යෞවනත්වය හෙවත් තරුණ බව රැක ගැනීමට අපි හැමෝම උනන්දුවක් දක්වන බව (මේ පිළිබද වැඩි උනන්දුවක් දක්වන්නේ කාන්තා පාර්ශ්වය යැයි සිතුව ද එසේ නොවන අවස්ථා ද බහුල ය) නොරහසකි.

මේ ආකාරයට තරුණ බව රැක ගැනීම සඳහා අපගේ සිරුරෙහි හම පමණක් රැකගැනීම ප්‍රමාණවත් යැයි ඇතැම් අය විශ්වාස කරති. එහි සත්‍යතාවක් නැතුවා ම නොවේ. මන්ද, පුද්ගලයකු තවත් පුද්ගලයකු කෙරෙහි අවධානය යොමු කරන විට පළමුවෙන් ම එම පුද්ගලයාගේ සමේ පැහැය සහ එහි මට සිලිටු බව කෙරෙහි අවධානය යොමු කරන බැවිනි. 

නමුදු සම පමණක් රැක ගැනීමෙන් යෞවනත්වය හෙවත් තරුණ බව දීර්ඝ කාලිනව රැක ගත නොහැකි ය.

එසේ නම් තරුණ බව හෙවත් යෞවනත්වය වඩා වැඩි කාලයක් පවත්වාගෙන යැම සඳහා කළ යුත්තේ කුමක් ද...? ඒ සඳහා අපට සහය දක්වන සහෝදරියන් තිදෙනෙක් (Three Sisters) සිටිති. එම සහෝදරියන් තිදෙනා නම්: 

01. ශාරීරික ව්‍යායාම, 
02. ආහාර පාන, 
03. නින්ද යන තිදෙනා ය. 

මීට අමතරව කුඩා සහෝදරයෙක් ද සිටින බව මෙහි දී සිහිපත් කළ යුතු ය.

මේ සහෝදරියන් තිදෙනා සහ සහෝදරයා පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා වෛද්‍ය නදී පීරිස් (MBBS,Msc,Phd) සහ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS,Msc, MD) ඉදිරිපත් කරන පහත විඩියෝව නරඹන්න.

යෞවනත්වය හෙවත් තරුණකම දීර්ඝ කාලයක් පවත්වාගැනිම සඳහා අමතර වියදමක් නොදරා කළ හැකි බොහෝ දෑ මෙම විඩියෝව නැරඹීමෙන් ඔබට අවබෝධ කරගත හැකි ය.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්