝල් කර ගත්තේ, යම් දේහමය බසින් යමක් සන්නිවේදනය කිරීමට විය හැක. ඉන් අනතුරු ව නියෝජිතියන්ගේ පැමිණීම ගැන ස්තුතිය පුද කර කෙලින් ම විශයට පිවිසිණ. ඔහු වහෙන් ඔරෝ නැතුව කීවේ, ගුවන් නියමුවන්ට ඇත්තේ තෝරාගැනීම් දෙකක් බවයි. එකක් වන්නේ, මේ අඩන්තේට්ටම් සහගත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ඇත හිටවා, නැවත සුපුරුදු පරිදි වැඩට වාර්තා කොට, විනය නැවත ස්ථාපිත කොට, ඉන් අනතුරව සාකච්චා මේසයට එම ය.

 

දෙවැන්න, ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාම ය. එසේ කළොත් තමා වහා ම සියලු ගුවන් යානා බිමට බස්සවා (ග්‍රවුන්ඩඩ්) කර ගුවන් සේවය විසුරුවා හැරීම ය. එසේ වුවහොත් , ගුවන් යානා නියමුවන්ට සිංගප්පුරුවැසියන්ගෙන් ලැබිය හැකි සැලකුම ගැන තමනට වගකීමක් ගත නොහැකි බව ද, සති කිහිපයකින් තමන් නව ගුවන් සමාගමක් ස්ථාපනය කර, නව සේවක මණ්ඩලයක් සමග පැරැණි තත්ත්වයට ම වෙහෙස මහන්සියෙන් ගොඩගන බව ය. පැයකුත් විනාඩි පහකින් අනතුරු ව ගුවන් නියමුවෝ කැඩුණු හිස් සහිත ව නැවත වැඩට වාර්තා කළ හ.          

මේ නාටකීය සිදුවීම ලී ක්වාන් යූ නායකත්වය දුන් පීඒපී හෙවත් පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ දෙසැම්බර් 23 පැවැති  මැතිවරණ කම්පේනයේ ප්‍රධාන මාතෘකාව විය, කැම්පේනයේ යට කී සිදුවීම ඇසුරින් ලී කළ කතාව තවමත් ජනප්‍රිය ය :

 

 "රටක් ආණ්ඩු කරනවා කියන්නේ බූරු කුට්ටම සෙල්ලන් කෙරිල්ලක් වගේ නෙමේ. මේක ඔබේ ජීවිතේ; මගේ ජීවිතේ. ඒකත් එක්ක කාටවත් සෙල්ලං කරන්න දෙන්න බෑ. මුළු ජීවිත කාලයක් වෙහෙස මහන්සි වෙලා මේ අපි මේ හදපු රට කාටවත් කඩා දාන්න දෙන්න බැහැ. මං ජීවතුන් අතර ඉන්නකන් ඒක නං වෙන්න දෙන්නේ නෑ"  


නැවතත්, කෝවිද අන්දරයට. වසර තුනක් අලාභ ලද සමාගම අළු ගසා බසා 2023 මාර්තු මුල්‍ය වර්ෂයේ දී අදහා ගත නොහැකි වාර්තාවක් තැබී ය. එනම් තම සමාගමේ 76 වසරක ඉතිහාසයේ ඉපැයූ වැඩි ම ලාභය වන සිං-ඩොලර් බිලියන 2.16 ක් වාර්තා කළේ ය.

ඒ අනුව, පසුගිය වසර තුන තුල අනේක විධ දුක් විඳි තම සේවක පිරිසට එම ලාභය බෙදා ගැනීමේ බෝනසයක් ලෙස මාස හයහමාරක පඩි ද ඊට අමතර ව පඩියෙන් භාගයක් බැගින් පසු ගිය වසර තුනට ද ගෙවනට සමාගම තීරණය කළේ සමාගමේ පමණක් නොව සමස්ත ව්‍යාපාර මොරාලය ද ඉහල නංවමිණි.


Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...