The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩු 03ක සාක්ෂි එකවර විමසීම අරඹයි

T

The Leader Desk

May 13, 2026 • 3:50 PM

ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩු 03ක සාක්ෂි එකවර විමසීම අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති දූෂණ නඩු තුනක සාක්ෂි එකවර විමසීම ඊයේ (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ සිදු විය.
  • ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ වරෙන්තු නියමව සිටි පැමිණිල්ලේ 12 වැනි සාක්ෂිකරු වන එස්.පී.
  • නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු සාක්ෂිකරු පසුගිය නඩු දින රෝගීව සිටි බව දැක්වෙන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
  • අනතුරුව නඩුවේ 19 වැනි සාක්ෂිකරු වන හිටපු හමුදා කෝප්‍රල්වරයකු වන වික්‍රමාරච්චිගේ අශෝක ඊයේ සාක්ෂි ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති දූෂණ නඩු තුනක සාක්ෂි එකවර විමසීම ඊයේ (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ සිදු විය.

නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අයයි.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ වරෙන්තු නියමව සිටි පැමිණිල්ලේ 12 වැනි සාක්ෂිකරු වන එස්.පී. ජෝතිපාල යන අය අධිකරණයට භාර වී තිබේ. නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු සාක්ෂිකරු පසුගිය නඩු දින රෝගීව සිටි බව දැක්වෙන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව වරෙන්තු ආපසු කැඳවා තිබේ.

අනතුරුව නඩුවේ 19 වැනි සාක්ෂිකරු වන හිටපු හමුදා කෝප්‍රල්වරයකු වන වික්‍රමාරච්චිගේ අශෝක ඊයේ සාක්ෂි ලබා දී ඇත. ඔහු කාලයක් හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස සේවයකර ඇති අතර පසුව සතොස ආරක්ෂක අංශයේ සේවයට බඳවා ගෙන ඇත.

ඔහුට සතොස මඟින් වැටුප් ගෙවීම පිළිබඳ පැමිණිල්ලේ සාක්ෂි විමසීම සිදු කර ඇති අතර පසුව හරස් ප්‍රශ්න විමසීම ද සිදු කර තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ ඇමති ලෙස කටයුතු කළ 2010 – 2015 කාලසීමාවේ සතොස ආයතනයේ සේවකයන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩු පවරා ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පැමිණිල්ල මෙහෙය වන අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ දමින්ද අතුකෝරල යන අය පෙනී සිට ඇත.

නඩුව යළි ලබන ජූනි 16දා කැඳවීමට නියමිතය.

| lankatruth

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...