දොළොස් වසරකට පෙර උඩින් බිමින් පහර දෙමින් මුල්ලිවයිකාලේදී කළ වර්ග සංහාරයේ පලවිපාක දකුණේ සිංහල ජනතාවට අද අත්විදින්නට සිදුවී ඇති බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.


රටේම ජනතාව ගොදුරු වී ඇති අගහිඟකම් වසර විස්සක් තිස්සේ රජය විසින් දෙමළ ජනතාව මත පටවා තිබූ බවද එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සිහිපත් කරයි.

''මුල්ලිවයිකාල්වලදී කන්න බොන්න දෙයක් නැතිව හාමතේ පෝලිම් වල ඉඳන් කැඳ බොන්න ගිය කුඩා ළමයි, ගර්භනී මාතාවන්ට බෝම්බ ගහලා මරා දැම්මේ ජනාධිපති හා අගමැතිගේ අණින්. ඒ කරුමය තමයි අද සිංහල ජනතාව පෝලිම් වල ඉඳන් විඳවන්නේ,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පවසයි.

ඉඩම් සංවර්ධන පනතට එක් කළ සංශෝධන ගැන පාර්ලිමේන්තු විවාදයේ දී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කියා සිටියේ,  අද රටේ ඩීසල්, පෙට්‍රල්, ගෑස්, පාන්, කිරිපිටි හා බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයක් පවතින නිසා ජනතාවට පෝලිම් වල දිගු කාලයක් රැඳී සිටින්නට සිදුව ඇති බවයි.


''දෙමළ ජනයා හැටියට අපි  ආර්ථික අර්බුද, සම්බාධක අවුරුදු විස්සක් පුරා අත්විඳ තියෙනවා''


සිමෙන්ති කවර පත්තර කඩදාසි අර්බුදය හේතුවෙන් විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි නිසා මේ වන විට ආණ්ඩුව විසින් සියලු විභාග කල් දමා ඇති අතර පුවත් පත් මුද්‍රණයෙදී  ඒවායේ පිටු ප්‍රමාණය අඩු කිරීමට ද පියවර ගෙන තිබේ.


இலங்கை அரசால் சிறுவர்கள் பலர் படுகொலை செய்யப்பட்டனர் - சிறிதரன் - தமிழ்க்  குரல்


''ඉන්දීය හමුදා උතුරු නැගෙනහිරට ආවට පස්සේ ආර්ථික තහංචි නිසා `ප්‍රින්ටින්`කඩදාසි හිඟයක් තිබ්බා. ඒ වෙලාවේ `ෆුල්ස්කැප්`කොළ වල තමයි විභාග ප්‍රශ්න පත්‍ර `ප්‍රින්ට්` කළේ. පත්තර අච්චු ගැහැව්වෙත් `ෆුල්ස්කැප්' වල නැත්නම් සිමෙන්ති බෑග් කවර වල. දිගටම මේ තත්වය උතුරු නැගෙනහිර තිබ්බා. විදුලිය කොහොමත්ම නැහැ,''යැයි ශ්‍රීධරන් සිහිපත් කරයි.



''අපි අවුරුදු 20 ක් විතර මුහුණ දුන්නු ආර්ථික අර්බුද, තහංචි වලට අද සිංහල ජනතාව මුහුණ දෙනවා. වරු ගණන් පෝලිම් වල හිට ගෙන ඉඳලා මැරී වැටෙනවා. ඒ ගැන අපිටත් දුකයි. ඒත් මේ පඩිසන් දෙන්නේ අපේ ළමයි ගැහැණු බෝම්බ ගහලා මරා දමපු ජනාධිපතිගේ අගමැතිගේ කරුමේ''

විමුක්ති කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පාලන බල ප්‍රදේශ වල කෙතරම් ආර්ථික සම්බාධක ආණ්ඩුව විසින් පනවා තිබුන ද කිසිවෙක් කුසගින්නේ පෝලිම් වල ගොස් මිය දී නොවැටුණු බවද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

''අද සිටින නායකයන්  සිංහල ජනතාව විසින්ම පත් කර ගත්තු අය. ඒත් ඒ නායකයෝ සිංහල ජනයා ගැනවත් හිතන්නේ නැහැ. ඔවුන්ම පත් කර ගත්තු නායකයෝ මිනිස්සු පාරේ වැටිලා මැරෙන තත්වයක අර්බුදයක් හදලා දීලා.''

''ප්‍රභාකරන්ගේ කාලේ උතුර හොඳට තිබ්බා කියලා හමුදාවේ අය කියනවා. ප්‍රභාකරන්ට රට බාර දෙන්න තිබ්බේ කියලා සිංහල කාන්තාවෝ දැන් කියනවා.''

 


 

The Leader TV අද වීඩියෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්