රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වන ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර ඇත.


මේ අනුව එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඒ සමුළුවට සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා (21) රාත්‍රියේ රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් සකස් කෙරුණු යෝජනාවලියක් ජනාධිපතිවරයාට දැනටමත් බාරදී ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න 'ලංකාදීප' පුවත්පතට පවසා තිබේ.



රටේ පවතින ප්‍රශ්නය විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි තම පක්ෂය මුලින්ම යෝජනා කළ බවත් ප්‍රමාදවී හෝ රජයේ එම තීරණයට පැමිණීම ගැන සතුටු වන බවත් නවරත්න ප්‍රකාශ කරයි. මේ ප්‍රශ්නය සියලු පක්ෂ එකතුවී විසඳිය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය යැයි අසංක නවරත්න වැඩිදුරටත් කියා සිටියි.




ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, හිටපු අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර සන්ධානය නියෝජනය කළ ද පසුගිය දින කිහිපයේ ඔහු එම සන්ධානයේ රැස්වීම වලට සහභාගී වී නොතිබිණ.

එම සන්ධානයේ නායකයින් පසුගියදා රැස්වී තීන්දු කර තිබුනේ තම සන්ධානය වෙනුවෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ දෙදෙනා පමණක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී විය යුතු බවයි.




සබැඳි පුවත් :
විමල්ලාගේ සන්ධානයේ අසංක නවරත්නට රාජ්‍ය ඇමතිකමක් !


 

The Leader TV අද වීඩියෝ


සාටකයෝ මකබෑවෙන්න කණ්නලව්වක් ! | මොණරවිලගේ ලියමන 

 ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක | The Leader TV

 
 

Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්