ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු හතරක සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර පරිපාලන නිලධාරීන් පත් කර ඇතැයි සති අන්ත ජාතික

පුවත්පතක්  වාර්තා කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සිටි විශ්‍රාමික ජෙනරාල් කේ.බී. එගොඩවෙල තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපති කාර්යාලයට නව පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු පත්කර ඇතත්, ඔවුන් පත්කර ඇත්තේ කාර්යාල පරිපාලනයට අදාල රාජකාරි සඳහා බවයි.

කිසිඳු හමුදා නිලධාරියකු ඔවුන් සිදුකල රාජකාරිවලින් ඉවත්කර හෝ ඒ වෙනුවට වෙනත් අය පත්කර නොමැති බවද එම නිලධාරියා සඳහන් කළේය.

එමෙන්ම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල නව පත්වීම් යටතේ ප්‍රවාහන අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇතැයි අදාල පුවත්පත් වාර්තාවේ සඳහන්ව ඇතත්, ඔහු ජනාධිපති කාර්යාලයේ දරනු ලබන්නේ අතිරේක ලේකම් ධුරයක් වන අතර එම ධුරයේ කිසිඳු වෙනසක් සිදුකර නැතැයි ද ජනාධිපති කාර්යාල  නිලධාරියා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ සිදු කල නව පත්වීම් යටතේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ නීතීඥ චමින්ද කුලරත්න ජනාධිපති අතිරේක ලේකම් ධූරයකට පත් කර ඇත.




Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්