leader s

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂවරුන්ගේ අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙද්දී,  #LIKE RANIL නමින්

සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භවී තිබේ.

''කැමති වුනත් අකමැති වුනත්,... කැමති වෙන්න වෙන්නේ රනිල්ට..'' යන තේමාවෙන් යුතුව එම සමාජ මාධ්‍ය මෙහෙයුම ආරම්භ කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් විසිනි.

මේවනවිට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ සමාජ මාධ්‍ය කටයුතු මෙහෙයවනු ලබන්නේ මෙම #LIKE RANIL තරුණ කණ්ඩායමයි.


සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක්


UNP member 2022 1

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයෙන් අද (11) ආරම්භ විය.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක සහ පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ මුලිකත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම අද උදැසන සිට සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක බවඑම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.

මිට අමතරව රටේ පවතින වත්මන් අර්බුදය සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්ද මිට සමගාමිව සිදු කෙරේ.

මේ අතර සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හෙට දිනයේද ක්‍රියාත්මක වන බවත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා හෙට කිරුලපනේදී එම වැඩසටහනට සහභාගී වීමට නියමිත බවත් එජාප මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

UNP doc 2022.03.12 1

 



 {gallery}UNP 2022.03.12{/gallery}

 

 

Leader Whats app

 

 

 

 

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්