leader s

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


1936 ඔක්තෝබර් මස 04වැනි දින හගුරන්කෙත ග්‍රාමයේදී උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මියයන විට 86 වැනි වියෙහි පසුවූවාය.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ "රේඛාව" සිනමාපටය සඳහා ද රංගනයෙන් දායකවූ ඇය "ගොළු හදවත" ටෙලිනාට්‍යය සදහාද රංගනයෙන් දායක වූවාය.

ඇය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ගේ මෑණියන් ද වේ.

මල්ලිකා පිලපිටිය මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර අවමංගල්‍ය උත්සවය සඳුදා (28) පස්වරු 4.00ට බොරැල්ල සුසාන භුමියේ දී සිදුකිරීමට නියමිතය.

 

image 022569ff9e

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්