leader s

 ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයට 25 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ඇගයුම් උත්සවයකදී ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර
ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
 
 සබරගමු පළාතේ උපත ලැබූ රම්‍යා වනිගසේකර, කලා ශිල්පිනියක ලෙසින් සිදු කළා වූ මෙහෙවර අගයමින්, සබරගමු විශ්ව විද්‍යාලයේ පිහිටි මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේ දී මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ ඊයේ (2) දිනයේ දී ය.
 
 මෙවන් සම්මානයකින් තමන් වෙත පුද කිරීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වන බව සම්මානය පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියා ය.
 
 "ඇත්තෙන්ම සම්මානයක් ලැබීම කියන්නේ ජිවිතයේ තමන් කළ කී දේ දිහා ආපස්සට හැරිලා බලන්න පුළුවන් සතුටුදායක අවස්ථාවක්. කැඩපතක් වගේ තමුන් මෙතෙක් කාලයක් යම්කිසි දෙයක් කරලා තියෙනවද, එහි සාර්ථකත්වය කියන දේ අපිට නිරතුරුවම සිහිපත් කරනවා."
 
 සබරගමුව විශ්වවිද්‍යාලය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කර පෙබරවාරි 2 වැනිදාට 25 වසරක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණි.
 
 
 Ramya Wanigasekara
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්