leader s

රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී අද (25) පස්වරු 3ට පැවැත්වේ.


"ර⁣ට ගොඩනැගීමේ දැක්ම" යන තේමාවෙන් සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිතය.

ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා වන මෙම සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන්නැයි ආරාධනා කෙරෙන අතර පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන් ට මෙම සත්‍යග්‍රහය විවෘත බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්