ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය 70 වැනි සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ ලාංකික නියෝජනය ලෙස තේරී පත් වී තිබේ.

ඒ අනුව, ජූනි 7 වැනිදා ආරම්භ කෙරෙන සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී මනල් සිනමාපටය වෘතාන්ත සිනමා අංශය යටතේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. ඒ ජූනි 15 වැනිදා සහ ජූනි 17 වැනිදා දිනවල දී ය.

ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.

 

e08697d0 ac58 11ed 8f65 71bfa0525ce3

 

52 වෙනි රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය වන "ටයිගර් සම්මාන තරගය" (Tiger Award Competition) යටතේ උළෙල නියෝජනය කළ විසාකේස චන්ද්‍රසේකරම්ගේ "මනල්" (Munnel) චිත්‍රපටය එම අංශයේ දෙවෙනි විශිෂ්ටතම නිර්මාණ උදෙසා පිරිනමන විශේෂ ජූරි සම්මානයකින් (Tiger Special Jury Award) ද මෙම වසර මුල දී පිදුම් ලැබීය.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 2013 වසරේ දී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේ දී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේ ය.

 

සබැඳි පුවත් :

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්