leader s

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සිටින සුදුසුකම් සපුරා නැති ඉංජිනේරුවරයකු නිසා විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබූ නිලධාරින්ට අදාළ තනතුරුවල වැඩ බාරගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය උදාවී ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය්‍යාංශය තුලයි.

මෙයට හේතු වී ඇත්තේ අමාත්‍ය්‍යාංශයේ ලේකම්වරයා විසින් උසස්වීම් ලද අදාළ නිලධාරින්ට පත්වීම් නොකරන ලෙස නියෝග කිරීමයි.

අදාළ ලේකම්වරයා විසින් ආරක්ෂා කරනු ලබන්නේ අමාත්‍ය්‍යාංශය තුල ඉතා අපකීර්තියට හා අප්‍රසාදයට පත්ව ඇති ඉංජිනේරුවරයෙකි.

මොහු නිසා අමාත්‍ය්‍යාංශයේ සේවකයින් ගණනාවක් වෙනත් අංශ කරා මාරුවීම් ලබා ගොස් ඇති අතර අවසන් වරට මොහුගේ රියැදුරු ද මොහු යටතේ සේවය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

යහපාලන සමයේ ජනාධිපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ මෙම ඉංජිනේරුවරයා අමාත්‍ය්‍යාංශයේ කුණු ව්‍යාපෘතිය සදහා ගෙන්වා ඇත්තේ නාලක ගොඩහේවා අමාත්‍යවරයා විසිනි.

අමාත්‍ය්‍යාංශය තුල නාලක ගොඩහේවා ඇමැතිවරයා ගේ ජනප්‍රියත්වය හීනවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ඉංජිනේරුවරයා බව පැවසේ.


Komisha sabawa 2022.03.16 1

 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු. 

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්