leader s

ව්ලදිමීර් පූතින්ගේ යුක්රේන ආක්‍රමණයේ ආදීනව දැන් යුක්රේනයටයි රුසියාවටයි විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම දැනෙන්න පටන් අරගෙන.


බ්‍රිතාන්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දකින්න ලැබුන ඉහලම මිලට අද ඉන්ධන මිල ඉහළ ගිහින් තිබුන. අද දල වශයෙන් පෙට්‍රල් ලීටරයක මිල පවුම් එකයි ශත 70ක්. ඒ කියන්නේ පවුමක් රුපියල් 330ක් නම් අද බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 561 ක්.

පූතින් යුක්රේනය ආක්‍රමණය කරන්න කලින් පෙට්‍රල් ලීටරයක වැඩිම මිල තිබුනේ පවුමයි සත 40ක් විතර. ඒ කියන්නේ රුපියල් 462ක්. අද ඒක එකපාරටම රුපියල් 100 කින් ඉහල ගිහින්.

ඇත්තටම කොවිඩ් වසංගතය කාලේ පෙට්‍රල් ලීටරයක් මිල පවුමකට විතර වගේ අඩු වුනා. ඒ කියන්නේ එදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 250 ක් විතර වෙන්න ඇති. (මට එදා තිබුන රේට් එක මතක නෑ).

ඊට පස්සේ ලොක්ඩවුන් ඉවත් කළාම ඒක පවුමයි සත 20 කට වගේ වැඩි වුනා. අද ලීටරයක් පවුමයි සත 70 යි කියන්නේ ධනවත්ම රටක් වන බ්‍රිතාන්‍යයේ මිනිස්සුන්ටත් දරා ගන්න බැරි තරම් ඉහළම මිලක්.

ඉතින් ඔබ තාමත් හිතන්නේ මේ යුද්ධයෙන් රුසියාවේ හරි, යුක්රේනයේ හරි සාමාන්‍ය මිනිස්සු ජය ගනීවි කියලද?

ඔබ දන්නවද, කවුරු දිනුවත්, කවුරු පැරදුණත් මේ යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයෝ කවුද කියල?

වීඩියෝව නැරඹ ඔබේ අදහසත් කියන්න.

- සරෝජ් පතිරණ
('Sandeshaya by Saroj' නාලිකාව වෙනුවෙන්)
@ ලන්ඩනයේ සිට....

 

යුක්රේන ආක්‍රමණය: අහස උසට ඉහළ යන ඉන්ධන මිල 

 

මහින්ද උස්සලා බැසිල්ව පොළොවෙ ගසයි! | අද ගොසිප් එක

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්