leader s


ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අතිශය බරපතල ආර්ථික අර්බුදය හමුවේ සැබෑ ආහාර හිඟය මතුවනු ඇත්තේ නුදුරු අනාගතයේදී බව පරිසරවේදිනියක් පවසයි.

රටේ පවතින තත්වය දැඩි විවේචනයට ලක්කරන කාන්තා සහ ළමා හිමිකම් ක්‍රියාකාරිනියක ද වන කැරිල් ටෝසර් පවසන්නේ, මෙය ආණ්ඩුව හිතාමතාම නිර්මාණය කළ අර්බුදයක් දැයි තමන්ට සැකයක්ද මතුවන බවය.

රටේ පවතින්නේ විදේශ විනිමය හිඟයක් නම් සිමෙන්ති මිල දෙගුණ වූයේ කෙලෙස දැයි ඇය ප්‍රශ්න කළේ "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමිනි.

"අපි හිඟාකන්න බංග්ලාදේශයට පවා ගියා. එතකොට බංග්ලාදේශයේ කොවිඩ් තිබුනේ නැද්ද?," යනුවෙන් ද කැරිල් ටෝසර් ප්‍රශ්න කරන්නීය.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට මඟ පෑදුනු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දී ඉන් අනතුරුව "බොරුවට බැසිල්ට බනින" බවට ඇය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු ඇමතිවරුන්ට චෝදනා කරන්නීය.  

සම්පූර්ණ සාකච්ඡාව

The Leader TV අද වීඩියෝ 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්