විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනා තම පක්ෂයට මෙවර ජනාධිපතිවරණයේ දී සහය දෙන්නැයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක, කතානායක කරු ජයසුරිය ගෙන් ඉල්ලා ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සුදානමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින කතානායකවරයා, ඊයේ (17) දිනයේ ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජවිපෙන් වේලාවක් ඉල්ලා ඇති බවත්, එහිදී ජවිපෙ නායකයා ඉහත ඉල්ලීම කර ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

sep 18 Text 4විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ  'ජාතික ජන බලවේගයේ' ප්‍රධාන සටන් පාඨයකි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දසක කිහිපයක් පුරා අඛණ්ඩ අරගලයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නිහඬව සිටි එජාප නායකයින්ට ඒ ගැන මතක් වී ඇත්තේ ජනාධිපතිවරණයක් ආසන්නයට පැමිණිවිට බව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් චෝදනා කරති.

  

අනුර, අගමැතිගේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරලා !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණෙන් මිට ඉහත දී ඉල්ලීමක් කර තිබු අතර එම සංශෝධනය ඉදිරිපත් කළ හොත් තමා‌ගේ සහයද ඒ සඳහා ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ කියා තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ සංශෝධනයක් අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශවයෙන් ගෙනෙන ලෙසත් ඊට සිය පක්ෂයේ සහය ලබා දිය හැකි බවත්ය.

රනිල් වික්‍රමසිංහ ජවිපෙට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු 26 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහය ඉල්ලා සිටීමෙන් පසුවය. එම හමුවට අගමැතිවරයා සමග අමාත්‍ය රවී කරුණානායකද සහභාගි වී තිබිණ.

 

බොරදියේ මාලු බාන කරු !

sep 18 Text 5ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද තමා හට සලකා බැලිය හැක්කේ, 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බව කතානායක වරයා ඊයේ (17) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කීයා සිටියේය.

ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බවතමාගේ හැඟීම බවද ඔහු එම නිවේදනය මගින් අවධාරණය කර තිබිණ. 

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රීලනිපයේ ප්‍රධානියකු සභානායක ලක්ෂමන් කිරිඇල්ල ගෙන් කල විමසීමේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉදිරි දින කිහිපය තුල දී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ඒගැන තීන්දුවක් ගන්නා බවයි. ''බොහෝවිට අපේ අපේක්ෂකයා කරු ජයසුරිය කතානායකතුමා වේවි'' ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව එම ශ්‍රීලනිප ප්‍රධානියා, ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි කතානායක කරු ජයසුරිය ගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ බොහෝ දෙනෙකුගෙන් ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත්ව ඇතිබවයි.  එහෙත් පක්ෂයේ පොදු එකඟතාවයෙන් තොරව තමා කටයුතු නොකරන බව කතානායකවරයා එහිදී පවසා ඇත.

 

රනිල් නායකත්වය රැකගැනීමේ සටනක!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය සම්බන්ධයෙන් ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 'රාවය' පුවත්පතට පසුගිය දා ලියු දේශපාලන විග්‍රහයක සඳහන් වන්නේ, තමන් නායකයාව සිටිය දී තමන් හැර වෙනත් ‘එජාප’ සාමාජිකයකුට ජනාධිපති වීමට වික්‍රමසිංහ ඉඩකඩ විවර කරාවියැයි කිසිඳු ලෙසකින් විශ්වාස කළ නොහැකි බවයි.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේද සඳහන් කර තිබේ.

''කරු ජයසූරිය මහතාව එජාපෙ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ අපේක්ෂාව මුල සිට ම තිබුණේ 2015 වෙනසට බරපතළ ලෙස දායක වූ සිවිල් සංවිධාන ජාලයටය. එය ආරම්භ කළේ වික්‍රමසිංහ එජාප නායකයාගේ පූර්ණ ආශිර්වාදයෙන් යැයි සිතිය නොහැක. එහෙත් ඔහුගේ බරපතළ විරෝධය මධ්‍යයේ යැයි ද විශ්වාස කළ නොහැක.

“රනිල් එජාපයේ වෙනත් අයෙකුට අනුමැතිය දෙන්නේ නම්, ඒ කරු” යන අනුමාන ඥානය ද එහිදී බලපාන්නට ඇතැයි සිතිය හැක. අනෙක් පැත්තෙන් මෙම සිවිල් සංවිධාන උත්සාහ දරනු ඇත්තේ කරු පොදු අපේක්ෂකයෙකු කිරීමටය. එය සාර්ථක වන්නේ නම් සහ ජයසූරිය කතානායකවරයා ජනාධිපති අපේක්ෂකයා වුවහොත් එසේ වන්නේ එජාප සාමාජිකත්වයෙන් ඉවත් වූ අයෙකු ලෙස විය හැකිය.

එයින් වික්‍රමසිංහ එජාප නායකයාට අවස්ථා දෙකක් උදාවන්නේ යැයි විශ්වාස කළ හැකිය.sep 18 Text 6

පළමුව ඔහු එජාප නායකයා ලෙස කැමති වන්නේ ඔහු ඉක්මවා එන එජාපයේ වෙනත් අයෙකුට නොව ඉන් ඉවත් වූ පිටස්තරයෙකුටය.

දෙවනුව අපේක්ෂකයා වන කරු යනු එජාපයෙන් 18ක් රැගෙන මහින්දගේ ආණ්ඩුවට ගිය අඛණ්ඩව එජාපයේ රැඳී නොසිටි එජාප සාමජිකයා නොවන්නේය.

මේ නිසා සිවිල් සංවිධාන පැතුම ඉටු වී කරු ජනාධිපති වුවහොත් එජාප නායකත්වයට කිසිදු බලපෑමක් නොවනවා සේම ඔහු පරාජය වුවහොත්, එසේ පරාජය වන්නේ එජාප සාමාජිකයෙකු ලෙසද නොවන්නේය.

අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාසගේ නැගී සිටීම පාලනය කිරීමට ද මාවතක් විවර වන්නේය.''

 

සබැඳි පුවත් :
ජවිපෙ සහය ලැබුනොත් එජාපෙ අපේක්ෂකයා කරු!

අවසන් බලාපොරොත්තුව : රනිල්, ආශු හරහා 'මුට්ටියක්' දමා බලයි! (වීඩියෝ)

රනිල්ගේ යෝජනාවට අනුර බෑ කියයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්