යුක්රේනයේ කියෙෆ් අගනුවරින් පලා ගිය ව්‍යාපාරික ලලිත් ප්‍රනාන්දු දින ගනනාවකට පස්සේ දැන් පෝලන්තයේ වෝර්සෝ අගනුවරට ලඟා වෙලා ඉන්නවා.

පෝලන්ත ජාතික ලලිත්ගේ මිතුරෙක් ඔහුට නොමිලේ නවාතැන් පහසුකම් දීල, කෑම බීමත් දීල දැන් ලලිත්ලා ටික දවසක් විවේකයෙන් ගත කරනවා.

ඒත් අනාගතය මොකක් වෙයිද කියල කවුරුත් දන්නේ නැහැ.

පෝලන්තයේ ලලිත්ගේ ව්‍යාපාරික සගයා කියන්නේ මේ ගැටුම තව අවුරුදු පහ, හයක් යාවි ඒ නිසා දැන් ඉතින් පෝලන්තෙට වෙලා ව්‍යාපාරයක් කරගෙන ඉන්න කියල. ඒත් ලලිත්ගේ නිවස තියෙන්නේ කියෙෆ් අගනුවර. දරුවෝ දෙන්න පාසල් ගියෙත් එහේ. පොඩි පුතා පවන් කිවුවේ හොඳම යාලුවා බංකරේක හිරවෙලා ඉන්නවා කියල.

මේ අතර ගාල්ලේ සංචාරක නිවාසයක හිටපු යුක්රේන ජාතික සංචාරක තරුණිය දාරියා ෆොනීනා, දෙමාපියන් රටින් පිටකර ගන්න පුලුවන්ද බලන්න සැමියත් එක්ක ඊයේ ස්පාඤඤයට ගියා.

ඔවුන් හිටියේ මගේ පාසල් මිත්‍රයෙක් වන රාජිත විජේනායක ගේ සංචාරක නිවහනක. රුසියානු ආක්‍රමණයෙන් පස්සේ රාජිත ඔවුන් දෙන්නට නොමිලේ නවාතැන් පහසුකම් දීල තිබුණ.

ලංකාවෙන් පිටවෙන්න ටික වෙලාවකට කලින් මම දාරියාට කතා කළා. ලංකාවේදී තමන්ට ඉතාමත්ම හොඳින් සැලකුව කියලඇය කිවුව. නමුත් ඇගේ දෙමාපියන් වගේම සැමියාගේ දෙමාපියනුත් යුද්ධයට කොටු වෙලා.

හර්කීෆ් නගරයේ සමීප මිතුරියක් ඉන්නවා කියල දාරියා මට කිවුව. බංකරයක හැංගිලා ඉන්න ඒ මිතුරිය කියපු විදියට රුසියානු ප්‍රහාරවලින් නගරයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මිය ගිහින්. අති විශාල පිරිසක් තුවාල ලබල. මුලින් කතා කළ දවසේට වඩා ඇයගේ ස්වරය සම්පූර්ණයෙන්ම වෙනස්. හඬේ තිබුනේ හරිම වෙහෙසකර, හැඬුම්බර ස්වභාවයක්.

යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ගැන 'Sandeshaya by Saroj' නාලිකාවට සරෝජ් පතිරණ ගෙන එන අලුත්ම වාර්තාව, මේ. 

Leader Whats app

 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්