‘‘ඇයි අමෝද්‍ය... මොකද්ද ප්‍රශ්නෙ...? ඔයාගෙ අම්මයි තාත්තයිත් අපේ අම්මයි තාත්තයි වගේ වෙයි ද...? අනේ... එහෙම නං වෙන්න එපා දෙයියනේ...!!’’

ඒ අවසන් වදන් පහ මා සිතා මතා මුදා හැරියා නොව ස්වංක්‍රීයව ම මුදා හැරුණකි. අමෝද්‍ය ද ඒ බව වටහාගත්තේ ය.

‘‘මගේ නංගි ගැන ඔයාට මං කියල තියෙනව නෙ...?’’

අමෝද්‍ය විමසුවේ මීට තෙවසරකට පමණ ඉහත අප මුණ ගැසුණ මොහොතක ඔහු සිය පවුලේ තොරතුරු පිළිබඳ මා දැනුවත් කළ මොහොත සිහිපත් කරමිනි. එදා අමෝද්‍ය පැවසූ ඇතැම් දෑ මට අද මෙන් සිහියට නැගිණ.

*         *          *          *          *          *          *          *          *



‘‘නෑ අහිංසනා... අපි කවුරුවත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. දැනගත්තෙ එයා කැම්පස් හිටපු අන්තිම අවුරුද්දෙ. ඒ වෙද්දි කසුන් ගමේ හිටියෙත් නෑ. කොහොම හරි නංගි කැම්පස් ගිහින් මාස හය හතකට පස්සෙ කසුන්12936197 03 ගමෙන් ගියා. ඒ කාලෙ ගමේ අය කියපු විදියට නං එයා හෝටලේක වැඩ කරනවා. නමුත් අපිට මේ හැම දෙයක් ම ආරංචි වෙද්දි එයා හෝටලේක අයිතිකාරයෙක්. පස්සෙයි ආරංචි වුණේ එයාලගෙ තේ ඉඩමෙන් කොටසක් වික්ක කියල. මං හිතන්නෙ ඒ සල්ලිවලින් වෙන්නැති එයා ඔය කඩේ පටන්ගන්න ඇත්තෙ. නංගියි එයයි නිතර නිතර කොළඹදි හම්බ වෙලා තියෙනව. කසුන් ගමෙන් ගිහින් තියෙන්නෙ ම නංගි නිසා; ඒ දෙන්නගෙ අනාගතේ හදාගන්න ඕනෙ නිසා. ඒ අතින් කසුන් දක්ෂයා; හරිම සුක්ෂමයි. මම එයාටවත් නංගිටවත් දොස් කියන්නෑ.’’

‘‘ඉතිං... ඊට පස්සෙ මොකද උනේ...?’’

‘‘නංගි කැම්පස් එකෙන් අවුට් වෙලා ගෙදර ඇවිත් සතියකට දෙකකට වඩා හිටියෙ නෑ. එයාට කම්මැළියි සහ තව කම්පියුටර් කෝස් එකක් කරන්න ඕනෙ කියල ආයෙ කොළඹ ගියා.’’

‘‘ඉතිං...!’’

‘‘දවසක් නංගියි කසුනුයි නුගේගොඩ කඩේක ඉඳල එළියට ඇවිත් බයික් එකක නැගල යනව  අපේ ඥාතියෙක් දැකල. එයා තමයි ඇවිත් ගෙදරට කියල තිබුණෙ. කසුන් මං පුංචි කාලෙ ඉඳල දන්න කෙනෙක්. හැබැයි එයාල නවන්දන්න කුලේ. එයා කොච්චර හොඳ කෙනෙක් උනත් අහිංසනා අපේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි නෑදැයොවත් මේ මගුලට කැමති නෑ.’’

‘‘ඉතිං... ඔයා මොකද කිව්වෙ...?’’

‘‘මං මොනව කිව්වත් අම්මයි තාත්තයි අකමැති නම් ඒ වැඩේ සාර්ථක වෙන්නෙ නැහැනෙ අහිංසනා. අන්තිමේදි නංගිගෙ කම්පියුටර් කෝස් එකත් අතරමග නවත්තල එයාව ගෙදර එක්කරගෙන ආව. දැන් එයා ප්‍රදේශීය ලේකම් කාර්යාලෙ වැඩ. කසුන් ගේත් හදල, තව ඉඩකඩං එහෙමත් ගත්ත. ඒත් අපේ ගෙදරින් අකමැති නිසා ඒ කසාදෙ තවමත් කෙරුණෙ නෑ. නංගිත් කියන්නෙ එයාට කසුන් එක්ක යන්න දෙන්නෙ නැත්නං එයා කවදාවත් කසාද බඳින්නෙ නැ කියල.’’

‘‘එතකොට කසුන්...?’’

එයත් තවම බැන්දෙ නෑ.

*         *          *          *          *          *          *          *          *

‘‘ඒ කියන්නෙ අමෝද්‍ය...’’

මා විමසුවේ එම සිදුවීමේ වර්තමාන තත්ත්වය පිළිබඳ කිසිවක් ම දැන නොසිටි බැවිනි.

‘‘ඔවු අහිංසනා... නංගි තවම කසාද බැන්දෙත් නෑ. එයාට ගෙදරින් ගේන යෝජනාවලට කැමති වෙන්නෙත් නෑ. ඉතිං...’’

‘‘ඔයාට ගෙදරින් කිව්ව නංගි බඳිනකං ටිකක් ඉවසන්න කියල... එහෙම නේද...’’

එක පැහැර පිළිවදන් නොසැපයූ අමෝද්‍ය තත්පර තිහකට ආසන්න කාලයක් සිවිලිම සමග අනිමිස ලෝචනයක යෙදී ‘‘ඔවු අහිංසනා... ඒත්...’’

ඔහු නැවතත් නිහඬතාවක ගිලිණ.

‘‘හම්ම්ම්... මට තේරෙනව අමෝද්‍ය...’’

ඔහුගේ සිතුවිලි හඳුනා ගත් මා අප දෙදෙනාගේ සබඳතාව හෝ විවාහය ඔහුගේ දෙමාපියන්ට නොදැන්වූයේ ඇයි යන කරුණට හෝ අනාගතයේ දිනක දන්වනවා ද යන්න පිළිබඳව හෝ කිසිවක් ම නොවිමසන්නට තීරණය කළේ ය. ඒ අන් කිසිවක් නිසා නොව අමෝද්‍ය කෙරෙහි මා තැබූ විශ්වාසය  අනාගතයේ ද ඒ ආකාරයෙන් ම පවතිනු ඇතැයි තව දුරටත් විශ්වාස කළ බැවිනි. ඔහු ද, මා ද අපගේ දෙමාපිය ඥාති මිත්‍රාදින් සියල්ල අතහැර අපේ අනාගත ගමන්   මගසකසා ගත යුතු නොවේ ද යන්න මට සිතිණ.

 

15123359 07474c06 85b2 4278 b0cc 99ce18e30817 

අමෝද්‍ය ද එසේ සිතන බව නිසැක ය. එහෙත් මා අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වැටහෙන විට හදවත, මනස මතු නොව සමස්ත සිරුර ම කුමක්දෝ වේදනාවකින් පෙළෙන ගතියක් දැනිණ. ඒ මන්ද යත් අමෝද්‍ය මට වඩා වාසනාවන්ත බැවිනි. ඔහු සිය දෙමාපියන්ගෙන්, නැගණියගෙන් සහ ඥාතා මිත්‍රාදින්ගෙන් සැඟවිය යුත්තේ විවාහ වූ බව පමණි. එහෙත් මා... මට යම් හෝ පිළිසරණකට සිටින්නේ දිවසත් අයියා පමණි. ඔහු වුව ද යළි අප බලන්නට ඒ ද නැද්ද යන්න පවා අවිනිශ්චිත ය. මට සිටින්නේ අමෝද්‍ය ම පමණි.

‘‘මොනව ද ඔයා කල්පනා කරන්නෙ...?’’

මගේ සිතුවිලි දැහැන බිඳහෙළමින් අමෝද්‍ය විමසී ය. දිය යුතු පිළිතුර නොව වෙනත් පිළිතුරක් සපයන්නට මගේ මුව විවිර විණ.

‘‘නෑ මං මේ කල්පනා කරේ අමෝද්‍ය...’’

‘‘නංගි මං ගැන මොනව හිතයි ද කියල නේ ද...? නෑ අමෝද්‍ය... නංගි මට කියල තියෙන්නෙ එයා ගැන හිත හිත හිටියොත් මටත් කවදාවත් කසාද බඳින්න වෙන්නෙ නැති නිසා මම කැමති කෙනෙක් ඉන්නව නං බඳින්න කියල. ඒත් මං තවම එයාටවත් කිව්වෙ නෑ. බලමු...’’ යැයි පැවසූ අමෝද්‍ය එතැන් සිට හෝරාවකටත් අධික කාලයක් ගත කළේ මා සමග ආදරයෙන් වෙළී අප දෙදෙනාගේ ම හැඟීම් සන්තර්පණය කිරීම වෙනුවෙනි.

*         *          *          *          *          *          *          *          *

image 235කාලය අප පසුකරමින් වේගයෙන් ඉගිළ ගියේ ය. මාත් අමෝද්‍යත් විවාහ වී දැන් වරකට ආසන්න ය. මගේ මව සහ පියා පිළිබඳ විටින් විට තොරතුරු සැපවූයේ දිවසත් අයියා ය. ඔහු පැවසූ පරිදි මා වෙනුවෙන් තෙමස් පින්කම පවත්වන්නට පවා මගේ පියා කටයුතු කර ඇත. ඒ දෙදෙනා ම මා පිළිබඳ අංශු මාත්‍රයක් හෝ සොයා බලන්නට කිසිදු වෙහෙසක් දරා නොමැත; අනාගතයේ ද එසේ නොවන බව සක් සුදක් සේ පැහැදිලි ය.

දිවසත් අයියා කළේ තොරතුරු සැපයීම ම පමණි. මේ ගෙවී ගිය කාලය පුරා එක් දිනක් හෝ අප මුණ ගැසෙන්නට ඔහු නොපැමිණියේ ඇයි ද යන්න මට ගැටලුවකි. එහෙත් කිසිදු දිනක මම ඒ පිළිබඳ ඔහුගෙන් නොවිමසුවෙමි. අමෝද්‍ය ද එසේම ය. ඉඳ හිට හෝ මා මේ පිළිබඳව අමෝද්‍ය සමග කතා බහ කරන අවස්ථාවල දී ඔහු පැවසුවේ එකම අදහසක් පමණි.

‘‘මං හිතන්නෙ අහිංසනා... දිවසත් අයිය බයයි එයා අපි දෙන්නට සපෝර්ට් කරා කියල කවුරු හරි දැනගනියි කියල. ඒ නිසා මිනිහ කල්පනා කරන්න ඇති මේ විදියට ම ඈතින් ඉන්න එක හොදයි කියල.’’

එබඳු අවස්ථාවල දී ‘‘හම්ම්ම්... වෙන්නැති නේද...?’’ යන පිළිවදන හැර අන් යමක් විමසන්නට මම ද උත්සාහ නොකළෙමි.

*         *          *          *          *          *          *          *          *

විවාහයෙන් ඉක්බිති ගෙවී ගිය පළමු සතියෙන් පසු අමෝද්‍ය නිවසට පැමිණියේ සිකුරාදා දිනවල රාත්‍රි අටට පමණ ය. ඒ කුරුණෑගල පැවති පන්තියේ ඉගැන්වීම් කටයුතුවලින් අනතුරුව ය. මගේ මව සහ පියා කිසිදු දිනක නිකමට හෝ ඔහු හමුවීමට පැමිණ නොමැත.  සිකුරාදා නිවසට පැමිණෙන හෙතෙම සෙනසුරාදා දවස පුරා ම නුවර පංතියේ ඉගැන්වීම් කටයුතුවල නිරත වූ අතර ඉරිදා නිවසේ නතර විය. ඔහු කිසිදු ඉරිදා දිනක තම වෘත්තියේ නොනියැළුණි.

ඒ පිළිබඳව මා ඔහුගෙන් විමසූ විට පැවසුවේ දරුවන්ට ද සතියකට එක් දිනක විවේකයක් අව්‍යශ බවයි. එවිට මා ඔහුගෙන් පෙරළා ප්‍රශන කළේ සැබැවින් ම දරුවන්ට නිවාඩු ලබා දීම වෙනුවෙන් ද එසේත් නැති නම් අප දෙදෙනාගේ නිදහස වෙනුවෙන් ද යන්න ය. ඔහු ඍජුව ම පවසා සිටියේ අප දෙදෙනාගේ නිදහස බුක්ති විඳීමට කිසිදු බාධාවක් නොමැති බැවින් එය දරුවන් වෙනුවෙන වෙන් කළ බවයි. එමෙන් ම සතියේ තවත් දවසක් අපතේ යැවීම ද විශාල පාඩුවක් වන බැවින් අපි වෙනුවෙන් ද එම දවස ම වෙන් කළ බවයි.

යළි ඔහු නිවසෙන් බැහැර වන්නේ සඳුදා දිවා ආහාරයෙන් අනතුරුව ය. එතැන් සිට: අඟහරුවාදා, බදාදා, බ්‍රහස් පතින්දා යන තෙදින වෙන් කළේ: නුගේගොඩ, ගාල්ල සහ මාතර පංතිවල ඉගැන්වීම් කටයුතු සඳහා ය. ඒ අතර කුමන හෝ දිනක අවිස්සාවේල්ලේ පිහිටි ඔහුගේ නිවසේ රැඳෙන්නට ද ඔහු අමතක නොකළේ ය. ඔහු මට පවසා තිබු පරිදි මේ සෑම පෙදෙසක ම පාහේ ඔහුගේ විවේකය සඳහා නවාතැන් තිබිණ. ඒ කුමන පෙදෙසක ද යන්න මා කිසිදු දිනක විමසා නැත. එය විශේෂයෙන් මා වෙත පවසන්නට ඔහු ද නොපෙලඹිණ.

 

 මේ ඒකාකාරී ජිවිතයට මා දැන් හුරු වී හමාර ය. මට මගේ යැයි කිසිවකු ම නැත. අවම වශයෙන් මිතුරියක සමග අන්තර්ජාලයෙන් හෝ සබඳතාවක් පවත්වාගෙන යන්නට තරම් අවකාශයක් මට නොතිබිණ. මා මුහුණු පොත සඳහා භාවිත කළේ ද ව්‍යාජ නමකි. නමුදු ඒ හරහා මා මගේ යහළු යෙහෙළියෝ බොහෝ දෙනෙකු පිළිබඳ තතු දැනගත්තේ ය; ලෝකය පිළිබද සියලු තතු නිසියාකාරයෙන් කියවා ගත්තේ ය. මෙම දස මාසය ඇතුළත කිහිප වතාවක් ම දළදා මාලිගයට ගොස් දන්ත ධාතු වැද පුදාගැනීමට ද, මහනුවර පිහිටි සිනමා ශාලාවලට ගොස් සිනමා පට නැරඹිමට ද හැකියාව ලැබිණ.

 

2695650 ECNPURFA 32 

මේ කාල සීමාව වන විට මා සත් මසක ගැබිනියකි. මගේ සියලු කටයුතු සඳහා සැදි පැහැදී සිටියේ රන්මලී ය; සැබැවින් ම ඇය මට මවක හා සම වූවා ය; මගේ සියලු කටයුතු පිළිබඳ සොයාබලන්නට ඇය ඉතා උනන්දුවක් දැක්වූවා ය. ඇය මෙතෙක් කාලයකට මගේ දෙමාපියන් පිළිබඳ හෝ පවුලේ විස්තර කිසිවක් ම නොවිමසුවේ මන්ද යන්න මට ගැටලුවකි. ඇතැම් විට අමෝද්‍ය ඇය සමග මේ සියලු විස්තර පවසා, මගෙන් ඒ කිසිවක් නොවිමසන්නැයි පවසා ඇති ද යන සැකය මා සිත තුළ පැවතිණ. එහෙත් ඒ පිළිබඳව හෝ විමසන්නට මට සිත් නොදිණ. මන් ද එසේ විමසුව හොත් එහි අවාසිය මාත් අමෝද්‍ය වෙතත් බලපා ය යන්න මට හැඟිණ.

නිවසට ම කොටු වී සිටීම හැරුණ විට මා වෙනුවෙන් කළ යුතු සියලු වගකීම් සහ යුතුකම් අමෝද්‍යට හැකි පරිදි උපරිමයෙන් ම සපයන්නට ඔහු දැඩි වෙහෙසක් ගත්තේ ය. මේ වන විට ඔහු දිවයිනේ ප්‍රසිද්ධ මෙන් ම ජනප්‍රිය උපකාරක පංති පවත්වන ගුරුවරයෙකි; ඔහු වටා එක් රොක් වී සිටින ශිෂ්‍ය පිරිස අති විශාල ය.

විශේෂයෙන් ම ශිෂ්‍යාවෝ බහුල ය. මන්ද ඔහු තවමත් නව යොවුන් තරුණයෙකු සේ ය. ඇතැම් අවස්ථාවල දී මට ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් ද බියක් ද හට නොගත්තා නොවේ.

එහෙත් එසැණින් එය පහව ගොස් මෙතරම් මට ආදරය කරන ඔහු කෙරෙහි එසේ සිතිම වැරැදි නොවේ ද යන හැඟීම ජනිත වන්නේ ය. ඔහුගේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා තිබුණේ නුගේගොඩ පාගොඩ පාරේ බව ඔහු මට පැවසී ය. එහි ද කිහිප දෙනෙකු ම සේවයේ නිරතවන බව ද පවසා තිබිණ.

එහෙත් ඒ කිසිවකු ඔහු විවාහ වි ඇතැයි දැන නොසිටි බව ද මා හට පැවසී ය. ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ යම් හෙයකින් ඔහු විවාහ වි සිටින බව කිසිවකු දැනගතහෝත්, විවාහ වී සිටින්නේ කා සමග ද යන්න ඔවුන් දැනගත හැකි බවයි.

මගේ දෙමාපියන්ගේ හැසිරීම් රටාව අනුව යම් ආකාරයකින් ඔහුගේ ඉදිරි ගමන වළක්වාලන්නට මගේ මව සහ Screenshot 2023 03 04 at 2.37.14 PMපියා කටයුතු කරාවි යන සැකය ඔහු තුළ පැවතිණ. ඔහුට යම් කරදරයක්, බාධාවක් වුවහොත් එය ඍජුවම මට බලපාන බැවින් ඔහු අවිවාහක පුද්ගලයෙකු ලෙස ම පෙනී සිටින්නට තිරණය කර ඇති බව ද මා හට නොයෙක් වර පැවසී ය. ඒ සියල්ල සත්‍ය නොවේ ද යන්න මට ද හැඟිණ. මා නිරන්තරයෙන් ම සිතුවේ මගේ අමෝද්‍ය මට සිටිනවා යන්න පමණි. මන්ද ඔහු මට සියලු පහසුකම් සලසා තිබිණ. මා මිනිස් ඇසුරින් බැහැර වුව ද ලෝකය සමගම ගනුදෙනු කළ හැකි සියලු පහසුකම් මා වෙත සලසා තිබිණ.

අමෝද්‍ය සහ මා විවාහ වී වසරකුත් දෙමසක් ගෙවෙන්නට පෙර අපි මවු - පිය පදවි ලැබුවෙමු. අපේ කුලුඳුල් දරුවා පුතෙකි. මගෙන් ද විමසා, ඉක්බිති අපේ කුලුඳුල් පුතණුවන්ට ‘‘කනිෂ්ක ජයලත්’’ යැයි නම් තැබුවේ ද අමෝද්‍ය ම ය.

ඉවර නෑ...

jayasiri 04 e1619629387941

 



(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/03/04  

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්