රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණ (පොහොට්ටුව) තීරණය කර ඇත.

එහි පළමුවැන්න ලබන බදාදා (09) සවස 2.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ආරාධනය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ රජයේ මැති ඇමැතිවරුන් ද ඊට සහභාගි වීමට නියමිතය.

කොවිඩ් වසංගතයෙන් ජය ගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කිරිම සඳහා මෙම රැස්වීම් මාලාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසිය.

95834107 5ab3 4fc6 9481 4fcf397bd8b1

බැසිල්ගේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය !


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම රැස්වීම මාලාව සංවිධානය කෙරෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගියදා ආරම්භකළ ආණ්ඩුවේ 'වැඩ ලක්ෂයේ වැඩසටහන'ට සමාන්තරවය.

මේ අතර බැසිල් රාජපක්ෂගේ නව දේශපාලන සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය ජගත් වැල්ලවත්ත පවසන්නේ, බැසිල්ගේ “වැඩ ලක්ෂයේ වැඩසටහන“ ඇසට නොපෙනෙන අතට අසුවන සංවර්ධන දේශපාලනයේ නැවුම් හැරවුම් ලක්ෂයක් බවයි.

jagatha 2

ජගත් වැල්ලවත්ත තවදුරටත් මෙසේද පවසයි.

''සූරිය මල් ව්‍යාපාරයේ සිට වාමාංෂික නායකයින් පවා සිතා සිටින්නේ ගමේ මිනිස්සුන්ට යමක් දීමෙන් ගම දේශපාලනික වශයෙන් දිනා ගැනීම පහසු බවයි. ඇන් එම්ට කොල්වින්ට සහ සමස්ත වමේ ව්‍යාපාරයටම ගම සම්බන්ධයෙන් වැරදුණු තැන එතනය. එහෙත් අද දක්වාම අනුර කුමාරවත් නූගත් ඒ පාඩම හරියටම ඉගෙන ගෙන ඇත්තේ බැසිල්ය.  

එදත් අදත් ගමේ ඉන්නේ අනුන්ගෙන් ඉල්ලා ගෙන කන මිනිස්සු නොව වවා හදාගෙන තමනුත් කා අනුන්ටත් දෙන මිනිස්සුය. ඔවුන් දේශපාලන වශයෙන් ප්‍රගතිශීලීය. ඒ නිසා ඔවුනට උවමනා මහපොළොව සරු කරන්නටය. ඔවුන් දේශපාලනඥයාගෙන් අපේක්ෂා කරන්නේ ඒ බැව් සැබවින්ම තේරුම්ගෙන ඒ සඳහා අවංකව උපකාර කිරීම පමණි.

“හැමෝටම ගමට බසින්නට හැකිදැයි” මේ ලේඛකයා මින් පෙර ලිපියක දී විමසන ලද්දේ ඒබැවිනි.


වැඩ ලක්ෂයේ වැඩසටහන:


බැසිල් රාජපක්ෂගේ වැඩ කලාවේ ව්‍යාකරණයයි. රටේ දේශපාලනයේ ආර්ථිකයේ කවර නම් අර්බුද පැවතියද නොසැළී නොබියව වැඩ සමග ගමට බැසීම, මහපොළවට අත තැබීම 'බැසිල් කලාව'ය.

බැසිල් කරන්නේ බීජයක් සරුවට වැඩීම සඳහා අවශ්‍ය පරිදි මහපොළොව සකස් කිරීමය. වැඩ ලක්ෂයේ වැඩසටහන නම් එයයි. සරු පොළොවේ අස්වනු කවදත් සරුවනු බව පසක් කරමින් වැඩ ලක්ෂයේ වැඩසටහන දැනටමත් සරුවට වැඩෙන්නට පටන්ගෙන තිබේ.

මගේ දැක්ම නම් වඩ කඩාකප්පල් කරනවායැයි කියන රාජ්‍ය නිලධාරියාට තරම් වැඩකිරීමේ කැක්කුමක් දේශපාලනඥයාට නොමැති බවයි. නමුත් මෙතෙක් සිදුවූයේ ඔවුන් පසෙකින් තබා දේශපාලනඥයාට වැඩේ භාරදී තිබීමය. නමුත් මෙවර බැසිල් මේ වැඩේ මුළුබර ඔවුන් අතට දී තිබේ.

නැතිනම් “නිකං පඩිකනවා” යැයි කියා කුණු මුල්ලට තල්ලුකර සිටි පහලොස් ලක්ෂයක රාජ්‍ය නිලධාරී බලකායට බැසිල් බයහැක නැතිව වැඩේ බාරදී තිබේ. එය දැලිපිහියෙන් කිරිපැනි කන එළඹුමක් යැයි යමෙකුට සිතුන ද බැසිල් එය භාවිතයට නඟා තිබේ.

 “වෙනස්ව සිතීමට බිය නොවන්න” යනු බැසිල් රාජපක්ෂගේ තේමා පාඨයයි. වෙනසක් කිරීමට නොබියව වෙනස්ව සිතිය යුතු බව ඔහු මෙම වැඩසටහන හරහා පෙන්වා තිබේ. මෙතෙක් දේශපාලනඥාටම ඉඩදී පැත්තකට වී සිටි ජව සම්පන්න යෝධ රාජ්‍ය සේවා බලකාය පෑනේ මෙහෙයුම හරහා ඔවුන්ගේ නියතවම වැඩ පෙන්වනු ඒකාන්තය.

එහෙයින් මෙවර ද බැසිල් ගමේ සිටවූ කොඩියේ සටහන්ව ඇත්තේ “ගමට වැඩනම් බැසිල්. බැසිල් නම් ගමේ දේශපාලනයයි ”යන්නයි.''

 

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්