The Leader News
BREAKING
සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●
Top Ad
පුවත්

සීමාවාසික වෛද්‍ය පත්වීම් වලට එරෙහි පෙත්සම්වල නියෝගය 08 වැනිදා

T

The Leader Desk

April 10, 2026 • 3:12 PM

සීමාවාසික වෛද්‍ය පත්වීම් වලට එරෙහි පෙත්සම්වල නියෝගය 08 වැනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යන්න සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ දුෂ්කර ස්ථානගත කිරීමේ ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
  • පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික සරුණු කරුණු සලකා බැලීමෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදි.
  • මෙම සීමා වාසික වෛද්‍ය පත්වීම් වලට අදාල කරුණු මුල්කරගෙන මතුවී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කර ගැනීම සඳහා සියලු පාර්ශව අවධානය යොමු කළ යුතු බව එහිදී අපි ආසනාදීකරන සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අවධාරණය කළේය.
  • එහිදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසර දෙනවාද? නැත්ද?  යන්න සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ දුෂ්කර ස්ථානගත කිරීමේ ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරනවාද නැද්ද යන්න  පිළිබඳ නියෝගය ලබන මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික සරුණු කරුණු සලකා බැලීමෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදි.


මෙම  සීමා වාසික වෛද්‍ය පත්වීම් වලට අදාල කරුණු මුල්කරගෙන මතුවී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කර ගැනීම සඳහා සියලු පාර්ශව අවධානය යොමු කළ යුතු බව එහිදී අපි ආසනාදීකරන සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අවධාරණය කළේය.


අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරුප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී.

එහිදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

ඔහු පෙන්වා දුන්නේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව ය.

මෙම සීමාවාසික වෛද්‍ය පත්වීම් 2020 වසරේ සකස් කළ ක්‍රමවේදයට අනුව සිදුකර ඇති අතර එය රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත කර තිබූ බව සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේය.


ඒ අනුව අදාළ පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වී ඇති අතර රාජ්‍ය සේවා කොමිසමේ තීරණ   අභියෝගයට ලක් කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණයට  බලයක් නොමැති බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.


සීමාවසික වෛද්‍යවරුපත්කිරීම් ලැබූ පිරිස මීට පෙර වෛද්‍යවරු වශයෙන් සේවය කර නොමැති අතර පළමු වතාවට පත්වීම් ලබන බැවින් ඒවා ස්ථාන මාරු කිරීම් ලෙස සැලකිය නොහැකි බවද, එම කටයුතු කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යාංශය සතුවන බවද සොලිස්ටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම එම පත්වීම් සම්බන්ධයෙන් මැදිහත් වීමටරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෝ වෙනත් කිසිදු වෘත්තීය සමිතියකට නීතියෙන් කිසිදු බලයක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

 මෙම සීමාවාසික පත්වීම් ලැබූවන් සියයට හැත්තෑ පහක් පමණ මේ වන විට සේවා ස්ථාන වලට  වාර්තාකර ඇති බවද සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බව සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙන්වා දුන්නේය.


පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එහිදී සඳහන් කළේ, මෙම නඩුකර ගොනු කිරීමෙන් පසුව මෙම සීමාවාසික වෛද්‍ය පත්කිරීම් වලට රාජ්‍ය සේවා කොමිසමවිසින් අනුමැතිය ලබා දී ඇති බවය.


සීමාවාසික පුහුණුව අවසන් කළ පසු එම තැනැත්තා වෛද්‍යවරයෙකු බවට පත්වන  බැවින් මෙය පත්කිරීමක් නොව මාරු කිරීමක් බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට යටත්ව පිහිටුවා ඇති මාරුමණ්ඩල තුළ අමාත්‍යවරයාට හෝ දේශපාලකයින්ට  නිෂ්ප්‍රභ කළ නොහැකි සහභාගීත්වයක් සහ  බලයක් වෛද්‍ය වෘත්තිය  සංගම් වලට නීතියෙන් හිමි වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය

දුෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීමේ බලය මාරු මණ්ඩල වෙත පැවරී ඇති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

 එසේම එම බලය අත්තනෝමතික ලෙස විෂය භාර අමාත්‍යවරයා වෙත පවරා ගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, සෞඛ්‍ය ඇමතිවරයා මෙම නීතිමය තත්ත්වය වැරදි ලෙස වටහා ගැනීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ට අනවශ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදු වූ බව ජනාධිපති නීතිඥවරයා වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම ප්‍රශ්නගත පත්කිරීම් වලට අදාල දූෂ්කර සේවා ස්ථාන තීරණයකිරීමේ බලය මාරු මණ්ඩල සතුව ඇති නමුත් අදාළ පත්වීම සිදුකිරීමේදී මාරු මණ්ඩල වල අනුමැතිය ලබාගැනීමක් සිදුකර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, මෙම පත්කිරීම් බල රහිත කරන ලෙස තමන් කිසිදු අවස්ථාවක ඉල්ලීම් නොකරන බව සඳහන් කළේය.


මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කරන්නේ දූෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීම සඳහා මාරු මණ්ඩල සතු බලය අමාත්‍යවරයා පවරා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, මෙම සීමාවාසික වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් ඇති වූ නීතිවිරෝධී තත්ත්වය පිළිබඳව පෙත්සම්කරුවන් සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු කළ ද, මෙය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා පවසා ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

 මාරු මණ්ඩල අනුමැතියකින් තොරව සිදුකර ඇති මෙම සීමාවාසික වෛද්‍ය පත්වීම් දුෂ්කර සේවා ස්ථාන සඳහා අනුමත කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් තමන් අභියෝගයට ලක් කරන්නේ  එය බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පෙත්සම් වල වග උත්තරකරුවකු ලෙස නම් කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ සියලු දෙනා වෛද්‍ය නිලධාරින් වශයෙන් සැලකෙන අතර මාරු මණ්ඩලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වය දරණ බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.


2025 වසරේ දූෂ්කර සේවා ස්ථාන 393 ක් නිගමනය කර තිබූ අතර නැවත සමාලෝචනය කරන තුරු එහි වෙනසක් නොකරන බවට බලධාරීන් පොරොන්දු වී තිබූ නමුත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු මාරු මණ්ඩලයේ කරුණු විමසීමකින් තොරව දූෂ්කර සේවා ස්ථාන නිගමනය කිරීම සහ මාරු කිරීම් සිදු කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එය නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ  සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් වලට අදාල ලිඛිත දේශන මේ මස 24 වනදා ගොනු කරන ලෙස නියම කළේය.

වෛද්‍ය මිතුම් දිසානායක සහ වෛද්‍ය නිම්සර මෙන්ඩිස් මහත්වරුන් විසින් ගොනුකොට තිබූ මෙම පෙතසම්වල වග උත්තර කරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති .

| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...