leader s

බැසිල් රාජපක්ෂ තව දුරටත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වුවහොත් නැවත වතාවක් ජනාධිපතිවරණ නොපැවැත්වෙන බවත් මැතිවරණ සිතියම

තමනට වාසි සහගත අයුරින් හකුලා දමන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යය විමල් වීරවංශ එබව සඳහන් කලේ, සිරස “නිව්ස් ෆස්ට් යූ ටියුබ් ” නාලිකාව සමඟ ඊයේ (10) පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

රාජපක්ෂ පවුලෙන් පසුව මෙරට පවුල් දේශපාලනය මෙරටින් තුරන් වන බව අවධාරණය කළ විමල් වීරවංශ, නාමල් රාජපක්ෂගේ දේශපාලන සිහින පවා තවදුරටත් දේශපාලන සිහින බවට පමණක් පත්වන බවයි.

 අමෙරිකාවේදී කළු සල්ලි සුදු කිරීමේ වරදට හසුව ඇති බැසිල් රාජපක්ෂ අමෙරිකානු ඒජන්තයෙකු ලෙස තම කාර්ය භාරය නිවැරැදිව කරමින් සිටින බවද පැවසුවේය.

මෙරට ජනයා එකතුව මෙම මිනිසා පන්නා නොදැමුවහොත් ශ්‍රී ලංකාව නමින් රටක් ඉතුරු නොවන බවද විමල් විරවංශ අවධාරණය කළේය.


සම්පූර්ණ වීඩියෝව පහතින්…

 

 

ගෝඨා - විමල් යළි එක්වන ළකුණු! ! | අද ගොසිප් එක | The Leader TV

 
.
 



Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්