1200 x 80 DMirror

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය සේවා කොමිෂන් සභා අනුමැතියෙන් ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලද අධ්‍යක්ෂ ජනරාල්වරයාව තවමත් හුදකලා කර රාජ්‍ය අමාත්‍යාංශයේ මුල්ලක තබා

ඇතැයි වාර්තා වේ.

දැනට සුදුසුකම් රහිතව එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරින් නිදහස් කොට විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලද අධ්‍යක්ෂ ජනරාල්වරයාට රාජකාරි පැවරීම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රැකගැනීමට වෙර දරන වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා එම අමාත්‍යාංශයේ මෙන්ම නාගරික සංවර්ධන අධීකාරියේද දැඩි පිළිකුලට භාජනය වූ නිලධාරියෙක් බව වාර්තා වේ.



අදාළ රාජ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙළ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉලක්ක කොට චක්‍රලේඛයක් නිකුත් කිරීමටද පසුගියදා කටයුතු කර තිබුණි.


දීප ව්‍යාප්ත සේවාවන් දුර්වල නොකර උසස්වීම් ලද නිලධාරින්ට අදාළ තනතුරුවල රාජකාරි භාර දෙන මෙන් එම චක්‍රලේඛය මගින් අවධාරණය කර තිබුණි.

තත්ත්වය එසේ වුවත් නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තව දුරටත් උත්සාහ ගනිමින් සිටින්නේ ‍‍රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දුව රිවස් කිරීම සදහායි.

තම හිතේෂිවන්ත නිලධාරියා තව දුරටත් අමාත්‍යාංශයේ තබා ගැනීම සදහා ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ මොහොත වන විටත් බලපෑම් කරමින් සිටී.

මෙය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උත්තරීතරභාවයට කරන ලද බරපතල අපහාසයක් බව රාජ්‍ය සේවා කොමිෂන් සභා නිලධාරින් ගේ මතය වී තිබේ.

මේ අතර නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( තාක්ෂණික) තනතුරට උසස්වීම් ලද විශේෂ ශ්‍රේණියේ නිලධාරියාට ද එම තනතුරේ වැඩ භාරගැනීමට මෙතෙක් අවස්ථාව සලසා දී නොමැත.


සබැඳි පුවත් :
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කුණු ඩිරෙක්ටර්ට පෙම් බඳී! සුදුසුකම් ලත් නිලධාරින් රැසක් හරවා යවති!

The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය