leader s

 
 ඉන්දීය සිනමා සංගම් එකමුතුව (නැගෙනහිර කලාපීය) විසින් සිව්වැනි වරටත් සංවිධානය කෙරෙන ස්වාධින සිනමා උළෙලක් වන "දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල"ට (SASFF) නිර්මාණ බාර ගැනීම ආරම්භ කර
තිබේ.
 
 තරුණ සිනමාකරුවන් දිරි ගැන්වීම පිණිස පැවැත්වෙන මෙම සිනමා උළෙලට උපරිම විනාඩි 40ක කාලයක් යටතේ කෙටි චිත්‍රපටත්, උපරිම විනාඩි 60ක කාලයක් යටතේ වාර්තා චිත්‍රපටත් ඉදිරිපත් කළ හැකි ය.
 
 එම නිර්මාණ 2018 ජනවාරි 1 වැනිදායින් පසුව නිර්මාණය කළ ඒවා විය යුතු අතර ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරසි ගන්වා තිබිය යුතු ය.
 
 ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින යන රටවල් "දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල"ට සුදුසුකම් ලබන රටවල් වේ.
 
 එක් තරගකරුවෙක්ට එක් චිත්‍රපටයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැකි අතර ඊට අදාළ ගාස්තු, අයදුම්පත් වෙන වෙනම යොමු කළ යුතු ය.
 
 යූ ටියුබ් හෝ අනෙකුත් වෙබ් මාධ්‍යවලට යොමු කර ඇති  සිනමාපට ද මීට සුදුසුකම් ලබයි. 
 
කෙසේ වෙතත් යොමු කිරීමට නියමිත නිර්මාණ මින්පෙර "දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල"ට ඉදිරිපත් නොකළ ඒවා විය යුතු ය.
 
 තරගකාරී සහ තරගකාරී නොවන අංශ යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර තරගකාරී අංශය යටතේ සම්මාන 7ක් පිරිනැමීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
 
 සිනමා උළෙල මේ වසරේ සැප්තැම්බර් 5 වැනිදා සිට 12 වැනිදා දක්වා කොල්කටා හි දී පැවැත්වෙනු ඇත.
 
 
වැඩි විස්තර සඳහා  www.sasff.online වෙබ් අඩවියට පිවිසෙන්න,

 

 

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්