යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ඉක්මනින් නිමාවන හැඩක් දකින්නට නැහැ.

පූතින්ගේ හමුදා අඟහරුවාදා යුක්රේනයේ දෙවෙනි විශාලතම නගරය හර්කීෆ් (හර්කොෆ්) නගරයටත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. යුක්රේනයේ ජනාධිපතිවරයා ඒ ප්‍රහාරය හැඳින්වුවේ යුද අපරාධයක් කියල.

රුසියානු සන්නද්ධ රථ කියෙෆ් අගනුවරට ලඟාවෙමින් ඉන්න අතරේ අගනුවර රූපවාහිනී විකාශන කුළුණටත් ප්‍රහාරයක් එල්ල වුනා.

ඔබට මතක ඇති මම දින කිහිපයක් තිස්සේ ඔබට වාර්තා කළා අගනුවර සිට දින හයක් මුළුල්ලේ පලා යමින් ඉන්න මා මිත්‍ර ලලිත් ප්‍රනාන්දු සහ ඉලන්කා රුද්‍රිගු සහ දරුවන් ගැන. හරියට නින්දක්වත් නැතුව ගෙවුණු දවස් පහකට පස්සේ ඔවුන් දැන් පෝලන්තයට ලඟාවෙලා ඉන්නවා.

ඒ අතරේ මට මට මතක් වුණා අගනුවර වාසය කළ මගේ තවත් මිත්‍රයෙක් ගැන. ඔහුත් උසස් අධ්‍යාපනය හමාර කරලා දැන් දශක ගණනාවක් ජීවත්වෙන්නේ යුක්රේනයේ.  

ඉතින් මම කෝල් එකක් දුන්න ගමන්ම ඔහු දුරකතනය විසන්ධි කළා.

ඒ එක්කම හැරෙන තැපෑලෙන් මට මැසේජ් එකක් එනවා, දැන් කතා කරන්න බෑ මම ඉන්නේ බංකරේක කියල.

ඉතින් මේ වීඩියෝවේ ඔබ දකින්නේ රාත්‍රියේ ඒ මිත්‍රයා බංකරේක හිරවෙලා ඉන්න වෙලාවේ වට්ස්ඇප් ඔස්සේ මා එක්ක කළ සංවාදය.

හර්කිෆ් නගරයේ හිරවෙලා ඉන්න චානුක සදෙව් පීරිස් ශිෂ්‍යගේ ඥාති සහෝදරකුත් මට කතා කළා. ඔහුට තානාපති කාර්යාලය කතා කරලා. ඒත් චානුකට නගරයෙන් එලියට යන්න විදියක් නැහැ.

දේශපාලන සහ සමාජ ක්‍රියාධර රංජිත් හේනායක ආරච්චි කියන්නේ ව්ලදිමීර් පූතින් ෆැසිස්ට්වාදී නායකයෙක් කියල. ඒත් යුක්රේනයෙත්, බටහිර රටවලත් හැසිරීම් ඔහු අනුමත කරන්නෙත් නැහැ.

ද්නිප්‍රෝ නගරයේ ඉන්න ව්‍යාපාරික සිසිර විජේසේකර නගරයේ ජනතාවගේ අදහස් පැහැදිලි කළා.

වීඩියෝව නරඹල ඔබේ අදහස කියන්න.

යුක්රේනය ගැන මේ වාර්තාවලට ඔබ කැමති නම් 'Sandeshaya by Saroj' නාලිකාව subscribe කරන්න.

(සරෝජ් පතිරණ)
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්