ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 අගෝස්තු 25දා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර ඇත.
ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ වහාම ශානි අබේසේකර එතෙක් සිටි ධුරයෙන් නෙරපා හැර ගාල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ සහකාර ලෙස තනතුරින් ඉතාම පහතට හෙලමින් දියත් කළ දේශපාලන පලිගැනීම්, 2020 අගෝස්තු 25 වෙනි දින අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම දක්වා පරාසයන විහිදී තිබිණි.
එම දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් පරිපාලන විනිශ්චයාධිකාරිය සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස 2020 අගෝස්තු 25 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට ධුරයට පත් කර අදාළ හිඟ වැටුප් සහ වැටුප් වර්ධක සියල්ල ගෙවන ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබේ.
රංජන් රාමනායක සතුව තිබූ හඬපටයක් විකෘති කරමින් ශානි අබේසේකර සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඔහුට එරෙහි පලිගැනීම් දැඩි කර තිබිණි.
එසේම මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී සුජීව සේනසිංහගේ නමට අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමෙන් නිකුත් කර තිබූ චෙක්පත් පිළිබඳ විමර්ශන යටගැසීමට ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුන් උපදෙස් වලට එකඟ නොවූ අවස්ථාවේදී ඔහුව අවමන් සහගත ලෙස පලවා හැර තිබිණි.




