රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් පොදු සම්මුතියකට යායුතුම බවට

සජබ, ශ්‍රීලනිප, එජාප සහ ටීඑන්ඒ නායකයෝ සහ මාධ්‍යවේදීන් පිරිසක් එකම වේදිකාවකදී එකඟ වෙති.

ආර්ථික හා සමාජීය වශයෙන් රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා මේ රටේ සියලුම දේශපාලන බලවේග පොදු සම්මුතියකින් යුතුව පෙළ ගැසිය යුතුව ඇතැයි සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන ප්‍රමුඛ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා එකම වේදිකාවකදී ප්‍රකාශ කළේය.

ඔවුන් මෙම අදහස පළකරන ලද්දේ 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මගින් පසුගිය ඉරුදින (27) සංවිධානය කරන ලද 'කතිකාව' සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් ද සහභාගි විය.

පැමිණ සිටි සියලු දෙනාගේ ඒකමතික මතය වූයේ මෙම අවුල් වියවුල් 20 වැනි සංශෝධනය නිසා ඇති වූ බවය. එම නිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පූර්ණ බලය පැවරීම හා 20 වැනි සංශෝධනය බලරහිත කිරීමෙන් ගැටලු රාශියක් නිතැතින්ම විසඳන බවට මත පළ විණ.



මෙම ක්‍රියාදාමයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැනි මධ්‍යස්ථ මධ්‍යස්ත මත හා උපදෙස් ලබා ගැනීම වඩා ප්‍රයෝජනවත් බව වික්ටර් අයිවන් මෙහිදී යෝජනා කර සිටි අතර එම යෝජනාවට ද සහභාගි සහභාගි වූවන් ගේ එකඟත්වය ලැබිණි.




''පොදු එකඟත්වයකින් යුතුව වැඩ කිරීමට කාලය ඇවිත්'' - දයාසිරි

daya''අද වන විට ආණ්ඩුව අසමත් වී ඇති බව ඉතාම පැහැදිලිය. එය වෙනම කාරණයක්. ඇත්ත ප්‍රශ්නය එය නොවේ. රට අසමත් භාවයකට පත්කර තිබෙනවා. එය වහාම වළක්වාගත යුතුයි. ඒ සඳහා මේ රටේ සියලු දේශපාලන බලවේග පොදු සම්මුතියකට පැමිණිය යුතුයි. අප සාර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳව වන අදහස ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ඒ නිසයි'' ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම සංවාදයේ දී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට අප යෝජනා 22ක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11 නායකයන් එකට එක්වී මේ ගැන සාකච්ඡා කළා. එයින් පසුව ඇති වූ තත්ත්වය රටම දන්නවා. ඇමතිවරු දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කළා. කෙසේ නමුත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළේ එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිපය සමග එක්ව එම ගැටලුව සමහන් කර ගැනීමට හැකියැයි හිතපු නිසා වෙන්න පුළුවන්. නමුත් අප එහෙම හිතන්නේ නැහැ.

කොහොම නමුත් එම සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ප්‍රකාශයක් කළා. ඒක වැරදියි. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා සමග වාදයක් ඇතිවුණේ. ඒ නොවිය යුතු තත්ත්වයක්.

කොහොම නමුත් අද අපට පොදු එකඟත්වයකින් යුතුව වැඩ කිරීමට කාලය ඇවිත්. එක් එක් දේශපාලන පක්ෂ වෙන වෙනම දේශපාලනය කළාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් රට වැටී ඇති මෙම ප්‍රපාතයෙන් ගොඩ ගන්නට නම් සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් පොදු එකඟත්වයකට පැමිණිය යුතුමයි. ''




''ශ්‍රී ලංකාවට විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙනවා'' -එම්.ඒ. සුමන්දිරන්

sumaමෙම සංවාදයේ දී අදහස් දැක්වූ දෙමළ ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මෙසේ පැවසිය.

''අද රට වැටී ඇති තත්ත්වයට විසදුමක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවට විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙනවා. මුහුණදී ඇති අභියෝගයේ ගැඹුර සලකලා ඒ අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා උත්සාහ කරන ඕනෑම අවකාශයකදී ඊට සහය දෙන්න දෙමළ ජාතික සංධානය සූදානම්. ඒ නිසයි අප සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙන්නට තීරණය කළේ.

මෙහිදී අප අවධාරණය කරන්නේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුවට හිමි විය යුතු බවයි. එහෙම කළොත් විතරයි පොදු සම්මුතියක් අනුව කටයුතු කළ හැකි වන්නේ.



''මේ අර්බුදය ඇති කළේ ආණ්ඩුව යි '' - සජබ මහ ලේකම්

dhhjhjඑහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙසේ පැවසිය.

'' අද තියෙන්නේ මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්තම අර්බුදයයි. එවැනි තත්ත්වයක ඇයි අප ජනාධිපතිවරයා කැඳවපු සර්ව පාක්ෂික සමුළුවට ගියේ නැත්තේ. එයට මා ප්‍රථමයෙන්ම පිළිතුරු දෙන්නම්.

මේ අර්බුදය ඇති කළේ ආණ්ඩුව විසිනි. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වැරදි තීරණ ඊට හේතුවෙලා තියෙනවා. එයට හේතුව ආණ්ඩුව තුළ ද පොදු එකඟත්වයක් නොමැති වීමයි. ඒ බව අද හොඳටම පැහැදිලියි. ඒ නිසා ප්‍රථමයෙන්ම ආණ්ඩුව පොදු එකඟත්වයකින් වැඩ කළ යුතුයි. එතකොට අපට අපේ අදහස කියන්න පුළුවන්.

අප පෙනී සිටින්නේ ආණ්ඩුව වෙනුවෙන් නොවේ. රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන්. ඒ අනුව ඒ සඳහා පෙනී සිටින සෑම බලවේගයක් සමගම එක්ව පොදු එකඟත්වයකින් වැඩ කරන්න අප සූදානම්. එහිදී මූලිකත්වය ගත යුත්තේ පාර්ලිමේන්තුවයි.

 නමුත් අද මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාර්ලිමේන්තුව නොතකා කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පාර්ලිමේන්තුවට නොදන්වා ජාත්‍යන්තරය සමග ඇති කර ගනිමින් තිබෙන රටට අහිතකර ගිවිසුම් ගැන කිසිවක්ම නොකියන තත්ත්වයක් තුළ අප කොහොමද ඔවුන් සමග එකට වැඩ කරන්නේ.



ආණ්ඩුව ඒකාධිපති විදිහට කටයුතු කරද්දී, අනීතික උපක්‍රම යොදා ගනිමින් විපක්ෂයේ ක්‍රියාකාරීන්, මර්දනය කරත්දී අප කොහොමද ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ.



ඒ නිසා අද මේ ආණ්ඩුවෙන් පරිබාහිර සියලුම දේශපාලන බලවේග සමග එක්ව වැඩ කරන්න අප කිසි විටෙක පසු බට වෙන්නේ නැහැ. ඒ වගේම රට මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වන පොදු සම්මුතියක් ඇති කර ගන්නට අප හැම විටම සූදානම්. ඒ සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන බලවේගයන්ට අප ආරාධනා කරනවා.



''සියලු දේශපාලන බලවේග ඒක රාශී විය යුතුයි'' - එජාප මහ ලේකම්

ddddfgrrමෙම සංවාදයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් රංග බණ්ඩාර ප්‍රකාශ කළේ, රට මුහුණ දි ඇති මෙම අර්බුදයෙන් මිදීම උදෙසා සියලු දේශපාලන බලවේග ඒක රාශී විය යුතු බවයි.

 එසේ නොකළ හොත් දේශපාලනය කරන්නට රටක් ඉතුරු නොවන බව ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංග බණ්ඩාර මෙසේද කියා සිටියේය.

''අද මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඉතාමත්ම හිතුවක්කාරි විදිහට. ඒකෙන් වඩාත්ම පීඩාවට පත්වෙලා ඉන්නේ රටේ ජනතාව. ඒ නිසයි අප සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙලා රට වෙනුවෙන් කළ යුතු දේවල් පෙන්වා දෙන්නට උත්සාහ කළේ. නමුත් ඔවුන් එතැනදීත් කටයුතු කළේ ඉතාමත්ම හිතුවක්කාරී විදිහට. ආණ්ඩුවේ ප්‍රතිචාරවලින් ඒ බව හොඳටම පැහැදිලි වුණා.

අපේ ස්ථාවරය සියලුම දෙනා එකතු වෙලා මේ අර්බුදයෙන් රට ගොඩ ගත යුතු බවයි. ඒ සඳහා පොදු එකඟත්වයක් වෙනුවෙන් අප සෑම විටම පෙනී සිටිනවා. ඒ සඳහා කටයුතු කරනවා. එහිදී ප්‍රථම අරමුණ විය යුත්තේ ජනාධිපතිවරයාගෙන් රටේ මූල්‍ය පාලනය ඉවත් කර ගැනීම. එය පාර්ලිමේන්තුව මගින් පමණක්ම විය යුතුයි.



''ආණ්ඩු පෙරළියකින් පමණක් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ න.'' - 43 සේනාංකයේ නායක

dfgtyjkiklklමෙහිදී අදහස් දැක්වීමක යෙදුන 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක අවධාරණයෙන් සඳහන් කළේ අද වන විට මේ ආණ්ඩුව පෙරලීමට අපහසු නැතත් හුදු ආණ්ඩු පෙරළියකින් පමණක් රට මුහුණ දී ඇති ගැඹුරු ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවය.

එමෙන්ම රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට නම් පැහැදිලි දර්ශනයක් සහිත පොදු වැඩ පිළිවෙලකට මේ රටේ සියලුම දේශපාලන බලවේග යොමුවිය යුතුව ඇති බව ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ පැවසිය.

'' ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වගකීම් සහගතව අප කටයුතු කළ යුතු වෙනවා. ඒ මගින් මේ රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමිය යුතුමයි. එහෙම නොකර මේ රටට යහපතක් උදාකරන්න බැහැ. එහිදී රාජපක්ෂ පවුල හැර අනෙකුත් සියලුම දේශපාලන නායකයන් ඒකාරාශී කරගත් පොදු වැඩපිළිවෙළකට අප යොමු විය යුතුයි. එසේ කරන්නට අප අසමත් වුවහොත් මේ රට අති දැවැන්ත විනාශයක් කරා යොමු වීම වැළැක්විම නොහැකියි.




'මේ අර්බුදය විසඳීමට නොහැකි ප්‍රශ්නයක් නොවේ' - කරු ජයසුරිය


sdfetrhnමෙම කතිකාව සංවිධානය කළ 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති දේශබන්ධු කරු ජයසූරිය මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද මේ රට මුහුණ දී ඇති අර්බුදය විසඳීමට නොහැකි ප්‍රශ්නයක් නොවන බවය.

එහිදී හිටපු කතානායක කරු ජයසුරිය මෙසේද පැවසිය.

''එක් අවස්ථාවක ඉන්දියාවද මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නා. නමුත් එදා ඉන්දියාව ඉතාමත්ම නිවැරදිව සාමූහික ලෙස තීන්දු තීරණ ගැනීම තුළ එය විසඳා ගත්තා. එවැනි ප්‍රවේශයකට අප සියලු දෙනාම යොමු විය යුතු වෙනවා. එමෙන්ම එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරිය යුත්තේ පාර්ලිමේන්තුවටය.



රටේ බොහෝ ප්‍රශ්නවලට මුල පාර්ලිමේන්තුව නොතකා හැර තීන්දු තීරණ ගැනීමයි. ඒ නිසා මේ රටේ සියලුම දේශපාලන බලවේගවල අරමුණ විය යුත්තේ එක් පුද්ගල බලාධිකාරය අහෝසිකරමින් නැවත පාර්ලිමේන්තු සම්ප්‍රදායට යොමු වීමයි. ඒ සඳහා පොදු සම්මුතියකින් යුතුව පැහැදිලි වැඩ පිළිවෙළකට අප යොමු විය යුතුයි. කිසිඳු බල අරමුණකින් තොරව ඉතාමත්ම සද්භාවයකින් යුතුව අප ඒ සඳහා පෙනී සිටිනවා.



VAමෙම අවස්ථාවට එක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සඳහන් කළේ, අද මේ රට මුහුණ දී ඇත්තේ ආර්ථිකයට සීමා වූ අර්බුදයකට පමණක් නොවන බවය. මේ අර්බුදය ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක අත්කර දී ඇතත් එය මේ රටේ සමාජ දේශපාලන අර්බුදයේ එක් කොටසක් පමණක් වන බව ඔහු එහිදී අවධාරණය කළේය.

 එයට නිසි වැඩ පිළිවෙළක් මත පිළිතරුරු සොයා ගැනීමට අප අපොහොසත් වුවහොත් ඇති විය හැකි තත්ත්වය අතිබිහිසුණු විය හැකි බවත් ඔඅහු අවධාරණය කළේය.

''මේ අර්බුදය තමන් දකින්නේ කොහොමද කියලා ආණ්ඩුව මේ දක්වාම වගකීමකින් යුතුව කිසිම දෙයක් කියලා නැහැ. ඒ වගේම විරුද්ධ පක්ෂ තනි තනිව හෝ සාමූහිකව ඒ ගැන රටට කියලා නැහැ. නමුත් ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැක්කේ පවතින ආණ්ඩුවටයි.

 විරුද්ධ පක්ෂවලට එම කටයුත්ත භාර ගන්නට නම් ආණ්ඩු බලය ලබාගත යුතුයි. නමුත් මෙම ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ එවැන්නකට යොමු වීමේ හැකියාව ඉතාමත්ම සීමිතයි. මේක අප රටේ දේශපාලන ක්‍රමය මගින් ඇති කර ඇති අර්බුදයක් වන්නේ ඒ නිසයි.

ඒ නිසා පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් තොරව මේ අර්බුදයට සරල උත්තර නැහැ. ඒ සඳහා මේ රටේ සියලු දේශපාලනපක්ෂ හා කණ්ඩායම්  අතර එකඟත්වයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යයි. එසේ නොහැකි වුවහොත් රට අරාජික තත්ත්වයකට පත්විය හැකිය. 



එවැනි අරාජික තත්ත්වයකට රට පත්වුවහොත් ඒ තුළ විසඳා ගත නොහැකි ව්‍යවස්ථා අර්බුදයකට රට තත්ලුවේවි. එහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ රටක ඒකාධිපති පාලනයකට වඩා අරාජික පාලනයක් මගින් අති බිහිසුණු ප්‍රතිඵල අත්කර දිය හැකි බව යැයි ද වික්ටර් අයිවන් එහිදී පැවසීය.



මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිම්න්තු මන්ත්‍රී අශෝක අබේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක හා රණවීර පතිරණ ද  අදහස් දැක්වීය.

 

 


The Leader TV අද වීඩියෝ 

බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි! | The Leader TV 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්