රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග මතු වූ යුද ගැටුම තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළිත් වරක් කඩා වැටිය හැකි බවට අනතුරු ඇඟවීම් පළවෙමින් තිබේ.


කොවිඩ් වසංගතය සමයේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය දැන් යළිත් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර රුසියානු ජාතිකයින් ද විශාල පිරිසක් සිටිති.

එහෙත් "Sandeshaya by Saroj" නාලිකාව සමග අදහස් දක්වමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහමඩ් රූමි කියා සිටියේ යුක්රේන යුද ගැටුම දිග ඇදුනහොත් සංචාරක කර්මාන්තයට පමණක් නොව තේ කර්මාන්තයට ද බරපතල බලපෑමක් එල්ලවිය හැකි බවය.

සිය අසල්වැසි යුක්රේනයේ ජනාධිපතිවරයා දැඩි බටහිර ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන කුපිත වී සිටින රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින්, රුසියාවට ලැදි නායකයෙකු පත්කර ගන්නා තුරු යුක්රේනයට විවිධ ලෙසින් බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව ද කීව් අගනුවර උසස් අධ්‍යාපනය නිමා කළ ආචාර්ය මොහමඩ් රූමි පැවසීය.  



යුක්රේනය ජාතිකයින් 1500ක් ලංකාවේ !


මෙරටට මෙරට සංචාරයට පැමිණි යුක්රේන් සංචාරකයින් 1500කට වැඩි පිරිසක් මේවනවිට එරටට යාමට නොහැකිව අසරණව සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව තුල මේවනවිට රැඳී සිටින එවැනි යුක්රේන් සංචාරකයින් 500ක් පමණ මෙරටට පැමිණ ඇත්තේ පෞද්ගලික ගුවන් යානයකිනි.

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාරය හමුවේ යුක්‍රේනයට සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දමා තිබීම නිසා ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන් සංචාරකයන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටිති.

ඔවුන්ට සිය රට බලා පිටව යාමට හැකියාවක් නොමැති කම හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාවේ ගත කිරීමට සිදු වී තිබේ.

එම කාලය කොතෙක් දැයි නොදන්නා අතර දැනටත් යුක්රේනයේ සිටින සිය ඥාති හිතවතුන් සම්බන්ධයෙන් ද ඔවුන් කම්පනයකට පත්ව සිටි.

යුක්රේනයේ පවතින තත්වය මත එහි සිටින අය වෙත දුරකතන හෝ අන්තර්ජාල මාර්ගයෙන් හෝ සම්බන්ද වීම ඉතා අසීරු වී ඇත.

කෙසේවුවද එම යුක්රේන් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග දැනටමත් කටයුතු කර තිබේ. මෙරටට යුක්රේන් සංචාරකයින් ගෙවීමේ නියමු කාර්ය භාරයක් ඉටුකරනුයේ උදයංග වීරතුංග යි.


යුක්රේනයෙන් පලා යන ශ්‍රී ලාංකිකයෝ  

 

මේ අතර කීව් අගනුවර සිට පෝලන්තය බලා පලා යමින් සිටින අතරවාරයේ "Sandeshaya by Saroj" නාලිකාව වෙත වීඩියෝ සටහනක් එවමින් ඉලන්කා රොද්‍රිගු පවසන්නේ අගනුවර බොහෝ දෙනා පෝලිම් ගැසී පලා යමින් සිටින බැවින් පැය හතකට ආසන්න කාලයක් මෝටර් රථයේ ගමන්කොට තමන්ට ගමන් කිරීමට හැකි වූයේ කිලෝමීටර් 40ක් පමණක් බවය.


 

Leader Whats app

 

   12

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්