leader s

 
2021 ඔලිම්පික් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධාන කරන කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
 
වයස අවුරුදු 16-35 අතර තරුණ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් වෙනුවෙන් විවෘත මෙම තරගයට උපහාරය, අවබෝධය, ඉදිරියට ගමන් කිරීම යන තේමා යටතේ චිත්‍රපට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.
 
මිනිත්තු 5ට නොඅඩුව මිනිත්තු 7ක උපරිමයකට යටත්ව භාෂා තුනෙන්ම නිර්මාණ යොමු කළ හැකි ය. 
 
මැයි 29 වැනිදාට පෙර තරගය සඳහා ලියාපදිංචි විය යුතු අතර කෙටි චිත්‍රපට බාර ගන්නා අවසන් දිනය ජූනි 18 වැනිදා යි.
 
ජූනි 23 වැනිදාට යෙදෙන ඔලිම්පික් දින සැමරුමේ දී ජයග්‍රාහකයින් දැනුම් දෙන අතර පළමු ස්ථානය වෙනුවෙන් රුපියල් 20,000ක, දෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 15,000ක සහ තුන්වැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 10,000ක මුදල් ත්‍යාග පිරිනැමේ. 
 
එසේම, සහභාගී වන සියලුම දෙනා වෙනුවෙන් ඊ-සහතිකයක් පිරිනමන බව සංවිධායකයෝ පවසති. 
 
වැඩිදුර විස්තර 0720645540 කන්ඩුල, 0770556534 චලනි, 0760970125 චාරුණි 
 
ලියාපදිංචිය සඳහා පහත සඳහන් සබැඳිය වෙත පිවිසෙන්න  
 
 

187692983 4035764443178456 628291044850000609 n

 
THE LEADER TV 
 
 
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා 
 

 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්