සියලු ලාංකිකයන් බලා සිටින්නේ පවතින ආර්ථික අහේනි තත්වයෙන් මිදී රට ගොඩ යන්නේ කවදා දැයි කියාය.

එක් අතකින් රට ගොඩ යාම යනු ආර්ථික වශයෙන් ස්වයං පෝෂිත වී පුරවැසියාගේ අත මිට සරු වීමයි.

ඉදිරි මැතිවරණ ඉල්ලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ හා පුද්ගලයින් රට ගොඩ දැමීමේ තම වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් සිටි.

දැන් අප හමුවේ ඇත්තේ එම වැඩපිළිවෙල කොතරම් ප්‍රයෝගික ද සහ එහි කාල රාමුව ගැන විමසා බැලීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩ දැමීමට 2048 දක්වා කල් ඉල්ලා වැඩ කටයුතු කරගෙන යමින් සිටි.

සමබිම පක්ෂ නායක දීප්ති කුමාර සමග සංවාදයේ යෙදෙන දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පවසන පරිදි මේ මොහොතේ ආර්ථිකය ස්ථාවර කිරිමේ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඇත්තේ ජනාධිපතිවරයාට පමනි.

අනාගත දේශපාලන තීන්දු ගැනිමේ පහසුව සඳහා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළත් අනෙක් පක්ෂ හා පුද්ගලයන් ගැනත් ඔවුන්ගේ විග්‍රහයට පහතින් සවන් දෙන්න.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්