ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමෙන් දස දහස් ගණනකගේ ඡන්ද ලියාපදිංචිය අතහැරී ඇති බවට දකුනෙන් චෝදනා එල්ල වද්දී, දිනපතාම

පාහේ ආණ්ඩු විරෝධී අරගල දියත් කෙරෙන යාපනයේ ජනතාවට ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ අගය කියා දීමේ වැඩ සටහනක් ක්‍රියාවට නංවා තිබේ.

''ඔබේ ඡන්දය රටේ අනාගතයයි. ඔබගේ ඡන්ද බලය රැක ගැනීමට නොවරදවාම ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වන්න'' යනුවෙන් සදහන් මැතිවරණ කොමිෂන් සභාවේ බැනරය පෙරටුකරගත් ජනතාව පා පැදි වලින් ගමන් කරමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයට එක්ව ඇත.

පෙබරවාරි 22 වැනි අගහරුවාදා උදෑසන හතයි තිහට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් හා කොඩිකාමම් බස් නැවතුම්පොළ ඉදිරිපිටින් පා පැදි වල නැග ගමන් ඇරඹු කණ්ඩායම් දෙකක් චාවකච්චේරිය දුම්රිය පොළ දක්වා ගමන් කොට එතැන සිට තෙන්මාරච්චි සංස්කෘතික ශාලාව දක්වා ගමන් කර තිබේ.

එහිදී ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම පිලිබදව දැනුවත් කිරීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වු බව යාපනයේ වාර්තාකරුවෝ පවසති.

ජනතාව දැනුවත් කිරීමේ පෙළපාලිය සදහා යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් සහ අතිරේක ලේකම්වරුන්, දිස්ත්‍රික් සහකාර ඡන්ද කොමසාරිස්, ග්‍රාම නිලධාරීවරුන්, පාසල් සිසුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව ඔවුහු වැඩි දුරටත් පවසති.

02 8jaffna w


කීර්ති ගෙන් මැකො සභාපති ට ලිපියක්


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා වෙත ලිපියක් යොමු කරමින් 'කැෆේ' සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති පෙබරවාරි 21 වැනිදා දැනුම් දී තිබුනේ ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමියන් ලියාපදිංචිය සිදු කිරීමෙන් දස දහස් ගණනකගේ ඡන්ද ලියාපදිංචිය අතහැරී ඇති බවයි.

2022 වසර සඳහා ඡන්ද ලියාපදිංචියේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් හිටපු මැතිවරණ නිරීක්ෂකයා සභාපතිවරයාගෙන් ඉල්ලා තිබුනි.

2021 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අලුතෙන් ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති අතර දිස්ත්‍රික්ක මට්ටමින් ශුද්ධ ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම පැහැදිලි අපගමනයක් පෙන්වන බවද එම ලිපියේ සදහන්ව තිබුනි.

''ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබූ 2021 ඡන්ද හිමි නාම ලේඛනය මගින් එහි අපේක්ෂිත අරමුණ සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.  එසේ තිබිය දී, 2022 නාම ලේඛනය ද එලෙසම සැකසීම පුදුමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්වජන ඡන්ද බලය අහිමි කිරීමකි. ''

මැතිවරණ කොමිසම මගින් ක්‍රියාත්මක ඔන්ලයින් ක්‍රමය අසම්පූර්ණ වීමට හේතුද පෙන්වා දෙමින් රජිත් කීර්ති තෙන්නකොන් එම ගැටළුව විසඳා ගැනීම වෙනුවෙන් යෝජනා හතක්ද මැතිවරණ කොමිසමේ සභාපති වෙත ඉදිරිපත් කර තිබුනි.

එම යෝජනා මෙසේය.


1. ග්‍රාම නිලධාරීන්ගේ සමිති සහ මැතිවරණ කොමිසම අතර ‘සම වේදිකාවක‘ දී මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම. එකිනෙකාගේ බලය පෙන්වීම වෙනුවට ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීම සඳහා නම්‍යශීලිවීම

2. ග්‍රාම නිලධාරීන් වෙනුවට විකල්පයක් ලෙස, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන සහායකවරුන් මගින් පෝරම බෙදාදීම/රැස්කිරීම

3. තරුණ ප්‍රජාව ඉලක්ක කර සමාජ මාධ්‍ය මගින් මහා පරිමාණ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම  

3. ශබ්දවාහිනී යොදා ගනිමින් ගමින් ගමට තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුලත්වන්නේ ද යන්න පරීක්ෂා කරන ලෙස දැනුවත් කිරිම හා එසේ නොමැති පුද්ගලයින්ට පෝරම බෙදාදීම  

4. විනිවිදභාවයක් සහිත යාන්ත්‍රණයක් ඇතිකර, පළාත් පාලන නියෝජිතයින් (ගමේ මන්ත්‍රීවරුන්) සහ පරාජිත අපේක්ෂකයින් මගින් පෝරම බෙදාදීම (ඡන්දහිමි නාමලේඛනයේ පිටපත් පලාත් පාලන නියෝජිතයින්ට ලබාදීම)  

5. පාසල් දරුවන් මගින් නිවෙස්වලට ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කිරීම පිළිබඳ දැනුවත් භාවයක් ලබාදීම/පෝරම බෙදාදීම

6. කෝවිඩ් මර්ධනය, කාබනික කෘෂිකර්මයට යොදාගත් අයුරින්ම ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක බලකා යොදා ගැනීම

7.  සිවිල් සංවිධාන, මරණාධාර සමිති, තරුණ හා ක්‍රීඩා සංගම් යොදා ගැනීම



සිය ලිපිය මගින් මැතිවරණ කොමිසන් සභවේ සභාපති නිමල් පුංචිහේවාගෙන් ඔහු වැඩි දුරටත් ඉල්ලා තිබුනේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරුන් ගේ සහාය නැවන ලබා ගැනීමටත්, ඔවුන්ට සුදුසු දීමනා ලබාදීම අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට කටයුතු කරන ලෙසයි.



සබැඳි පුවත් :


18+ දහ දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කරලා !

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්