The Leader News
BREAKING
ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●
Top Ad
පුවත්

'ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව කෝටි 10000 ඉක්මවනවා' - ඩී.වී.චානක

T

The Leader Desk

April 9, 2026 • 12:54 PM

'ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව කෝටි 10000 ඉක්මවනවා' - ඩී.වී.චානක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද(09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
  • එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල්, මැයි,ජුනි මාසවලදී පමණක් ගල් අඟුරු වංචාවෙන් රුපියල් කෝටි 2500කට අධික අලාභයක් සිදුවන බවට ගණන් බලා ඇති බවයි.
  • මෙම අලාභය ජනවාරියේ සිට ගණන් බලා සමස්ත පාඩුව විමර්ශනය කළ විට එය රුපියල් කෝටි දස දහස ඉක්මව බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබිය.
  • චානක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද(09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල්, මැයි,ජුනි මාසවලදී පමණක් ගල් අඟුරු වංචාවෙන් රුපියල් කෝටි 2500කට අධික අලාභයක් සිදුවන බවට ගණන් බලා ඇති බවයි.

මෙම අලාභය ජනවාරියේ සිට ගණන් බලා සමස්ත පාඩුව විමර්ශනය කළ විට එය රුපියල් කෝටි දස දහස ඉක්මව බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.

'' විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා, අමතර ගල් අඟුරු සඳහා පමණක් රුපියල් කෝටි 220ක් වැය වෙනවා කියලා.

ඊට අමතරව එම වාර්තාවේ තිබෙනවා, ගල් අඟුරු නැව් නමයෙන් යුනිට් මිලියන 141ක් අහිමි වෙනවා කියලා.

එතකොට මේ යුනිට් මිලියන 141නිෂ්පාදනය කරන්න වෙන්නේ ඩීසල්වලින්.

දැන් ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා. එතකොට ඩීසල්වලින් මේ අවස්ථාවේදී යුනිට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 125ක් වැය වෙනවා.

එම යුනිට් ගණන යුනිට් මිලියන 141න් වැඩිවුණාම ඒ සඳහා පමණක් රුපියල් බිලියන 11 කට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා.

ජුනි මාසයේදී අනිවාර්යෙන්ම ගල් අඟුරු හිඟයක් එනවා. එතකොට නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගා වොට් 900මදුවන්න වෙන්නේ ඩීසල් වලින්.

එතකොට විදුලි කප්පාදුවකුත් සිදු කරන්න වෙනවා.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා අපි මුල ඉඳලම කිව්වා. නමුත් ජනාධිපතිවරයා ,බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ඇතුළු ආණ්ඩුව ඒක වහන්න තමයි හැමවිටම කටයුතු කළේ.

මෙම ගල් අඟුරු මගඩිය වහන්න ආණ්ඩුව ලබැඳියාවන් 7ක් ඔස්සේ කටයුතු කරලා තියෙනවා.

නව විගනකාධිපතිවරයගේ වාර්තාවෙනුත් කියන්නේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...