දිනෙන් දින කල් දමමින් තිබුණු ජනාධිපති හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ලංකා සංචාරය ආසන්න වෙත්ම  දින නියම කර තිබේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා සඳහා දෙවතාවක්ම කාල වේලාව වෙන්කර තිබුනද අවසන් මොහොතේ එම සාකච්ජා අවලංගු කෙරිණි.

''මාර්තු 15 වැනිදා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා. මේ සාකච්ජා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවට දැනුම් දුන්නා,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

මන්ත්‍රීවරයා පවසන ආකාරයට දෙවතාවක්ම අවසන් මොහොතේ අවලංගු කෙරුණු සාකච්ජා සඳහා ජනාධිපතිවරයා විසින් යළිත් දින නියම කර ඇත්තේ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයෙන් අනතුරුවයි.  


''ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා දීම, ආණ්ඩුව සම්පාදනය කරමින් සිටින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා උතුරු නැගෙනහිර පළාත් වලට අදාළ සංවර්ධන කටයුතු ගැන අපි මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.''


දෙමළ ජනයා බහුතරය වෙසෙන උතුරු නැගෙනහිර පළාත් වල ජනතාව සතු ඉඩම් ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයාට ලියු ලිපියට වසර දෙකක් ගත වුවද පිළිතුරු ලැබී නොතිබිණි.

ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලු දෙමළ දේශපාලන පක්‍ෂ මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගොස් පසුගිය දා උද්ඝෝෂණය කළහ.  

මෙම මස අවසානයේ කොළඹ පැමිණෙන ඉන්දීය අගමැති මෝඩි ජනාධිපති ගෝඨාභය මෙන්ම දෙමළ ජාතික සන්ධානයද හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බලය බෙදාහැරීම ඇතුළු දෙමළ ජනතාව පෙලන දේශපාලන ප්‍රශ්න සඳහා විසඳුම් දීම සඳහා මැදිහත් වන ලෙස TNA ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ හයක් ඉන්දීය අගමැතිගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.



සබැඳි පුවත් :
දෙමළ මන්ත්‍රීවරුන් මගහැරියේ 'සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් ජනාධිපති'


Leader Whats app

 

 

 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්