leader s

ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් අතුරෙන් සියයට තුනක් පමණ මඳසරු භාවයෙන් පෙළන බව පර්යේෂණවලින්
වාර්තා වුව ද ඔසප් චක්‍රය හෙවත් ආර්ථව චක්‍රය ක්‍රියාත්මක නොවන (වෙනත් අබාධයක් හේතුවෙන් හැර) කාන්තාවන් පිළිබඳ ලෝකයේ කිසිදු රටකින් වාර්තා වී නොමැත. එයින් ප්‍රකට කෙරෙන්නේ ලොව වෙසන කාන්තාවන් 100%ට ම ආර්තව ක්‍රියාවලිය සිදු වන බවයි.

කාන්තාවකගේ ආර්තව ක්‍රියාවලිය ඇරඹෙන්නේ ඇය මල්වර වූ දිනයේ සිට දින විසි අටකට වරකි. සාමාන්‍ය තත්ත්වය යටතේ එම ක්‍රියාවලිය නතරවන්නේ ඇගේ වයස අවුරුදු පනහ ඉක්මවීමෙන් අනතුරුව ය.

දැරියක මල්වර වන වයස අවුරුදු අටේ සිට දොළහ දක්වා දීර්ඝ විය හැකිය. ඒ අනුව ගත් විට අවුරදු දහයේ දී මල්වර වූ දැරියක් කාන්තාවක් බවට පත්ව, පසුව මවු පදවිය ලැබ අවම වසර හතළිහක් පුරා මෙම ශාරීරික ක්‍රියාවලියට මුහුණ දිය යුතු ය. 

එනම් යට සඳහන් කළ පරිදි ලොව උපදින සෑම කාන්තාවක ම මෙම ක්‍රියාවලියට මුහුණ දිය යුතු ම ය. විවිධාකාරයේ රැකියාවල නිරත වන හෝ ගෘහණියක ලෙස කටයුතු කරන කාන්තාවකට එම දින කිහිපය යනු ඉතා අසීරු දින කිහිපයකි. විශේෂයෙන් ම පාසල් දැරියන් මෙම දින කිහිපය තුළ දැඩි අසීරුතාවට පත්වන්නේ ය. එමෙන් ම කිසිදු අවහිරයකින්, බාධාවකින් තොරව මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා කාන්තාවන් හට ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවේ. ඒ, සනීපාරක්ෂක තුවා භාවිතය යි.

තත්ත්වය එසේ වුව ද ලංකාවේ පවත්නා මූල්‍ය අර්බුදය සහ සමාජ ආකල්ප හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිතය කෙතරම් දුරට පවතිනවාද, එසේ නොපවතී නම් ඊට හේතු පාදක වන කරුණු මොනවා ද, සනීපාරක්ෂක තුවා නිසි පිළිවෙළට භාවිත නොකරන්නේ නම් අත් විඳින්නට සිදුවන විපාක මොනවා ද සහ ලාබදායී මෙන් ම ආරක්ෂිත සනීපාරක්ෂක තුවා යනු කුමක් ද යන්න පිළිබඳ ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යවසායිකාවක වන, සෙලින් හැන්ඩ් ලුම්ස් ආයතනයේ අධ්‍යක්ෂ සෙලීනා පීරිස් සහ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙමූන් මාලීන් දෙපළ කළ කරුණු පැහැදිලි කිරීමක් පහත වීඩියෝවෙහි අන්තර්ගත ය.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්