නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඊයේ (20) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින්

යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ.

ත්‍රිරෝද රථ රියැදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර අනතුරුව ආරවුල ඇතිකර ගත් යතුරුපැදිකරු ද ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුරු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ 29 හැවිරිදි යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්