ජනතා විමුක්ති පෙරමුණේ හා සිවිල් සංවිධානවල සහය ලබාගත හැකි බව සහතික කරන්නේ නම්,

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය කතානායක කරු ජයසූරියට ලබාදීමට සුදානම් බව එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සිය නියෝජිතයකු මගින් කරු ජයසූරියට දැනුම් දී ඇත.

පෙරේදා (11) දිනයේ කතානායකවරයා හමුවී එම දැනුම්දීම කර ඇත්තේ, අගමැතිවරයාගේ සමීප හිතවතකු වන දිනේෂ් වීරක්කොඩිය.

එහිදී ඔහු කොන්දේසියක් ද ඉදිරිපත් කර ඇත. ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයකු ඉදිරිපත්විය යුතු බව එම කොන්දේසියයි.

එම කොන්දේසියට එකඟවී ඇති කරු ජයසුරිය, දිනේෂ් වීරක්කොඩි ඉදිරිපිටම ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට දුරකථන ඇමතුමක් ලබාදී වහාම ඔහුව හමුවීමට අවශ්‍ය බව දැනුම් දී ඇති බවත්, මේදිනවල කොළඹින් බැහැරව සිටින බව ජවිපෙ නායකයා පවසා ඇති බවත් වාර්තාවේ.

 

ජවිපෙ ස්ථාවරයේ වෙනසක් නැහැ !

Anura Disanayake

එම කාරණයේ ඇත්ත නැත්ත විමසීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප දරු උත්සාහය අසාර්ථක විය.

කෙසේවුවද ඒ සම්බන්ධයෙන් ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුයේ, කතානායක කරු ජයසුරිය පෙරේදා දිනයේ කිහිපවරක් ම තම පක්ෂ නායකයාට දුරකථන ඇමතුම් ලබාදී තිබු නමුත්, ඊට වැඩියමක් තමන් නොදන්නා බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කරු ජයසූරියට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අප කල පැහැදිලි කිරීමේ දී ඔහු දැඩිලෙස කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය සමග කිසිඳු අකාරයේ ගනුදෙනුවකට ජවිපෙ සුදානම් නැති බවයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස අනුර දිසානායක මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ම ඉදිරිපත්වන බව ඔහු අවධාරණය කර සිටියේය. ඒ ගැන කිසිඳු ලෙසක දෙගිඩියාවක් ඇතිකර නොගන්නා ලෙස ද ඔහු අවධාරණය කළේය.

 

කරු සක්‍රිය වේ! රාවය කියයි.

මේ අතර 'රාවය' පුවත්පත අද (13) වාර්තා කර ඇත්තේ, එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අවසානයේ කතානායක කරු ජයසූරිය නම් කරනු ඇතැයි එජාපෙට හිතවාදී සිවිල් සංවිධාන දැඩි විශ්වාසයකින් පසුවන බවයි. මේ  සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඊයේ කථානායකවරයා හමුවී සාකච්ඡාවක්ද පවත්වා ඇත.

එජාපයෙන් ඉවත්ව, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු ඉදිරිපත් විය යුතුය යන මීට පෙර තිබූ මතය සිවිල් සංවිධාන දැන් ඉවත් කරගෙන ඇති අතර ඒ වෙනුවට ජනාධිපති ධූරය ලැබුණු සැණින් නිර්පාක්ෂික වීම ආදේශ කර ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකාරියයෙකු පැවසුවේ, කතානායකවරයාද පෙරට වඩා මේ සඳහා ක්‍රියාශීලී වන බව පෙනෙන්නට තිබෙන බවය.

එහෙත් රනිල් වික්‍රමසිංහට හා සජිත් ප්‍රේමදාසට මීළඟ ආණ්ඩුවේ ලැබෙන ස්ථාන පිළීබඳ පැහැදිලිවීම හා ඔවුන් ඊට එකඟ වීම අවශ්‍ය කරුණු බවට පත්ව ඇතැයි ද ඔහු කීය.

 

කරු ආවත් සජිත් එනවා !

කෙසේවුවද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රකාශකයකු theleader.lk කළ විමසීමක දී පැවසුයේ, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ම ඉදිරිපත්වන බවයි.

ජනාධිපති අපේක්ෂකත්වයට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල තරඟයක් මතුවුනොත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ ඡන්දයකට ඉදිරිපත්වීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දැනටම තීරණය කර ඇතැයි ඔහු අවධාරණය කර සිටියේය.

 

සබැඳි පුවත් :

රනිල්-සජිත් සාකච්ජාවට ගෙනා දිනේෂ්, රාජපක්ෂලාගේ 'පිල්ලියක්' ද ?  කරු ආවත් සජිත් එනවා !

රනිල්-සජිත් සාකච්ජාවට දිනේෂ්ව වැද්දගත්තේ ඇයි? - එජාප ජ්‍යෙෂ්ඨයින් විමසති

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්